මැහුම් ගෙතුම් වල නියැලීමෙන්  මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ

Sewing-Sri-Lanka-2

මානසික සෞඛ්‍යය වර්ධනය සඳහා මැහුම් ගෙතුම් වල නියැලීමට සහස්‍රයේ ළමයින් “Millennials” වැඩි නැඹුරුවක් දැක්වන බවට හේතු සාධක සොයාගෙන ඇත.

සහශ්‍ර පරම්පරාව “චිකිත්සක පරම්පරාව”ලෙස මානසික සෞඛ්‍ය හා සම්බන්ධ බුද්ධිමය සංසද අතර හැඳින්වේ. ඔවුන්ට පෙර සිටි සෑම පරම්පරාවකට වඩා ඔවුන් මානසික චිකිත්සාව කෙරෙහි විශ්වාසය තබා ඇති අතර මානසික සෞඛය හා සම්බන්ධ කතිකාවන් සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමද විශේෂත්වයක්.

නමුත් චිකිත්සාව කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව සමගම ඔවුන්ගේ හැඟීම් අන් අය සමඟ සාකච්ඡා කිරීමට ද විවෘතව සිටී.

එම විවෘත බව සමගම  පසක් වන සුවිශේෂී මෙන්ම භයානක අවදානමක් පිළිබඳ හෙළි කරයි. එනම් 2013 සිට මානසික අවපීඩන රෝග විනිශ්චය 47% කින් ඉහළ ගොස් ඇති සහශ්‍ර පරම්පරාව (Millennials) අතර මානසික අවපීඩනය ඉහළ යමින් පවතී.

නමුත් සුභවාදී කාරණය නම් අවිධිමත් ආධාරක කණ්ඩායම් ලෙස ක්‍රියා කරන සබැඳි ප්‍රජාවන් කෙරෙහි යෞවනයන් අතර ජනප්‍රියත්වය ඉහළ යාමයි. එවැනි එක් ප්‍රජාවක් වන  ඇමරිකානු Sew-It-Online community ප්‍රජාව සෑම වයස් කාණ්ඩයකම ජනතාව අතර සවිබල ගැන්වීම, ආනුභාව සම්පන්න සහ ධනාත්මක බලවේගයක් බව දිනෙන් දින සනාථ වෙමින් පවතී.

මීට වසර 30 කට පමණ පෙර ක්ලීව්ලන්ඩ් හි ජෑන් බ්‍රොස්ටෙක් සිය ව්‍යාපාරය “Pins and Needles” විවෘත කළ විට වර්තමාන වසංගතය තුළ මැහුම් කරුවන්ගේ කාර්යභාරය කෙතරම් වැදගත් වේදැයි ඇය කිසි විටකත් නොසිතන්නට ඇති. එක් රෝහලක සෞඛ්‍ය සේවකයින්ට සහාය වීම සඳහා ජෑන් ප්‍රජාව අතර මැහුම් වැඩක් ලෙස ආරම්භ වූ මුහුණු ආවරණ මැසීමේ මෙම ක්‍රියාදාමය ගෝලීයව මුහුණු ආවරණ මිලියනයේ දැවැන්ත ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය.

ජෑන් ප්‍රජාව පවසන පරිදි අද වන විට ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය පුරා රෝහල්, වෛද්‍ය සායන සහ සාත්තු නිවාස සඳහා ඔවුන් විසින් මසා නිමකල මුහුණු ආවරණ මිලියන දෙකකට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.

එහෙත් මෙම ත්‍යාගශීලීභාවයේ විස්මය දනවන කාරණය නම්, COVID-19 හමුවේ කෝටි ගනනින් මිනිසුන් මානසිකව හා කායිකව ඇද වැටෙද්දී, මුහුණු ආවරණ මැසීමේ අභියෝගයට සහභාගී වූ පිරිස ඔවුන්ගේ පෞද්ගලික මානසික  සෞඛ්‍ය උසස් මට්ටමක පවත්වා ගැනීමට මෙම කර්තව්‍ය ඉවහල් කරගෙන ඇති බවකි.

2020 මුල් භාගයේදී ගෝලීයව අප දුටු  මැහුම් සඳහා ඇති උනන්දුව නැවත ඇතිවීම පිටුපස සහශ්‍ර පරම්පරාව (Millennials) විශාල ගාමක බලවේගයක් වීම අහම්බයක් නොවේ. “මෙම වසංගතය අවසන් කිරීමට ඔබ දන්නා දෙයක් සෑදීමට ඔබේම දෑත් භාවිතා කරන්න” යන සවිබල ගැන්වීම ඔවුන්ගේ පණිවුඩයයි. මේ ඔස්සේ Sew-It-Online ප්‍රජාව #inittogether ව්‍යාපාරයට නව අරුතක් ලබා දෙයි.

 

 

මැහුම් ගෙතුම් වල නියැලීමෙන්  මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ පහක්.

ඔබ කිසි විටෙකත් මැහුම් මානසික සෞඛ්‍ය උත්පාදකයක් ලෙස නොසැලකේ නම්, ඔබේ මව සහ අත්තම්මලා දැනටමත් දන්නා දේ අත්විඳීමට සුදුසුම කාලයයි.

මැහුම් ගෙතුම් වල නියැලී සැබෑ චිකිත්සක ප්රතිලාභ ලබාගත හැක.

 

1) ඔබ සඳහාම වෙන්වූ  කාලයක් වෙනුවෙන්මැහුම් ගෙතුම්හොඳ නිදහසට කරුණකි.

ඔබට ආශ්වාස ප්‍රශ්වාසයක් ලබා දීමට ඔබට කවදා හෝ නිදහසට කරුණක් අවශ්‍ය නොවේ, නමුත් මැහුම් යනු ඔබ වෙනුවෙන්ම කාලය ගත කිරීම සඳහා සැබවින්ම ඵලදායී ක්‍රමයකි. ඊට අමතරව, ඔබේ දෑත් මැහුම්  ගෙතුම් සමග කාර්යබහුල වන විට වෙනකෙනෙකු ඔබට බාධාකිරීමට ඇති ඉඩකඩ අවම වේ. එමනිසා මැහුම් ගෙතුම් යනු ඔබට දැහැනකට සමවැදී මක් මෙන් කල හැකි ක්‍රියාවලියකි.

 

2) සමාජ මාධ්යවලින් ඈත් වී, කෙරෙහි ඇති ඇබ්භැහිය (#doomscrolling) අවම කර ගැනීමට මැහුම් ගෙතුම් හොඳ හේතුවකි.

COVID-19 හමුවේ ඇතිවූ නව ජීවන රටාව ඔබ හා ඔබේ දරුවාව වෙනදාට වඩා වැඩිමොහොතක් ඔබගේ දුරකථනය, ස්මාට් උපාංගය හෝ කොම්පියුටර තිරය ඉදිරිපිට කල්වේලා ගතකරමින් අථත්ය ලෝකයේ නොදැනුවත්වම අපනොසිතූ විරූ ඇබ්භැහිවීමක් කරා මනස පුහුණුකරන යුගයක ඒ සෞඛ්‍ය සම්පන්න නොවන යථාර්ථයට තිත තබන්න ඔබගේ ස්මාර්ට් උපාංග වලින් මදකට ඈත්වී ඔබේ මහන මැශිමට අත තබන්න, එසේත් නැතහොත් නූල් සහ ඉඳිකටුවක් ගන්න අවැසි කාලයයි මේ.

 

3) මැහුම් ගෙතුම් සිතේ ඒකාග්‍රතාව පවත්වාගැනීමට සහය ලබදෙන  භාවනාවකි

මැහුම් වල ඇති නැවත නැවත එකම දේ කිරීමේ ස්වභාවය (පුනරාවර්තන ස්වභාවය) මානසික සැහැල්ලුවක් ගෙන දිය හැකි කරුණකි. ඔබ එකම රටාව නැවත නැවතත් මහන විට එය ඔබේ මොළයට සහනයක් ලබා දීමෙන් මානසික ආතතිය සමනය කිරීමට උදවුවේ. ඔබේ ජීවිතයේ මෙම පීඩාකාරී කාල පරිච්ඡේදයේදී විවේකීව සිටීමට ඔබේ මොළයට අවශ්‍ය වන්නේ ඇතැම් විට මෙය විය හැකිය.මැහුම් වැනි සිහියෙන් කල යුතු ක්‍රියාකාරකමක් යනු ආතති සහගත ජීවන රටාව සඳහා කදිම පිළියමයි.

නව සාමාන්‍ය ජීවිතයේ (New Normal) හි ප්‍රතිඵලයක් ලෙස ඔබ පරිගණක, ස්මාර්ට් උපාංග, දුරකථන සහ අන්තර්ජාලය සමඟ ඉතා දිගු කාලයක් එකට වැඩ(Multitasking) කරනවා වියහැකිය. ඔබේ මානසික සෞඛ්‍යය එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම කොතරම් හොඳදැයි කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න.

එවැනි තත්වයකට හොඳම පිළිතුර මැහුම් ය.

 

4) මැහුම් කලාව ඔබට ඉටු කිරීමට ව්‍යාපෘති ලබා දෙයි.

මහන ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීම ඉතාමත් තෘප්තිමත් ක්‍රියාකාරකමකි. දිගු කාලයක් ස්ථාවරව හා අඛණ්ඩව වැඩ කිරීමෙන් පසු යමක් නිර්මාණය කර අපගේ ඉලක්කය සපුරා ගන්නා විට, අප නිමැවූ දේ ගැන අපි ආඩම්බර වෙමු. ආත්ම අභිමානය ඉහළ නැංවීම සඳහා එවැනි ව්‍යාපෘති නිම කිරීම මිල කළ නොහැකිය. එය පැහැදිලි කළ නොහැකි මානසික සතුටක් ලබා දෙයි.

 

5) මැහුම් මඟින් ඔබේ විශ්වාසය හා විලාසිතා ශෛලින් පිළිබඳ වැඩි දැණුමක් ඇති කළ හැකිය.

ඔබ ඔබටම ඇඳුම් මැසීම කරන්නේ නම්, ඔබේ ශරීරයේ ප්‍රතිරූපය වැඩි දියුණු කළ හැකි ආකාරය පවා ඔබට පෙනෙනු ඇත. ඒ කෙසේදයත්, මැහුම් ඔබට ඔබේම විලාසිතා ශෛලිය පිළිබඳ අවබෝධයක් වර්ධනය කර ගැනීමට උපකාරී වන අතර ශරීර ප්‍රමාණයන් පිළිබඳ වඩාත් ප්‍රායෝගික අදහසක් ලබා දෙයි. එසේම, ඔබ ඔබටම සුවිශේෂී අවේනික යමක් සැලසුම් කිරීම සහ මැසීම ගැන සිතන්න. මැහුම් ඔබට ඔබ කෙරෙහි ප්‍රේමයක් පෙන්වීමට මොනතරම් විශේෂිත ක්‍රමයක්ද!

 

ඔබේ මානසික සෞඛ්‍යය අඩුවීමෙන් ඔබ පීඩා විඳින විට, සමාජ ආශ්‍රය නැවත ඒ මානසික තත්වය සමතුලිතතාවයට ගෙන ඒමට වැදගත් ක්‍රමයකි. Sew-It-Online community වැනි සබැඳි ප්‍රජාවක් සොයා ගැනීම ඔබට අරමුණ කරා ලඟ වීම පහසුකරයි. ඔබ ඔබගේ ආශාව කුමක් වුවත්, එය අන් අය සමඟ බෙදා ගැනීමට ක්‍රමයක් සොයා ගන්න! මැහුම් ගෙතුම් මෙන්ම මානසික සුවයක් ඒ විසින් ඔබට ලබාදෙනු නිසැකය.

ඔබ මැහුම් ඉගෙන ගැනීමට අශාවෙන් බලාසිටින කෙනෙක් නම් මේ වසංගත තත්වය හමුවේ වුවද නිවසේ සිටම මැහුම්, ගෙතුම් අත්කම් ඉගෙන ගැනීමට සිංගර් ෆැශන් ඇකඩමිය ඉඩප්‍රස්තාව ලබාදී ඇත. ඔබට ඇවැසි මානසික සුවය ලබා ගන්න සිංගර් සමග මැහුම් ඉගන ගන්න අපගේ ඔන්ලයින් පාඨමාලා (Online Zoom Classes) මෙන්ම E-ඉගැනුම් පාඨමාලා (Recorded E-Learnig Lessons) සදහා දැන් ලියාපදිංචිවිය හැක. ඒ සඳහා 07661770177 අමතන්න…

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව