පේ‍්‍රෂණ සබැඳි ජීවිත රක්ෂණ සැලසුමක් කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් මුල් වරට හඳුන්වා දෙයි

Remit Guardian launch

 




 

 

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව සංධිස්ථානයක් ඇති කරමින් කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එක්ව මෙරට පළමු පේ‍්‍රෂණ සබැඳි ජීවිත රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ.

මෙම නව ජීවිත රක්ෂණ සැලසුම ‘Softlogic Life Remit Guardian’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් එවන ගනුදෙනුකරුවන්ට මෙමගින් ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

ඉතාමත් කාලීන මෙම රක්ෂණ සැලසුම හඳුන්වාදීම පිළිබඳව සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම නිවේදනය කළේ ‘ComBank RemitPlus’ මගින් කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගිණුමකට පේ‍්‍රෂණ මුදල් එවන අවුරුදු 18 ත් 60 ත් අතර ගනුදෙනුකරුවන්ට මෙම සැලසුම 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා විශේෂ දීමනාවක් ලෙස ගාස්තු රහිතව ලබාදෙන බවයි. මෙහිදී, පේ‍්‍රෂණය යවන්නාගේ හදිසි අභාවයකදී ප‍්‍රතිලාභියාගේ පේ‍්‍රෂණ ගිණුමට අවසන් මාසයේදී එවා තිබූ මුදල රක්ෂිත මුදල ලෙස සලකා එම මුදල හිමිකම ලෙස ලබාගැනීමේ අවස්ථාව මේ යටතේ පිරිනමන බව එම සමාගම සඳහන් කරයි.

මෙම සැලසුම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. ‘අපගේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන්ට අප විසින් පිරිනමන බොහෝ ප‍්‍රතිලාභ වලට මෙයත් සුවිශේෂී ප‍්‍රතිලාභයක් ලෙස එක් වනවා. විදේශ විනිමය මෙරටට ගෙනෙන මොවුන් අපගේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් පාර්ශවකරුවන් පිරිසක්. මේ නිසා, මෙම සැලසුම හඳුන්වාදීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමග ඒකාබද්ධ වීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා. පිටරට සිටින ශ‍්‍රමිකයන් කෙරෙහි අපගේ තිබෙන කැපවීම මෙයින් පිළිඹිබු වන අතර මොවුන් මෙරට ආර්ථිකය වෙනුවෙන් සිදුකරන දායකත්වයට උපහාරයක් ලෙස මෙම සැලසුම ඉදිරිපත් කරනවා.’

මේ පිළිබඳව සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහ්මඞ් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙරටට පේ‍්‍රෂණ එවන්නන් වෙනුවෙන් මෙම කැපී පෙනෙන ජීවිත රක්ෂණ සැලසුම ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. Remit Guardian සැලසුමේ තිබෙන සරල බව, විනිවිද භාවය සහ දැරිය හැකිබව නිසා එය නව්‍ය රක්ෂණ සැලසුමක් ලෙස සඳහන් කළ හැකියි. මෙමගින් ලබාදෙන රක්ෂණාවරණය පේ‍්‍රෂණ එවන්නන් කැමති කාලයක් දක්වා ලබාදිය හැකියි. එයට අදාළ හිමිකම් මෙම සැලසුමේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. අවශ්‍යම අවස්ථාවේදී මේ තුළින් මොවුන්ගේ සිතට සහනයක් ලැබීම මෙහිදී වඩාත් වැදගත් වෙනවා. එසේම, මෙරට තමන්ගේ පවුල්වල සාමාජිකයින්ට අඛණ්ඩව පේ‍්‍රෂණ එවන ශ‍්‍රී ලාංකිකයින්ට මේ ආකාරයේ රක්ෂණ සැලසුමක් ලබාදෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.’

ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රෂණ අංශයේ වඩාත්ම සක‍්‍රීය බැංකුවක් වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ බොහෝ දේ පළමුවෙන් සිය පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කර තිබේ. මේවා අතරට, දේශීය බැංකුවක් විසින් හඳුන්වාදුන් පළමු පේ‍්‍රෂණ සේවාව ලෙස බැංකුව විසින් ‘RemitPlus’ හඳුන්වා දුන් අතර හඳුන්වාදී තිබෙන ‘RemitPlus’ පේ‍්‍රෂණ ඇප් සේවාව මගින් බැංකුවේ පේ‍්‍රෂණ සේවාවන් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් අදාළ තොරතුරු සහ සේවා ලබාගත හැකිවේ. මීට අමතරව, බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ පළමු පේ‍්‍රෂණ පත හඳුන්වාදී තිබෙන අතර එමගින් ඉතාමත් පහසුවෙන් විදේශයන් හි සිට දේශීය ප‍්‍රතිලාභීන්ට පහසුවෙන් පේ‍්‍රෂණ මුදල් එවීමේ අවස්ථාව ලබාදී තිබේ. එසේම, කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ ගෙන්වා ගන්නා තැනැත්තන්ට නිවාඩු දින බැංකුකරණ මධ්‍යස්ථාන, සුපිරි වෙළෙඳසැල් බැංකු කවුන්ටර්, පේ‍්‍රෂණ සඳහාම වෙන්වූ පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක්, පේ‍්‍රෂණ මුදල් බැංකුවට පැමිණ ගෙවීමට සූදානම් වූ විට ඒ බව දන්වා කෙටි පණිවුඩයක් ඇතුළු ප‍්‍රතිලාභ මාලාවක් බැංකුව විසින් ලබාදී ඇත.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී.එල්.සී. සමාගමට අනුබද්ධ සමාගමක් වන අතර එය සොෆ්ට්ලොජික් සමූහයට අයත් වේ. සොෆ්ට්ලොජික් සමූහය යනු ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සහ වේගයෙන්ම වර්ධනය වන සමාගම් සමූහයක් වන අතර සෞඛ්‍යය, සිල්ලර, තොරතුරු තාක්ෂණ, සංචාරක, ඔටෝමොබයිල්ස් සහ මූල්‍ය සේවා අංශයේ ව්‍යාපාරික කටයුතු මෙම සමාගම් සමූහය විසින් සිදුකරයි. ගෝලීය ආයෝජකයින් මෙම සමාගම් සමූහයේ කැපී පෙනෙන පාර්ශවකරුවන් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව