ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ තලවතුගොඩ ‘The Residence’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

Image - Prime Lands initiates new beginnings breaking ground for The Residence' at Samagi Mawatha Thalawathugoda (LBN)
  • ව්‍යාපෘතියේ නිවාස අතරින් 80% ක් දැනටමත් විකිණී අවසන්
  • පෙරළිකාරී 1% මාසික වාරිකය සහිත පහසු ගෙවීමේ ක්‍රමයද ක්‍රියාත්මකයි

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නවතම ව්‍යාපෘතිය The Residence හි ඉදිකිරීම් පසුගියදා තලවතුගොඩ සමගි මාවතේදී ආරම්භ විය. එහි මංගල පස් පිඩැල්ල කැපීම සහ මුල්ගල තැබීම එදින සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති, සම සභාපතිනී, නිවාස හිමියන් සහ ප්‍රයිම් කාර්ය මණ්ඩලයේ සමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




මෙහිදී අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවා ය. “අපගේ හවුල්කරුවන් වන්නේ අපගේ පාරිභෝගිකයන්. අපගේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් අද දිනයේ සනිටුහන් වුණා. ප්‍රයිම් සමූහය වෙනුවෙන්, අපගේ හවුල්කරුවන් සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා කැමතියි. ඔබ අතරින් බොහෝ දෙනෙකු මේ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ, එය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හෝ ගෘහ සැලසුමක් දැකීමට හෝ පෙරයි. මෙය ප්‍රයිම් සන්නාමය කෙරෙහි ඔබ රඳවා ඇති විශ්වාසයට මනා සාක්ෂියක්. එමෙන්ම ඔබ අතරින් බොහෝ දෙනෙකු අපගේ දීර්ඝකාලීන පාරිභෝගිකයන්. අද දවසේ එක් පොරොන්දුවක් ලබාදීමට මා කැමතියි. අපගේ දක්ෂ හා අත්දැකීම් බහුල කණ්ඩායම සමගින්, ඔබ බලාපොරොත්තු වන මට්ටමටත් වඩා සුන්දර හා ආකර්ෂණීය නිවාස පෙළක් ඔබට ලබාදීමට අප කැප වනවා.”

මෙම ව්‍යාපෘතියේ නිවාස ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ පහසු ගෙවීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ. එනම්, ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් මසකට දේපල වටිනාකමින් 1% පමණක් වූ වාරිකයක් බැගින් ගෙවීමට හැකි පෙරළිකාරී හා සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රමයයි. මේ නිසා බොහෝ දෙනෙකුට ‘The Residence’ හි නිවාස පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ලැබී ඇති අතර, ව්‍යාපෘතියේ නිවාස අතරින් 80% ක්ම දැනටමත් අලෙවි වී අවසන් වී ඇත.

‘The Residence’ යනු තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික පහසුකම් සහිත, එහෙත් සන්සුන් හා සැහැල්ලු පරිසරයක ඉදිවන සුවිශේෂී නිවාස එකතුවකි. සුපිරි වෙළඳසැල්, ආපනශාලා, බැංකු සහ විනෝදාස්වාද ස්ථාන ඇතුළු බොහෝ පහසුකම්වලට නුදුරින් පිහිටි මෙය පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතාමත් සුදුසු ය.

භූමියේ ඵලදායිතාවය උපරිම අන්දමින් පරිභෝජනයට ගැනීමත්, ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීමත්, තලවතුගොඩ වැනි ප්‍රදේශයක වටිනාකමින් ඉතා ඉහළ නිවාස සාධාරණ මිළ ගණන් යටතේ පහසු ගෙවීමේ ක්‍රම සහිතව පාරිභෝගිකයන් වෙත ලබා දීමත් කෙරෙහි ඍජු අවධානය යොමූ කරමින් ප්‍රයිම් සමුහය මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත. ඒ සඳහා නවීනතම මාදිලියේ අලංකාර ගෘහ නිර්මාණ සැලැස්මක් භාවිතයෙන් ඉදිකිරීම් පිරිවැය අවමවන ආකාරයටත් , පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලන ලෙසත් “The Residence” නිර්මාණය වේ.

“මීට පෙරත් මා ප්‍රයිම් සමූහයේ ව්‍යපෘති කිහිපයක් සඳහා ආයෝජනය කර තිබෙනවා. ඒ හැම අවස්ථාවකම ප්‍රමිතිය මෙන්ම ඔවුන් ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් මා බෙහෙවින් තෘප්තිමත් වුණා. මා නැවතත් ප්‍රයිම් තෝරාගත්තේ ඒ නිසයි. ව්‍යාපෘතිය ඉදිවන ස්ථානයට පැමිණි විට, එය මගේ අනාගත නිවස සඳහා ඉතාමත් සුදුසු ප්‍රසන්න පරිසරයක් බව මට පෙනී ගියා. අලෙවියෙන් පසුව පවා ප්‍රයිම් කණ්ඩායම පෙන්නුම් කරන කැපවීම, ඔවුන් කෙරෙහි මා තුළ ඇති විශ්වාසය යළියළිත් තහවුරු කරනවා. ඔවුන් කටයුතු කරන ආකාරය ප්‍රශංසනීයයි.” ‘The Residence’ ව්‍යාපෘතියේ නිවාස ගැනුම්කරුවෙකු වන දිමිත්‍රි පීරිස් මහතා පැවසී ය.

‘The Residence’ යනු නාගරික පහසුකම් සමගින් සුන්දර පරිසරයක සැහැල්ලුව එක්තැන් කරන සුවිශේෂී ව්‍යාපෘතියකි. ඒ නිසා එය තලවතුගොඩ ප්‍රදේශයේ සුවපහසු නිවසක් සොයන කාටත් ඇති හොඳම තේරීමක් වනු ඇත.



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව