Twilight Saga” The Hunger Games” Mad Men” Power සහ තවත් බොහෝමයක් හොලිවුඩ් බ්ලොක්බස්ටර්ස් සහ ඔරිජිනල් චිත්‍රපට රැසක් ලයන්ස්ගේට් ප්ලේ Direct to Consumer OTT ඇප් එක හරහා නැරඹිය හැකි ය.
2021 ජුලි 13 කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ප්‍රධාන චිත්‍රපට විකාශන ප්ලැට්ෆෝමය වන STARZ ආසියාවේ සිය ව්‍යාප්තිය තවතවත් වර්ධනය කරමින් ඉන්දියාවට සහ ඉන්දුනීසියාවට එහි direct to consumer Over the Top (OTT) ඇප් එක වන ‘ලයන්ස්ගේට් ප්ලේ’ සාර්ථකව හදුන්වාදීමෙන් පසුව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. මෙම ස්වාධීන direct to consumer OTT ‘ලයන්ස්ගේට් ප්ලේ(Lionsgate play) හරහා ශ්‍රී ලාංකිකයන්ට හොලිවුඩ් බ්ලොක්බස්ටර්ස්, චිත්‍රපටමාලා සහ ප්‍රධාන පෙළේ ඔරිජිනල් චිත්‍රපට සහ බොක්ස්සෙට්ස් නැරඹීමේ අවස්ථාව ලැබේ.
ප්‍රධානතම සාමාජිකත්වය ලබා ගැනීම තුළින් “ද හන්ගර් ගේම්ස්” සහ Twilight Saga වැනි බ්ලොක්බස්ටර් චිත්‍රපට මෙන්ම ප්‍රධාන පෙළේ සිනමා තරු රැසක් රඟන Now You See Me සහ ඇකඩමි සම්මානයන්ගෙන් පිදුම් ලත් The Aviator සහ Babel වැනි චිත්‍රපට මෙන්ම ආදරණීය නාට්‍යයක් වන Remember Me සහ මහත් පිළිගැනීමට ලක් වුණු රූපවාහිනි කථාංග වන Weeds” Power, Mad Men සහ The Spanish Princess වැනි චිත්‍රපට සහ නාට්‍ය රැසක් සෘජුවම ග්‍රාහකයින්ට නැරඹිය හැකි ය.
මෙම හදුන්වාදීම පිළිබදව අදහස් දක්වමින් දකුණු ආසියානු සහ ආසියාවේ නැගී එන – ජාල වෙළෙදපොළ කළමනාකරණ අධ්‍යක්ෂක රෝහිත් ජයින් මහතා මෙසේ පැවසුවේ ය. “ලයන්ස්ගේට් ප්ලේ ඇප් එක හරහා ලයන්ස්ගේට් ජාත්‍යන්තර සන්නම් නාමය ශ්‍රී ලංකාවට හදුන්වාදීමට ලැබීම පිළිබදව අපි ඉතාමත් සතුටු වන්නෙමු. මෙරට සීග්‍රයෙන් වර්ධනය වන අන්තර්ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතය සහ මෑතදී හදුන්වාදුන් අසීමිත අන්තර්ජාල පැකේජයන් සමගින් ශ්‍රී ලංකාව ප්‍රධාන වෙළෙදපොළක් ලෙස අපි හදුනාගෙන ඇත්තෙමු. අපගේ පාරිභෝගිකයන් සදහා ඉතාමත් අනර්ඝ, කිසිදා නරඹා නොමැති ආකර්ෂණීය මෑත කාලීන ඉදිරිපත් කිරීම් සහ අපගේ ප්‍රධානතම චිත්‍රපට සහ නාට්‍ය එකතුව ලබා දීම අපගේ අරමුණයි. ලයන්ස්ගේට් ප්ලේ ඇප් එක හරහා අපි ලොව සුපතල ප්‍රධාන පෙළේ විනෝදාස්වාදය පාරිභෝගිකයන්ගේ සමීපයට ගෙන ඒමට අපට හැකියාව ලැබී ඇත. මෙම හදුන්වාදීම මෙරට ජනතාවට සුවිශේෂී අත්දැකීමක් පිරිනමනවා නිසැක ය.”
ඉතාමත් ආකර්ෂණීය ගාස්තුවක් යටතේ ශ්‍රී ලංකාවට හදුන්වාදුන් මෙම සේවාව රු. 300/- මාසික ගාස්තුවක් සහ රු. 2,000/- ක වාර්ෂික ගාස්තුවක් වශයෙන් සාමාජික තත්ත්ව දෙකක් යටතේ ලබා ගත හැකි ය. ජාත්‍යන්තර විනෝදාස්වාදය ඉතාමත් පහසු මිලක් යටතේ ශ්‍රී ලාංකිකයන්ට භුක්ති විදීමේ අවස්ථාව මෙමගින් හිමි වේ.
Apple Store ” Google Playstore සහ Amazon Firestick වෙතින් මෙම ඇප් සේවාව ලබා ගත හැකිය.