පිටරට සිට මුදල් එවන නවතම සේවාව ‘Lanka Remit’ සමඟ SLT-MOBITEL mCash එක්වෙයි

Webp.net-resizeimage




 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ‘mCash’ ජංගම මූල්‍ය සේවාව,  පසුගියදා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීම සඳහා භාවිත කරන ‘Lanka Remit’ ජාතික ජංගම සේවාව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මේ හරහා සුරක්ෂිතව සහ අඩු පිරිවැයකින් පිටරට සිට ලංකාවට මුදල් එවීමට හැකිවේ.

Lanka Clear (පුද්.) සමාගම විසින් නිර්මාණය කරන ලද ‘Lanka Remit’ ජාතික මට්ටමේ Mobile යෙදවුම පසුගිය පෙබරවාරි 08 දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී නිල වශයෙන් දියත් කරන ලදි. මෙම අවස්ථාවට තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රමුඛව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ හවුල්කාර ආයතනවල නිලධාරීහු පිරිසක් එක්වූහ.

SLT-MOBITEL mCash සේවාව ‘Lanka Remit’ සමග එක්වන මුල්ම සේවාවන්ගෙන් එකක් වන අතර, මෙය ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ ජාතික උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරකි. රට තුළ තිබෙන විදේශ විනිමය වර්ධනය කරගැනීමේ කාලීන අවශ්‍යතාව සපුරා ගැනීම සහ, සියලු දෙනාටම පහසුවෙන් භාවිතා කළ හැකි සහනදායී හා ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රමවේදයක් නිර්මාණය කිරීම යන අරමුණු මුල්කරගෙන ‘Lanka Remit’ හඳුන්වා දී තිබේ.

තවද, ස්වයං-ලියාපදිංචිය, ඕනෑම ජාත්‍යන්තර මුදල් හුවමාරු හෝ  මූල්‍ය-තාක්ෂණ සමාගම් හා සම්බන්ධ වීමේ හැකියාව, මෙරට ඕනෑම බැංකු ගිණුමක් හෝ mobile wallet සේවාවක් වෙත ක්ෂණිකව මුදල් මාරු කිරීමේ හැකියාව වැනි ප්‍රතිලාභ රාශියක් ‘Lanka Remit’ ජංගම යෙදුම වෙතින් ගනුදෙනුකරුවන්ට හිමි වේ. මීට අමතරව, සෘජුවම බිල්පත් ගෙවීමේ හැකියාව, ආකර්ෂණීය විදේශ විනිමය හුවමාරු අනුපාත, අවම ගනුදෙනු ගාස්තු, ගනුදෙනු වල සජීවී යාවත්කාලීන කිරීම් ලබා ගැනීම වැනි සේවාවන් රාශියක්ද මීට ඇතුළත් ය.

එසේම,පාරිභෝගිකයන්ගේ වෙනස් වන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි පුරෝගාමී විශේෂාංග රාශියක් හඳුන්වා දීමට  SLT-MOBITEL mCash සේවාව කටයුතු කර තිබෙන අතර මුදල් යැවීම හා භාරගැනීම, ජංගම දුරකථන රීලෝඩ් කිරීම හා ස්ථාවර බිල්පත් ගෙවීම, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම, රක්ෂණ, ෆිනෑන්ස් සහ ලීසිං වාරික ගෙවීම, LANKAQR  ගෙවීම් ඇතුළුව අන්තර්ජාලය ඔස්සේ හා අලෙවිසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීම, සහ නියෝජිතායතන බැංකුකරණ සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් SLT-MOBITEL mCash ඔස්සේ ලබාගත හැක.




 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව