ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කෙරේ

Image - Senior Professor Sampath Amaratunge

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන Prime Lands Residencies PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 මාර්තු 27 දින, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරන ලදි.

මහාචාර්ය අමරතුංග මහතා ආර්ථික විද්‍යාව, ආයතනික පාලනය සහ ව්‍යාපාර ක්‍රමෝපාය වැනි විෂයන් සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් හිමි වෘත්තිකයෙකි. එතුමන් සතු හසළ දැනුම හා පළපුරුද්ද, ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ජීවිතය නැවත අර්ථ දක්වන සුවිශේෂී ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් සිටින Prime Lands Residencies PLC සමාගම මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ හිමිකරගෙන සිටින නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇත.
 



 

ප්‍රකට විද්වතෙකු මෙන්ම පරිපාලන නිලධාරියෙකුද වන මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙන්ම,  එම අංශයේ සභාපතිවරයා  ලෙසද ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙසද කටයුතු කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් [BA (Hons.) in Economics] හිමි කරගෙන ඇති මහාචාර්ය අමරතුංග මහතා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් (MA in Economic) සහ ජපානයේ Saga National University වෙතින් ග්‍රාමීය සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් [MSc in Economics of Rural Development] හිමි කරගෙන ඇත. ඒ මහතා සිය ආචාර්ය උපාධිය හිමි කරගත්තේ ජපානයේ Kagoshima National University වෙතිනි. මහාචාර්ය අමරතුංග මේ වන විට දේශීය හා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාවලට ලිපි 75 කට අධික සංඛ්‍යාවක් සපයා තිබේ.

ජපන් ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ජපාන රජය විසින් 2024 වසරේදී මහාචාර්ය සම්පත් අමරතුංග වෙත ‘Order of the Rising Sun, Gold Rays with Neck Ribbon’ ඇගයුම පිරිනමන ලදී. මෙය ජපන් අධිරාජයා විසින් විදේශිකයන් වෙත පිරිනමන ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැලකේ.

මහාචාර්ය සම්පත් අමරතුංග මීට පෙර දිවයිනේ ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවූ සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරමින් ආයතනික පාලනය සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් ලබා ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව