නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිංගර් සමග අත්වැල් බැඳගනී: විදේශයන්හි සිට එවන මුදල් සිංගර් ශාඛා වලින් ලබාගැනීමට අවස්ථාව ලබාදෙයි

Nations Trust Bank and Singer Partnership Signing (1)

 




 

 

දේශීය හා විදේශීය ප්‍රේෂණ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් යටතේ විදේශයන්හි සිට මෙරටට එවනු ලබන මුදල්, අදාළ ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන නියෝජිතයෙකු ලෙස සිංගර් (ශ්‍රී ලංකා) සමාගම මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා විසින් අත්සන් තබන ලදි.

මෙම ගිවිසුම නිසා, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ තෝරාගත් ප්‍රේෂණ සේවාවන් හරහා එවන මුදල් ලබාගන්නා පුද්ගලයන්ට, දිවයින පුරා පිහිටි සිංගර් ශාඛා 430 අතරින් ඕනෑම ශාඛාවකදී එම මුදල් ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. සිංගර් ශාඛා ජාලය දිවයින පුරාම ව්‍යාප්ත වී පවතින බැවින්, මෙම සේවාව භාවිතා කරන සියලුම දෙනාට ඉමහත් පහසුවක් අත්වනු නොඅනුමාන ය.

විශේෂයෙන්ම ප්‍රධාන නගර වලින් පිටත වෙසෙන පුද්ගලයන්ට මින් ඉදිරියට තම ආදරණීයයන් විදේශයන්හි සිට එවන මුදල් ලබාගැනීම සඳහා එම ප්‍රධාන නගර වෙත පැමිණීම අවශ්‍ය නොවේ. සිංගර් ශාඛාවන් සාමාන්‍යයෙන් පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර, තෝරාගත් ශාඛාවන් පස්වරු 9 දක්වා විවෘත වී පවතී. මෙම ශාඛාවන් වලදී රු. 200,000 ක් දක්වා මුදලක් ලබාගත හැකි වේ.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ ආකාරයට විදේශ අභ්‍යන්තර ප්‍රේෂණ සේවාව වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒම දිරිගන්වමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන පියවරක්ද වනු නිසැක ය.

එමෙන්ම, සිංගර් සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජාත්‍යන්තර අභ්‍යන්තර ප්‍රේෂණ සේවා හවුල්කරුවන්ගේ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වැඩි කරන පියවරක්ද වනු ඇත. මේ වනවිට Ria, සහ Transfast, සහ කලාපීය හවුල්කරුවන් වන යුරෝපයේ Small World සහ PaySend වැනි සේවා සම්පාදක ආයතන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටී. තවද කැනඩාවේ Thamor (RemitBee) සහ Buckzy, ඊශ්‍රායලයේ Unigiros සහ Worldcom Finance, බහරේනයේ NEC B.S.C, ජපානයේ Brastel, එක්සත් රාජධානියේ EzCash, කටාර් රාජ්‍යයේ Al Zaman Exchange, රටවල් පදනම් කරගත් ප්‍රේෂණ සේවා සමාගම්ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා සම්බන්ධ වී ශ්‍රී ලංකාවට ප්‍රේෂණ සේවාවන් සපයයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව