පාරිභෝගික භවතුන් වෙත වඩා හොඳ සේවාවක් ලබා දීම උදෙසා අලියාන්ස් කොට්ටාව ශාඛාව නව ස්ථානයක පිහිටුවයි

Webp.net-resizeimage

 



 

 

 

ජනවාරි, 2022: ලොව අංක එකේ (1) රක්ෂණ සන්නාමය වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) සිය කොට්ටාව ශාඛාව 132/ඒ, හයිලෙවල් පාර, කොට්ටාව යන ලිපිනයෙහි පිහිටි සියලු නවීන පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක පිහිටුවීම සිදු කළ අතර මෙමගින් පාරිභෝගික භවතුන් වෙත පහසුකම්වලින් සමන්විත,ගුණාත්මක මෙන්ම පුළුල් පරාසයක සහ  පහසු මිලට මෝටර් රථ, සංචාරක, පුද්ගලික, නිවාස, සෞඛ්‍ය, ජීවිත සහ ආයෝජන ඇතුළු බොහෝ රක්ෂණ විසඳුම් ලබා දීම තුළින් ඉතා කාර්‍යක්ෂම පාරිභෝගික සේවාවක් ලබා දීම අලියන්ස් හි අරමුණ වේ.

ශාඛාව විවෘත කිරීම අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතාගේ සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිළධාරී ජයලාල් හේවාවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම අලියාන්ස් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්, පාර්ශවකරුවන් සහ පාරිභෝගික භාවතුන්ගේද සහභාගිත්වයෙන් කොවිඩ් – 19 සෞඛ්‍ය  මාර්ගෝපදේශයන්ට අනුව පැවති  චාම් උත්සවයක් සහිතව සිදු කෙරුනි.

මෙම නව ශාඛාව කොට්ටාව නගරයේ ළඟා වීමට පහසු ස්ථානයක පිහිටා තිබෙන අතර මෙම ඉඩකඩ සහිත පරිශ්‍රය තුළින් පාරිභෝගික කේන්ද්‍රීය රක්ෂණ වෘත්තිකයන් විසින් අලියාන්ස් ලංකා හි සමස්ත ලොව පිළිගත් රක්ෂණ නිෂ්පාදනයන් සහ සේවාවන් ලබා දීම සිදු කරනු ලබනවා ඇත. ශ්‍රීලංකාවේ වඩා වේගයෙන් වර්ධනය වන රක්ෂණ සැපයුම්කරු ලෙස අලියාන්ස් සිය අවධානය යොමු කිරීම සිදු කරනුයේ මධ්‍යගත පිහිටීමක් සහිත ශාඛා මගින්  පාරිභෝගික භවතුන් වෙත නවීන අවකාශයක් ලබා දීමටය. මේ හේතුවෙන් සමාගම විසින් ඔවුන් සතු ඇතැම් ශාඛාවන් නවතම, වැඩි ඉඩකඩ සහිත පරිශ්‍රයන් වෙත ගෙන යාම සිදු කරනු ලැබූ අතර අනෙකුත් ශාඛාවන් වෙතද නූතන රටාවට අනුව නව පෙනුමක් හා නවීකරණයන් සිදු කරනු ලැබුවේය. මෙම සංවර්ධනයන් තුළින් ශාඛා ජාලය විසින් සමාගමට පාරිභෝගික භවතුන් වෙත වේගවත්, පුද්ගලානුබද්ධ සේවාවක් ලබා දීමට හැකියාව උදා කරනු ලබනවා ඇත. නැවත පිහිටුවන හෝ නවීකරණය කෙරෙන සෑම ශාඛාවක්ම ඉතා සැලකිලිමත්ව, සුවිශේෂීව සම්පත් ලබා දීම තුළින් උද්දීප්ත වූ පරිස්ථිතිය තුළින්, අලියාන්ස් කණ්ඩායම හට නව්‍යකරණය සහ විශිෂ්ටත්වයෙන් යුක්තව පාරිභෝගික භවතුන් හට ඔවුන්ගේ රක්ෂණ අවශ්‍යතා සපුරාලීමේදී සහනයක් සහ සුවපහසුවක් දැනෙන පරිදි මෙන්ම ඔවුන් සෑම  විටම පිළිගැනීමට ලක්වන පරිසරයක් ගොඩ නැගීමද සිදුවනවා ඇත.

කොට්ටාව ශාඛාව නව ස්ථානයක පිහිටුවීම පිළිබඳව අදහස් දක්වමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස්  ලංකා  ලිමිටඩ් හි  ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කර සිටියේ  “කොට්ටාව ශාඛාව නව ස්ථානයක පිහිටුවීම තුළින් අපගේ වටිනා පාරිභෝගික භවතුන් වෙත  ඉඩ කඩ සහිත ශාඛා පරිශ්‍රයක් තුළ සියලුම නවීන පහසුකම් ලබා ගැනීමට මෙන්ම රථ වාහන නැවැත්වීම සඳහා විශාල ඉඩ කඩක් ලබා දීමටත් අපට  හැකියාව ලැබී තිබෙනවා. දැන්, කොට්ටාව සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගික භවතුන්ට නව ශාඛාව වෙත පිවිසීමෙන් අපගේ සුවිශේෂී රක්ෂණ විසඳුම් අත්විඳීමට හැකියාව ඇත. එමෙන්ම  අපගේ අලෙවි බලකාය ශක්තිමත් කර ගැනීම සඳහා උද්යෝගිමත් තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමටත් අපට මෙය ඉතා වැදගත් වේවි යැයි මම විශ්වාස කරනවා.” යනුවෙනි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව