දකුණු ආසියාවේ පළමු වරට  රොසෙල් Starlight ටයිල් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

image.png_2K_20261016093142

ශ්‍රී ලංකාවේ ටයිල්  හා බාත්වෙයා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන රොසෙල් (Rocell), දකුණු ආසියාවේ පළමුවටර ජාත්‍යන්තර මට්ටමේ නවතම තාක්ෂණයෙන් යුත් ‘Rocell Starlight’ පොලිෂ්  ටයිල් එකතුව මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

සාමාන්‍ය පොලිෂ් ටයිල් වල දක්නට ලැබෙන ස්වභාවය වෙනුවට Rocell Starlight හි ඇති විශේෂ නිමාව නිසා ටයිල් මතුපිටට අද්විතීය ආලෝකයක් සහ ආකර්ෂණීය බවක් ලබාදෙයි. මෙම ටයිල් එකතුවෙහි ඇති සුවිශේෂීම වෙනස වන්නේ ටයිල් පොලිෂ් කිරීමට පෙර එහි නිෂ්පාදන ක්‍රියාවලියටම විශේෂිත වර්ණ සහ අමු ද්‍රව්‍ය මුසුකර මෙම අලංකාර දිදුලන ස්වභාවය ටයිල් ඇතුළතින්ම මතුකර තිබීමයි. එබැවින් එහි උසස් ගුණාත්මකභාවය හා මනරම් නිමාව දීර්ඝ කාලයක් නොවෙනස්ව පවතී. විශ්වීය සුන්දරත්වයෙන් ආභාෂය ලබා නිමවා ඇති Rocell Starlight ටයිල් එකතුව ආලෝකය සමඟ සම්මිශ්‍රණය වී මනා සුන්දරත්වයක් සහ සජීවී පෙනුමක් ඔබගේ නිවහනට එක් කරයි.




‘Rocell Starlight’ ටයිල් එකතුව නිවාස හිමියන්, ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන්ම අභ්‍යන්තර අලංකරණ ශිල්පීන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම සැලසුම් කර ඇත.

ලොව විශිෂ්ටතම නිර්මාණ සහ තාක්ෂණයන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට රොසෙල් තැබූ තවත් එක් සාර්ථක පියවරක් ලෙස ‘Rocell Starlight’ හැඳින්විය හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව