නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සිය නිෂ්පාදන සැපයුමේ අඛණ්ඩතාව අවධාරණය කරයි

1- NAF Chairman and CEO

 



 

 

 

ශ්‍රී ලංකා ආර්ථිකය තුල මතුව ඇති අභියෝගකාරී තත්ත්වය මෙන්ම විශේෂයෙන්ම සත්ත්ව ආහාර හිඟතාව හමුවේ වුව ද සිය පාරිභෝගිකයින් වෙනුවෙන් අඛණ්ඩව කුකුළු මස් සැපයීමේ හැකියාව පවතින බව මෙරට ප්‍රමුඛතම කුකුළුමස් සන්නාමය වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අවධාරණය කරයි.

රට තුළ පවතින දැඩි විදේශ විනිමය හිඟතාව හේතුවෙන් උසස් තත්ත්වයේ සත්ත්ව ආහාර සපයාගැනීමේ දැඩි දුෂ්කරතාවක් මතුව තිබේ. එම පසුබිම තුළ මෙරට මාංශමය ආහාර නිෂ්පාදනය පහෙන් එකකින් අඩුවීමේ අවදානමක් පවතින බව පැවසේ.

“වර්තමාන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතරේ, මතුවෙමින් පවතින විවිධ අභියෝග ජයගැනීම සඳහා ප්‍රධාන පාර්ශ්වරුවන් සමඟ පෙර සූදානමකින් යුතුව කටයුතු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා සහයෝගීතාවෙන් වැඩ කළ යුතු කාලයක් එළඹ තිබෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත පරිසරය සහ වටිනාකම් දාමය ශක්තිමත් කළ යුතුයි″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ සභාපති/ සම නිර්මාතෘ එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය.

නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම හඳුන්වා දුන් ‘හරිත හරි‘ සංකල්පය යටතේ කුකුළු මස් නිෂ්පාදනය කිිරීමට සියයට සියයක්ම ස්වභාවික ක්‍රමවේද භාවිතයට ගැනේ. එනම් ප්‍රතිජීවක හෝ හෝමෝනවලින් තොර පෝෂණයෙන් ඉතා උසස් කුකුළු මස් නිෂ්පාදනය කෙරෙන අතර, සත්ත්ව ආහාර වශයෙන් ද ස්වාභාවික අමුද්‍රව්‍යම ලබාදේ. එහිදී අනුලංඝනීය ජීව විද්‍යාත්මක පියවර සහ ගොවිපොළ භාවිතාවන් අනුගමනය කෙරෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික චිකන් කවුන්සිලයේ සත්ත්ව සුබසාධන ප්‍රමිතීන්ට අනුකූලව ය. සිය ආහාර ඇසුරුම්කරණ ක්‍රියාවලිය සඳහා කාබනිකව දිරාපත්වන ඇසුරුම් භාවිතයට ගන්නා ශ්‍රී ලංකාවේ පළමු සහ එකම මාංශ ආහාර නිෂ්පාදන සන්නාමය වන්නේ ද ‘හරිත හරි‘ නිෂ්පාදන වේ.

කොවිඩ් වංසගත තත්ත්වය මධ්‍යයේ වුව ද පසුගිය වසර තුළ Anthoney’s සහ NoBiotic Chicken සන්නාම යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමට ද සමාගමට හැකිවිය. ඒ හරහා 2021/22 වර්ෂය තුළ ලබාගත් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.5කි. ඒ හරහා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අවශ්‍යතාවට ද සුවිසල් දායකත්වයක් සැපයීමට සමාගම සමත්විය.

″මෑත කාලයේදී අපගේ අති නවීන නිෂ්පාදනාගාර පහසුකම් තවදුරටත් ප්‍රසාරණය කරමින් දෙස් විදෙස් ඉල්ලුම සපුරාලීමට අපට හැකිවුණා. අපගේ අංග සම්පූර්ණ අපනයන ක්‍රමෝපාය සැලසුම ක්‍රියාත්මක කිරීමත් සමඟ නුදුරේදීම ගෝලීය මට්ටමේ හරිත ප්‍රමිතීන් සහ තිරසාර භාවිතාවන් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර අපනයනකරුවෙකු වට පත්වීමට අප සූදානමින් පසුවෙනවා″, යැයි නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේය.

කුකුළු මස් යනු ලොව වැඩිපුරම භාවිතවන මාංශ ආහාරය යි. ශ්‍රී ලාංකික නිවාසවල ද දෛනිකව කුකුළු මස් පරිභෝජනයට වැඩි නැඹුරුවක් පවතින අතර, ඒ සඳහා දායකවීමට හැකිවීම නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට ද විශාල අභිමානයකි. සමාගම මේ වනවිට, GMP, HACCP, සහ ISO 22000 ප්‍රමිතීන් මෙන්ම හලාල් සහතිකය ද ලබා සිටියි. ඊට අමතරව ISO 14064-1-2018 ප්‍රමිතීන්ට අනුකූලව, Control Union Certifications ආයතනය විසින් පිරිනමන හරිතාගර වායු විමෝචනය ප්‍රමාණනය කිරීම පිලිබද සහතිකයක් හිමි ශ්‍රී ලංකාවේ එකම කුකුල් මස් නිෂ්පාදන සන්නාමය ද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සතු වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව