නීරෝගී සහ ප්‍රීතිමත් ළමාවියක් සඳහා රසවත් ආහාර වේලක්

Press Release Image for Sinhala (1) (1)

 




 

හැදෙන වැඩෙන ළමුන් පෝෂ්‍යදායි ආහාරවලට හුරු කිරීම ඉතාමත් අසීරු කාරියක්. එහෙත් කුඩා අවධියේ සිටම ළමයින්ට පෝෂ්‍යදායි ආහාර ගැනීමට හුරු කිරීම ඔවුන්ගේ වර්ධනයට ඉතාමත් වැදගත්. පලතුරු සහ එළවළු වර්ග නිතර ආහාරයට ගැනීම මඟින්, දරුවන්ගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඛනිජ ලවන ලබා ගැනීමට හැකි වන අතර, ප්‍රෝටීන සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම මඟින් ඉතාමත් උද්යෝගමත්, ක්‍රියාශීලි දිවියක් ගෙවීමට අවශ්‍ය වන  පෝෂ්‍ය  පදාර්ථ  ලබාගැනීමට ද  හැකි වේ. සෞඛ්‍යසම්පන්න ආහාර පිලිබඳව නිතර දරුවන්ව දැනුවත් කිරීම ඉතාමත් හොද පුරුද්දක්, එම නිසා නිතරම ඔවුන් සමඟ ආහාර මිලදී ගැනීමට යාම වඩාත් යෝග්‍ය වන අතර එවිට ඔවුන් හට විවිධ ආහාර පිලිබඳ නිසි අවබෝධයක් ඇති කර ගැනීමටත් එමගින් පහසුවෙන් සමබල ආහාර රටාවකට යොමු කිරීමටත් ඉඩකඩ සැලසේ.

ඇස්ට්‍රා විසින් හදුන්වාදෙන නවතම ‘ඇස්ට්‍රා මයෝනීස්’ හි දරුවන්ට අත්‍යවශ්‍යය වන හිතකර මේද ඇතුළු පෝෂ්‍යපදාර්ථ ඇතුලත් වේ. ඔමේගා 3 සහ 6 අඩංගු සෝයා තෙල් සාරය මුසුවූ ඇස්ට්‍රා මයෝනීස්, දෛනිකව අවශ්‍ය තුනෙන් එකක ඕමෙගා 3 ප්‍රමාණයක් සහ තුනෙන් දෙකක ඕමෙගා 6 ප්‍රමාණයක් සපයයි. දරුවන්ට අත්‍යවශ්‍ය මේදයෙන්/ ඕමෙගා 3 & 6 යෙන් පරිපුර්ණ වූ ඇස්ට්‍රා මයෝනීස් ආහාර උපරිමයෙන් රස විදීමට ඉඩ සලසන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීමට උපකාරී වේ.

දරුවන් වැඩි රුචියක් නොදක්වන තම්බපු එළවලු, එළවලු සලාද සහ ටූනා සැන්ඩ්විච් වැනි පෝෂ්‍යදායි ආහාර වර්ගවලට ඇස්ට්‍රා මයෝනීස් එකතු කිරීමෙන්, දරුවන්ගේ රුචිය වර්ධනය කිරීමට හැකි වන්නේ එහි ඇති සුවිශේෂී රසය නිසාවෙනි. රසය වගේම ගුණයෙන් පිරි නිසා දරුවන් ඉතාමත් ආසාවෙන් පෝෂ්‍යදායි ආහාර ගැනීමට යොමු කිරීමට හැකි කදිම විසදුමක් ලෙස ඇස්ට්‍රා මයෝනීස් හදුන්වා දිය හැකිය.

පවුලේ ආහාර වේල වඩාත් රසවත් හා සෞඛ්‍ය සම්පන්න කිරීමට ළමුන්ට හිතකර වට්ටෝරු පෙළක්…

Breakfast Burrito (උදැසන ආහාරය සඳහා රසැති burrito)

බිත්තර ස්ක්‍රෑම්බල් කර එයට බෝංචි එකතු කරන්න. ඊටපසු එයට ඕමෙගා 3 සහ 6 අඩංගු ඇස්ට්‍රා මයෝනීස් එකතු කර රස විදින්න.

බිත්තර සලාද සැන්ඩ්විච්

ස්ක්‍රැමිබල් කර ගත් බිත්තර වලට සැල්දිරි කොළ, ලුනු, ගම්මිරිස් සහ ඇස්ට්‍රා මයෝනීස් එක්කර හොදින් කලවම් කරගන්න. ඉන්පසු පාන්පෙති දෙකක් මත තවරා සැන්ඩ්විච් එකක් ලෙස ආහාරයට ගන්න. මෙය ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුවක්

ටුනා සැන්ඩිවිචි

මධ්‍යම ප්‍රමාණයේ භාජනයක තැමිබූ ටුනා, ඇස්ට්‍රා මයෝනීස්, ඇස්ට්‍රා මේද තැවරුම සහ කුඩා කැබලිවලට කැපූ ළූණු මිශ්‍ර කරන්න. රස පමණට ලුණු සහ ගම්මිරිස් එක කර සීසන් කර ගන්න. ටෝස්ට් (රෝස්) කරපු පාන් පෙති සමඟ පිළිගන්වන්න.

මෙවැනි තවත් වට්ටෝරු දැනගැනීමට ඇස්ට්‍රා ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවට හෝ www.astrasrilanka.com ඇස්ට්‍රා වෙබ් අඩවියට පිවිසෙන්න.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව