ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සිය සේවක සේවිකාවන්ගේ ඉදිරි සෞඛ්‍යාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පියවර ගනී

Image (2)

 




 

 

කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යන බවට පළවන මාධ්‍ය වාර්තා වැඩි වෙමින් පවතී. කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ 2020 දී සිටම ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ සමාජික සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලවල හා පහසුකම්වල මෙම වෛරසය පැතිරීමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ සම්බන්ධව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමට අප අදහස් කරන්නෙමු:

  1. සැප්තැම්බර් 09 වෙනිදා වන විට, මෙම කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවකයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට කොවිඞ් ප‍්‍රතිශක්තිකරණ එන්නතේ එක් මාත‍්‍රාවක් ද 70% කට වැඩි පිරිසකට එන්නත් මාත‍්‍රා දෙකම ලබා දී තිබේ. වත්මන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල අනුව, 2021 සැප්තැම්බර් අවසන් වන විට අපගේ සමස්ත ශ‍්‍රම බලකායට එන්නත් මාත‍්‍රා දෙකම ලබා දීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
  2. සැපයුම් දාමයට සම්බන්ධ සමාගම් සහ ආපනශාලා සේවා, ආරක්ෂක නිලධාරීන් සහ කර්මාන්තශාලාවලට කම්කරුවන් ප‍්‍රවාහනය කරන හා කර්මාන්තශාලා වෙතට හා ඉන් පිටතට ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම වැනි සේවා සපයන්නන්ට ද එන්නත් ලබා දෙන බවට JAAF සාමාජික සමාගම් සහතික වේ. බොහෝ සමාගම් මෙම ක‍්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති අතර ඉතා ඉක්මනින් මෙම සියලූම පාර්ශවයන්ට එන්නත ලබා දී අවසන් කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.
  3. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර ඇති සමාජ දුරස්ථභාවය සහ අනෙකුත් ආරක්ෂක ක‍්‍රමවේදයන් පිළිබඳව අඛණ්ඩව දැඩිව විමසිලිමත් වීම හා ක‍්‍රියාත්මක වීම සිදු වේ. වෛරසය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා බොහෝ කර්මාන්තශාලා විසින් සේවක සේවිකාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇත.
  4. පසුගිය වසර මුල කොවිඞ් වසංගතය පැතිරීම ආරම්භ වූ දා සිට, JAAF සාමාජික සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත කොවිඞ් ආසාදිතයින් හඳුනා ගැනීමට අවශ්‍ය PCR පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතා හා ප‍්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරමින් සිටියේය. හොඳින් වාතාශ‍්‍රය ඒමට හා පිටවීමට ඇති පද්ධති ඵලදායීව, කාර්යක්ෂවම හා සම්පූූර්ණයෙන් ක‍්‍රියාත්මක වන බවට ද කර්මාන්තශාලා සහතික වෙයි.
  5. මහජන සෞඛ්‍ය බලධාරීන්ගේ සම්බන්ධීකරණය සහිතව සිය කර්මාන්තශාලා හා පහසුකම් පිහිටා ඇති ප‍්‍රදේශවල සේවය කරන ප‍්‍රජාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඉහළ නැංවීමේ ක‍්‍රම පිළිබඳව JAAF සොයා බලමින් සිටී; ඊළඟ පියවර වන්නේ සේවක පවුල් සඳහා කඩිනමින් එන්නත් ලබා දිය හැක්කේ කෙසේදැයි සොයා බැලීමයි.
  6. මීට අමතරව, වත්මන් තත්ත්වය සහ අළුත්ම වැඩපිළිවෙලවල් පිළිබඳව සේවක සේවිකාවන් දැනුවත් කිරීම සඳහා කර්මාන්තශාලාවල අඛණ්ඩව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබයි.

සිය ශ‍්‍රම බලකායේ මානසික හා ශාරීරික යහපැවැත්ම පිළිබඳව ඉතා දැඩි සැලකිල්ලක් දක්වන JAAF සාමාජික සමාගම් සේවක සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කළ යුතු සෑම දෙයක්ම කරනු ලබයි. එහි සාමාජිකයින් විසින් ඉදිරි වැඩකටයුතු පිළිබඳව වරින් වර බලධාරීන් සහ මහජනතාව දැනුවත් කරනු ඇති අතර එම කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳ යාවත්කාලීන හා වෙනස්කම් පිළිබඳව තොරතුරු ද ලබා දෙනු ඇත.

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව