නවතම අත්දැකීමක් සඳහා Huawei P30 Lite වෙතට EMUI 9.1

Hang Flag

ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා සහ ප්‍රමුඛයා වන Huawei විසින් සිය පාරිභෝගිකයන් අතර වඩාත් කතාබහට සහ ආකර්ෂණයට ලක්ව ඇති  P30 Lite ස්මාර්ට් දුරකථනය මාදිලිය සඳහා EMUI 9.1 හඳුන්වා දී ඇත.

ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම් නැවුම් වෙනසකට ලක්කරමින් මෙම වසරේ මුල් භාගයේදී වෙළඳපලට හඳුන්වා දුන්  P30 Lite පහසු නිමාවකින් සහ Peacock blue, midnight black සහ pearl white ඇතුළු ආකර්ෂණිය වර්ණ රැසකින් පාරිභෝගිකයා වෙතට පැමිණෙයි. FullView Display හා DewDrop design  සමගින් එන  Huawei P30 Lite භාවිත කරන්නන්ට ඉතා සුමට අත්දැකීමක් ළඟා කර දෙන අතර, මෙම අත්දැකීම තව දුරටත් සරළ සහ පහසු කිරීම සඳහා මෑතකදී හඳුන්වා දුන් EMUI 9.1 වඩාත් ඉවහල් වනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කළේ, නවෝත්පාදනය මුල්කර ගත් විශිෂ්ටතම ජංගම දුරකථන සිය පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා Huawei නිබඳවම කටයුතු කර ඇති බවයි. Huawei P30 Lite යනු සමාගමේ පාරිභෝගිකයා මුල් කරගත් දැක්ම කරා යන ගමන තුලදී Huawei විසින් සිය විශ්වාසවන්ත ගණුදෙනුකරුවන් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දුන් විශිෂ්ට නිපැයුමක්. වර්තමානය වන විට  ස්මාර්ට් දුරකථනයක් යනු ඕනෑම අයෙකු අත තිබියම යුතු දෙයක් බවට පත් වී ඇති අතර, බොහෝ දෙනෙකු විසින් ඉතා විශිෂ්ට අත්දැකීමක් තම ජංගම දුරකථනය  හරහා බලාපොරොත්තු වේ. මෙවැනි දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන් මූලික කර ගෙන සහ P30 Lite භාවිත කරන්නන්ගේ පහසුව පිණිස   වැඩි දියුණු කල EMUI 9.1 හඳුන්වා දීම පිළිබඳ ඔවුන් සතුටට පත් වන බවත්, ඉදිරියේදී සිය පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා ස්මාර්ට් ජංගම දුරකථනයන් සඳහා වැඩි දියුණු කල විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීමට සුදානම් බවත් හෙතෙම කීහ.

P30 Lite හි අසමසම ක්‍රියාකාරිත්වයට අමතරව එහි දැරිය හැකි මිල බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වන්නක් වේ.  මේ තුලින් ඕනෑම අදායම් කාණ්ඩයක අයකුට සියලුම පහසුකම් වලින් යුත් විශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබීම සතුටට කරුණක් වන අතර ගෙවන මුදලට පහසුකම් සහ විශේෂාංග රැසකින් යුත් ජංගම දුරකථන නිෂ්පාදනයේහිලා Huawei ප්‍රසිද්ධියක් උසුලයි.

See More, See Further යන තේමාව යටතේ P30 Lite දුරකථන සඳහා 24 MP Wide Angle Lens සහ 8 MP Ultra Wide Angle Lens  ඇතුළත් Triple Rear කැමරා සහ 2MP bokeh Lens  එක් කර ඇත. මේ තුලින් ඉතා අලංකාර ඡයාරුප ලබා ගැනීමේ පහසුකම භාවිත කරන්නන්ට හිමි වේ. P30 Lite සඳහා භාවිතා කර ඇති අදහාගත නොහැකි Hybrid Zoom තාක්ෂණය ඔස්සේ තුන් ගුණයක් දක්වා ජායාරූප ලං කර බැලීමේ හැකියාව හිමි වන අතර ඉතා අඩු ආලෝක තත්වයකදී වූවද ඉතා පැහැදිළි ඡායාරූප ලබා ගැනීම සඳහා Hand-Held Super Night mode උපකාරී වේ. ඕනැම අයකුට දක්ෂ ඡායාරූප ශිල්පීයකු වීමට මෙවැනි වැඩි දියුණු කිරීම් තුළින් අවස්ථාව හිමි වේ. තවද 32MP ඉදිරිපස කැමරාව සහ වැඩි දියුණු කල 3D beautification නිසා පැහැදිලි හා අලංකාර selfi ඡායාරූප ලබා ගැනිමේ හැකියාව P30 Lite භාවිත කරන්නන් හට ලැබේ.

ජංගම දුරකථනය තුළ වූ දත්ත වල ආරක්ෂාව සඳහා face unlock තාක්ෂණය සහ fingerprint sensor තාක්ෂණය AI හරහා වැඩි දියුණු කර P30 Lite සඳහා භාවිතා කර ඇති අතර ඒ තුළින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් දුරකථනය unlock කරගැනීමේ හැකියාව පරිශිලකයන් සඳහා ලැබේ.  කිසිදු අවකාශය හා සම්බන්ධ බාධාවකින් තොරව කටයුතු සිදු කිරීම සඳහා  P30 Lite හි 6GB RAM  සහ 128GB ROM මහෝපකාරී වන අතර  GPU Turbo 3.0 තාක්ෂණයෙන් යුත් නවතම EMUI 9.1 සමඟින් ඉතා හොඳ gaming අත්දැකීමක්  ලබා ගැනීමට ක්‍රීඩා ලෝලී පාරිභෝගිකයන් හට හැකි වේ. මෙම මාදිලිය FDH + 2312x1080pA resolution සහිත අඟල් 6.15 ක අතිශය පුළුල් දර්ශන තලයකින් ද සමන්විත වන නිසා වඩාත් වර්ණවත් අත්දැකීමක් හිමි කරගැනීමට පරිශීලකයින්ට අවස්ථාව උදා වේ.

මෙවැනි අසම සම විශේෂාංග රැසකින් පාරිභෝගිකයා වෙතට එන  P30 Lite දුරකථනයක මිල වන්නේ රුපියල් 47,999/- ක් පමණි. Huawei Experience මධ්‍යස්ථාන, සිංගර් අලෙවි ජාලය තුළින් සහ Dialog සහ Mobitel මධ්‍යස්ථානයන් තුළින් පාරිභෝගිකයන්ට පහසුවෙන්ම P30 Lite දුරකථනයක සාඩම්බර හිමිකරුවකු විය හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව