නව වසරේ Huawei වෙතින් Y9s සහ Y6s ස්මාර්ට් දුරකථන, MediaPad T5 සහ සුවිශේෂී Wearables රැසක්

Photo 1

2020 නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුහන් කරමින් ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී නිෂ්පාදන රැසක් එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. මෙහිදී වෙළඳපොළට හඳුන්වා දුන් නවතම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Y මාදිලියේ  Y9s සහ Y6s ස්මාර්ට් දුරකතයන්, MediaPad T5 10-inch සහ පහසුකම් රැසකින් සමන්විත Huawei Watch GT 2, FreeBuds 3, Band 4 සහ 4e ඇතුළත් වේ.

මෙම හඳුන්වා දීම පිළිබඳ සිය අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා මෙසේ පවසා සිටියේය ” 2020 වර්ෂයේ ආරම්භයත් සමඟ තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත නවතම නිෂ්පාදන කිහිපයක් දේශීය පාරිභෝගිකයන් වෙනුවෙන් තිළිණ කිරීමට හැකි වීම පිළිබඳ මා සතුටට පත් වනවා. අද දිනයේ මේ ආකාරයෙන් වෙළඳපොළට  හඳුන්වා දුන් Huawei Y6s සහ Huawei Y9s ස්මාර්ට් දුරකථනයන් දිගු කාලීන බැටරි ධාරිතාවයක්, අලංකාර සහ ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සහිත කැමරා ඇතුළුව අසමසම කාර්යසාධනයකින් යුක්ත වනවා. තවද අප පාරිභෝගිකයින්ගේ ජීවන තත්වයන් උසස් කිරීමේ අරමුණ ඇතුව හඳුන්වා දුන්  FreeBuds3, Huawei Watch GT 2, MediaPad T5 10-inch, Band 4 සහ  4e ගෝලීය වෙළඳපොළ තුල මෙන්ම දේශීය වෙළඳපොළ තුලද පෙරළියක් ඇති කරනු ඇති බවට අපට විශ්වාසයි”

6GB RAM සහ 128 GB ROM සමඟින් එන Huawei Y9s එහි ඇති විශාල මතක ධාරිතාවය හේතුවෙන් වෙළඳපොල තුල දැඩි ආකර්ෂණයකට ලක් වනු බව කිව හැකි අතර, මේ හේතුවෙන් පරිශීලකයින්ට කිසිඳු බාධාවකින් තොරව applications කිහිපයක් වුවත් එක වර ක්‍රියාත්මක කිරීමේ හැකියාව හිමි වේ. Y9s හි 48MP ultra-clear ප්‍රධාන කැමරා, 8MP Ultra Wide Angle කැමරා සහ 2MP depth කැමරා අඩු ආලෝක තත්වයන් වලදී වූවද ඉතා පැහැදිලි හා අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  EMUI 9.1 සහ වැඩි දියුණු කරන ලද Kirin 710F octa-core පරිපථ මත පදනම්ව නිපදවා තිබීම හේතුවෙන් Huawei Y9s අවම බල වැයවීමක් සහ වේගවත් ක්‍රියාකාරීත්වයක් සනාථ කරයි.  AI communication, wireless printing, phone clone , Huawei Share ඇතුළු තාක්ෂණික විශේෂාංග රැසකින්ද සමන්විත Y9s හි දැකුම්කලු නිමාව පාරිභෝගිකයින් නිසැකයෙන්ම ආකර්ෂණය කර ගනු ඇත. දුරකතනයේ  6.59”  Ultra FullView Display පරිශීලකයින්ගේ ජංගම දුරකථන අත්දැකීම් වඩාත් පහසු කරන අත‍ර එහි 4000mAh බැටරිය නොනවත්වා පැය 40කට අධික කාලයක් ඇමතුම් ලබා ගැනීමේ පහසුව, පැය 80කට අධික කාලයක් සංගීතයට සවන් දීමේ හැකියාව සහ පැය 9ක කාලයක් video නැරඹීමේ හැකියාව  සපයයි. මෙවැනි සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත Y9s ස්මාර්ට් දුරකතනයක් රුපියල් 46,499.00 වැනි මුදලකට දැන් මිලදී ගත හැක.

Potent octa-core processor  සමඟින් එන Huawei Y6s හි 3GB RAM, 64GB ROM සහ GB 512 ක් දක්වා වර්ධනය කල හැකි මතක ධාරිතාවය හේතුවෙන් පරිශීලකයින්ට විශාල ප්‍රමාණයේ දත්ත රැසක් කිසිඳු අවහිරතාවයකින් තොරව රඳවා තබා ගත හැකිය.  දුරකතනයේ 13 MP rear camera සහ 8 MP front camera අලංකාර සහ පැහැදිළි ඡායාරූප ලබා ගැනීමේ අත්දැකීම පාරිභෝගිකයින්ට ලබා දෙන අතර 6.09” Dewdrop තිරය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන් සඳහා පුළුල් අත්දැකීමක් ලබා දේ. තවද EMUI 9.1 මඟින් බල ගන්වා ඇති Y6s හි වැඩි වෙලාවක් භාවිතා කල හැකි 3020 mAh බැටරිය පරිශීලකයින්ගේ එදිනෙදා කාර්Hන් වඩාත් පහසු  කරයි. සිත් ඇඳගන්නා සුළු Orchid Blue සහ  Starry Black ඇතුළු වර්ණ රැසකින් පැමිණෙන මෙම ස්මාර්ට් දුරකතනයේ මිල වනුයේ රුපියල් 25,499.00 ක් පමණි.

Tablet සඳහා ඇල්මක් දක්වන්නම් සඳහාම නිපදවා ඇති Huawei MediaPad T5, 10.1″ 1080p Full HD දීප්තිමක් තිරයකින් සහ අද්විතීය පෙනුමකින් යුක්ත වේ. Symmetrical Metal Body, ග්‍රෑම් 460 ක් පමණ වූ සැහැල්ලු නිමාවක් සමඟින් වෙළඳපලට එන MediaPad T5 හි 2.36 GHz තරම් වූ octa-core processor අවම බල පරිභෝජනයක් සහ ඉහල කාර්යක්ෂමතාවයක් පරිශීලකයාට ලබා දේ. GB 256ක් දක්වා microSD තුලින් මතක ධාරිතාවය වර්ධනය කල හැකි MediaPad T5, Mist Blue වැනි ආකර්ෂණීය වර්ණයෙන්  රුපියල් 39,999.00 වැනි මුදලකට මිලදී ගත හැක.

විශාල බැටරි ආයු කාලයක්, intelligent processing, ආකර්ෂණීය සහ පහසු  නිමාවක් සමගින් එන Watch GT2 සඳහා ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර හිමි වෙමින් පවතී. සුපිරි තාක්ෂණයෙන් සහ ඇදහිය නොහැකි විශේෂාංග රැසක් සමඟින් එන Watch GT2 හි අසම සම විශේෂාංග අතරින්  බ්ලූටූත් ඇමතුම් පහසුකම සුවිශේෂී වනුයේ පරිශීලකයා ක්‍රීඩා හෝ වෙනත් ඕනෑම කටයුත්තක නිරතව සිටින අවස්ථාවකදී ඇමතුම් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ සහ ලැබෙන ඇමතුම් වලට ඉතා පැහැදිළිව පිළිතුරු සැපයීමේ හැකියාව හේතුවෙනි. බ්ලූටූත් 5.1 තාක්ෂණය, built-in GPS සහ GLONASS satellite positioning systems සහිතව පැමිණෙන Watch GT2 හි ගීත 500 ක් පමණ රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. ත්‍රිමාණ වක්‍ර (3D curved), bezel-less මුහුණත උපාංගයේ ආකර්ෂණීය පෙනුම වැඩි කර ඇති අතර මැණික් සැකසුම් තාක්‍ෂණයෙන් කැටයම් කරන ලද උසස් තත්ත්වයේ වීදුරු ජලය හා දූවිලි වලට ප්‍රතිරෝධී බව සහතික කරයි. Kirin A1 පරිපථය මඟින් බලගැන්වූ Watch GT2, intelligent power-saving තාක්ෂණයෙන්  යුක්ත වන අතර දිගු කල් පවතින බැටරි කාලයකින්ද සමන්විත වේ.  රුපියල් 39,999.00 ක් වැනි මුදලකට දිවයින පුරා විසිරුණු Huawei Experience Centers, බලයලත් Huawei නියෝජිතයන් සහ සිංගර් ප්‍රදර්ශනාගාර තුලින් දැන් Watch GT2 මිලදී ගත හැක.

ලොව ප්‍රථම open-fit active noise-cancellation සහිත Bluetooth Wireless Headset එක Freebuds 3 හි සැහැල්ලු සහ පහසු නිමාව හේතුවෙන් පාරිභෝගිකයින් අතර ජනප්‍රිය උපාංගයක් වනු ඇත. Freebuds 3 හි Smart Wireless Charging පහසුකම සහ පැය 20කට අධික කාලයක් නොනවත්වා ඇමතුම් සහ සංගීතයට සවන්දීමේ හැකියාව සහිත බැටරි ආයු කාලය සුවිශේෂී වන අතර එහි වම් පස earbud එක tap කිරීම හරහා සුවිශේෂී intelligent active noise-cancellation පහසුකම ක්‍රියාත්මක කල හැක. තවද මෙහි ඇමතුම් ලබා ගැනීම පහසු කරන Bone Voice ID පහසුකම බාහිර ශබ්ද හමුවේ පරිශීලකයාගේ ශබ්දය ඉතා පැහැදිළිව ඇසීමට අවශ්‍ය පහසුකම් සලසයි. දුරකතන ඇමතුම් ඉතා පහසුවෙන් සහ පැහැදිළි ලෙස ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සහ විශේෂාංග රැසක් සමඟින් එන Freebuds 3 හි මිල වනුයේ රුපියල් 35,999.00 කි.

නවතම Huawei Band 4 සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමේ අරමුණින් යුතුව ක්‍රියා කරන සියලු දෙනා වෙනුවෙන්ම නිපදවා ඇති බව කිව හැකිය. Sports සහ  Workout Models 9ක් සමඟින් එන Band 4හි Heart Rate Monitoring විශේෂාංගය  හරහා පරිශීලකයින්ගේ හෘද ස්පන්දනය නිවැරදිව ගණනය කිරීම සිදු කරන අතර හෘද ස්පන්දන වේගය උපරිම සාමාන්‍ය හෘද ස්පන්දන වේගය ඉක්මවා ගියහොත් vibrations හරහා දැනුම් දීම සිදු කිරීමයි. මෙහි සති දෙකකට වඩා වැඩි කාලයක් කිසිඳු බාධාවකින් තොරව භාවිතා කල හැකි බැටරිය සුවිශේෂී වන අතර Colour Display පරිශීලක ආකර්ෂණය දිනා ගනු ඇත. මෙවැනි විශේෂාංග රැසක් සමඟින් පැමිණෙන  Band 4හි මිල වනුයේ රුපියල් 6999.00 කි. Basketball workout modules සහ AI monitoring සමඟින් එන Huawei Band 4e Basketball Wizard Edition සුවිශේෂී බෑන්ඩ් මාදිලියක් වන අතර wrist wearing mode සහ sneaker wearing mode යන පැළඳීමේ ක්‍රම ද්විත්වයක් සමඟින් පැමිණේ. දිගු කාලීන බැටරි ධාරිතාවයක් සහ Professional Running Guidance විශේෂාංගය සමඟින් එන Band 4e හි  සුවිශේෂී මිල වනුයේ  රුපියල්  4799.00 කි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව