චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි

IMAGE - 1

මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය. එය ඩුබායිහි අල් කරාමා ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලාංකික චීන අවන්හලක් ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාපාර පුළුල් කළ පළමු අවස්ථාව මෙය වේ. “අපගේ ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරීම පිළිබඳව ඉතාම සතුටුයි. විවිධ රටවලින් පැමිණෙන, විවිධ සංස්කෘතිවලට අයත් පාරිභෝගිකයන් ශ්‍රී ලාංකික සහ චීන රසවල සම්මිශ්‍රණයක් වන අපගේ ආහාර රස විඳිනවා. ඩුබායිහිදී අපට ලැබුණු පිළිගැනීමෙන් පිළිබිඹු වන්නේ ලොව පුරා චයිනීස් ඩ්‍රැගන් කැෆේ වෙත ඇති පිළිගැනීමයි.” කළමනාකරණ අධ්‍යක්ෂ උදේෂි මහතා පැවසීය.

 



 
චයිනීස් ඩ්‍රැගන් කැෆේහි පාරිභෝගිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ආහාරයක් ලෙස Hot Butter Cuttlefish හැඳින්විය හැකිය. වසර 82කට වඩාත් පැරැණි වට්ටෝරුවක් වන මෙයට ඇති සුවිශේෂ රසය කිසිවෙකුට අමතක නොවන්නකි. මෙය සම්ප්‍රදාය සහ රසය මුසු කිරීම සඳහා චයිනීස් ඩ්‍රැගන් කැෆේ සතු හැකියාවට හොඳම උදාහරණයකි. නාසි ගුරාන්, සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, ටොම් යම් ගූන් වැනි ආහාරවලටද සුවිශාල ඉල්ලුමක් ඇත. චයිනීස් ඩ්‍රැගන් කැෆේ කෙටි කාලයකින් ඩුබායිහි පදිංචිකරුවන් සහ ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය අවන්හලක් බවට පත් වී තිබේ. චයිනීස් ඩ්‍රැගන් කැෆේ Noon Foods, Talabat, Careem, Deliveroo වැනි ජනප්‍රිය බෙදා හැරීමේ ආයතන සමඟද එක් වී ඇත. ඒ හරහා තමන්ට අවශ්‍ය ආහාර නිවසටම ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. ඉදිරියේදී තවත් රටවල සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට එම ආයතනය සැළැසුම් කර ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව