දශකයක් පුරා ආසියාවේ ඩිජිටල් නවෝත්පාදනයට නායකත්වය ලබාදුන් Arimac

Image 01 - Chamira Jayasinghe - Chief Executive Officer, Arimac DigitalCredits- Echelon Sri Lanka

 




 

 

මීට වසර 10කට පෙර ඩිජිටල් ක්ෂේත්‍රය තුළ නව්‍යකරණය මුසු නැගී එන තාක්ෂණික සමාගමක් ලෙසින් දියත් වූ Arimac Digtal අද වන විට ලොව පුරා සිටින සේවාදායකයන්ට ඩිජිටල් විසඳුම් සඳහා නායකත්වය සපයන අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් ගෝලීය තාක්ෂණයේ සීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සපුරාලීම සඳහා අන්තර්ජාල හා ජංගම යෙදුම් සංවර්ධනය, ඩිජිටල්කරණ තාක්ෂණය, Robotics and Cognitive sciences සහ පරිගණක ක්‍රීඩා සංවර්ධනය ඔස්සේ නව්‍ය විසඳුම් සමඟ ආසියානු කලාපයේ වෙළඳපල තුළ සිය අනසක පතුරුවාගෙන තිබේ.

එහි ආරම්භයේ සිටම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැරීබියන් දූපත්, ෆීජී හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකටම ව්‍යාප්ත වූ Arimac සමාගම පසුගිය වසර 10ක සිය මෙහෙයුම් කාලය තුළ Dhiraagu Mobile, Ooredoo, Etihad, Visa සහ Emirates ඇතුළු ගෝලීය කර්මාන්ත දැවැන්තයන්ට සේවා සපයා ඇත. Arimac හි නිෂ්පාදන හා සේවාවන් පද්ධතිය මගින් Dialog Axiata, Coca Cola, Microsoft, MAS, Hemas, SriLankan Airlines, Brandix, 3M, Lowe LDB, Nestle හා Unilever ඇතුළු මෙරට කීර්තිමත් සමාගම් සඳහාද සහාය ලබාදෙයි. Arimac හි ඩිජිටල් විසඳුම් දැනට, ලොව පුරා මිලියන 150ක පාරිභෝගිකයන්ට දෛනිකව ළඟා වෙමින් තාක්ෂණික බලයෙන් ඔවුන්ගේ ජීවිත සෑම දිනක් පාසාම ඔප්නංවනු ලබයි.

Arimac Digtal නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ මහතා අදහස් දක්වමින් “අභියෝග ගණනාවක් අභිබවා යමින් හා සුවිශේෂී සන්ධිස්ථාන සටහන් කරමින් Arimac Digtal හි 10 වන සංවත්සරය සැමරීම පිළිබඳ අපි ඉතා ආඩම්බරයට පත්වෙනවා. පසුගිය වසර 10 තුළ තාක්ෂණය කෙරෙහි අප සතු ඇල්ම, අප කණ්ඩායමේ සුවිශේෂී නිපුණතා හා කුසලතා සහ අපගේ හොඳින් ස්ථාපනය වූ ජවසම්පන්න නවෝත්පාදනයන්, අපගේ සේවාදායකයන්ට නව හැකියාවන් හා අඛණ්ඩ නවෝත්පාදනයන් ලබාදීම සඳහා ආයෝජනය කිරීමට අප දිනපතාම ගන්නා උත්සාහයන් පිටුපස ඇති ශක්තියයි. මෙම අභියෝගාත්මක කාල වකවානුව තුළ වුවද, නිර්මානශීලී නවෝත්පාදනයන් ඇතිකිරීම තුළින් ශ්‍රී ලංකාව ඔසවා තබන්නටත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස ස්ථාපනය වන්නටත් අප සමත් වී සිටිනවා. අද අපගේ සාර්ථකත්වයට නිසැකවම හේතු වී ඇත්තේ අපගේ කාර්යමණ්ඩලයේ දැඩි කැපවීම, ඇල්ම හා කුසලතාවන්ය. අප කණ්ඩායමේ අඛණ්ඩ, කැපවුණු උත්සාහයන් නොවන්නට මෙම කිසිඳු ජයග්‍රහණයක් යථාර්ථයක් නොවන්නට ඉඩ තිබුණි. අපි නව දශකයක් කරා යද්දී මෙම ඩිජිටල් ක්ෂේත්‍රය තවදුරටත් විප්ලවීය වෙනසකට ලක්කර ශ්‍රී ලංකාව ආසියාවේ තාක්ෂණික විසඳුම් සඳහා ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා ශක්තිමත්ව දැඩි අවධානයෙන් යුතුව නැගී සිටින්නෙමු” යනුවෙන් සඳහන් කළේය.

Arimac හි සාර්ථකත්වය පිටුපස ඇති රහස් සංඝටකය වන්නේ සෑම තරාතිරමකම විවිධත්වයෙන් යුත් 230කට අධික සිය කාර්ය මණ්ඩලයයි. Stanford උපාධිධාරීන්ගේ සිට තවමත් අධ්‍යයන කටයුතු අවසන් කර නොමැති අය දක්වා, සෑම දක්ෂ හා උද්‍යෝගීමත් තාරුණ්‍යට Arimac තුළ සිය දක්ෂතාවන් පෙන්වීමට හා ඔප්නංවා ගැනීමට සමාන අවස්ථාවන් ඇත. භාෂා චතුරත්වය හෝ අධ්‍යාපන සුදුසුකම් පුර්ව අවශ්‍යතාවකින් තොරව නැවුම් කුසලතාවන්, අභිලාශයන් සඳහා Arimac හි අවස්ථාවන් විවෘත වීම එහි සමාරම්භක අවස්ථාවේම ගැබ් වූ ආචාර ධර්මයකි. දකුණු ආසියාවේ ප්‍රථම මානවරූපී රොබෝ යන්ත්‍රයවන ‘දියසෙන්’ සහ ‘කංචායුධ’ හා NERO වැනි පරිගණක ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් තුළින් Arimac පසුගිය දශකයේදී නවීන ඩිජිටල් විසඳුම් පිළිබඳ යෞවනයන් 30,000ක් සමඟ කටයුතු කර තිබේ.

Arimac Digtal සමාගම ඔවුන්ගේ දසවැනි සංවත්සරය ප්‍රබල නවෝත්පාදනයක් සමඟ සංකේතවත් කරමින් ඉතා කෙටිකලකින් ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම රහසිගත ක්‍රියාදාම පරිගණක ක්‍රීඩාව වන NERO දියත් කළ අතර එහි ආරම්භයේ සිට අවසානය දක්වා සියලු සංවර්ධන කටයුතු ශ්‍රී ලාංකික දක්ෂතාවන් යොදාගෙන Arimac හි ක්‍රීඩා නිර්මාණ චිත්‍රාගාරයේදී සිදුකර තිබේ. NERO ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා සංවර්ධකයන්ගේ අපරිමිත කුසලතාවන් ප්‍රදර්ශනය කරමින් ගෝලීය පරිගණක ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවේ ආගමනය සනිටුහන් කරයි. එය ශ්‍රී ලංකාවේ කිරුළු නොපලන් රණවිරුවන්ගේ වීරත්වය සැමරීමට වෙනස්ම ආකාරයේ වූ පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීම සඳහා වසර 3කට අධික කාලයක් පුළුල් පර්යේෂණ කරමින් ගෝලීය මට්ටමේ ක්‍රීඩා අත්දැකීමක් ලබාදීමට කටයුතු කළ Arimac හි දැඩි කැපවීමක් සහිත පරිගණක ක්‍රීඩා සංවර්ධකයන්ගේ ඉමහත් වෙහෙසක ප්‍රතිඵලයකි.

Arimac වසර ගණනාවක් පුරා APICTA, NBQSA, Stevie Awards ඇතුළු බොහෝ කීර්තිමත් සම්මාන මෙන්ම Microsoft Gold Partnership හිමිකරගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි විශිෂ්ඨතම සේවා ස්ථානයන්, එනම් Great Place to Work® අතරටද එක්ව තිබේ.

මෙවන් පිළිගැනීමක් ලැබීම පිළිබඳ තමන්ට දැදෙන ආඩම්බරය පිළිබඳ විමසූවිට අදහස් දැක්වූ චමීර ජයසිංහ මහතා ‘පසුගිය දශකය පුරා අප මෙරට හා වෙනත් රටවල දියත් කළ විශ්මිත නව්‍ය තාක්ෂණයන් සමග ගොඩනගාගත් සබඳතා හා මිත්‍රත්වයන් පිළිබඳ සලකා බැලීමේදී මා හට ඉමහත් තෘප්තියක් ලැබෙනවා. කුඩා පරිමාණයේ තාක්ෂණික සමාගමක සිට ශ්‍රී ලංකාවේ තාක්ෂණ කර්මාන්තයේ සහ මේ වන විට ආසියාවේද පූරෝගාමී තාක්ෂණික සන්නාමයක් දක්වා අප දිගු ගමනක් පැමිණ තිබෙනවා. ප්‍රාදේශීය යෞවනයේ ප්‍රයෝජනයට නොගත් කුසලතා ඉහළ නංවමින් හා ශ්‍රී ලංකාවේ දක්ෂයන් වෙනත් රටවලට සංක්‍රමණය වීම අවම කරමින් අප තවත් වසර ගණනාවක් ගෝලීය වෙඳළපළ තුළ නව්‍ය ඩිජිටල්කරණයන් ඇතිකිරීමට බලාපොරොත්තු වෙනවා’ යැයි පැවැසීය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව