ප්‍රවාහන සහ ආර්ථික කටයුතු නංවාලමින් DIMO සහ BoC ලිසිං හවුල්කාරිත්වයකට‍

DIMO - BOC PR Image (LBN)

වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන  DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක්  වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata  රථ වාහන රැසක්  සඳහා  නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ.
 



 

මෙම හවුල්කාරිත්වය ඔස්සේ  BoC විසින් DIMO ආයතනය බෙදාහරින Mercedes-Benz, Jeep සහ Tata  රථ වාහන  සඳහා සහනදායී ලීසිං පොළී අනුපාතයක් පිරිනමමින් පාරිභෝගික ජනතාව දිරිගන්වනු ලබයි. එමෙන්ම DIMO සමාගම  Tata  වෙළද රථ  සඳහා විශේෂ දීමනාවන් රැසක් ලබා දීමට ද සැලසුම් කර ඇති අතර Tata Buses, Trucks, Prime Movers සහ Tata Super Ace සඳහා ආකර්ෂණීය වට්ටම් ද ලබාදේ . කුඩා පරිමාණයේ ව්‍යාපාර අතර වඩාත් ප්‍රචලිත ACE HT2 සහ XENON YODHA Pick-Up වාහන මාදිලි සඳහා අගෝස්තු මාසයේ අවසානය දක්වා රක්ෂණය  නොමිලේ ලබාදීමටත් DIMO කටයුතු කරන අතර කුඩා ව්‍යාපාර නඟා සිටුවීම සඳහා සිය උපරිම දායකයත්වය ලබාදීම මෙහි අරමුණයි. දිවයින පුරා විහිදුණු 651ක් වන BoC ශාඛා ජාලය ඔස්සේ  පාරිභෝගික ජනතාවට මෙම ලිසිං විසදුම් සදහා පහසු ප්‍රවේශයක් ද ලබාදෙයි.

DIMO සහ ලංකා බැංකුවේ නියෝජිතයන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු මෙහි දැක්වේ

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව