
CHEC Port City Colombo (Pvt) Ltd සහ මොරටුව විශ්වවිද්යාලයේ නාගරික හා ග්රාමීය සැලසුම්කරණ අධ්යයනාංශය විසින් නාගරික සංවර්ධනය, නාගරික තොරතුරු තාක්ෂණය, පර්යේෂණ, නවෝත්පාදන සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් අධ්යයන ක්ෂේත්රය සහ කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා ඇත.
2026 සැප්තැම්බර් 29 වන දින මොරටුව විශ්වවිද්යාලයේ දී අත්සන් තබන ලද මෙම ගිවිසුම මඟින්, කොළඹ වරාය නගරයේ සංවර්ධන ක්රියාවලිය සහ නාගරික සැකසුම්කරණය සමඟ සමීපව කටයුතු කිරීමට මොරටුව විශ්වවිද්යාලයේ සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට පුළුල් අවස්ථාව හිමිවේ.
මෙම හවුල්කාරිත්වය හරහා සිසුන් සඳහා ක්රමවත් පුහුණු වැඩසටහන්, ප්රායෝගික අත්දැකීම්, අධ්යයන ව්යාපෘති සහ කුසලතා සංවර්ධන අවස්ථා හිමිවේ. එමෙන්ම කොළඹ වරාය නගරය තුළ ලියාපදිංචි ආයතන සම්බන්ධ කරගනිමින් පවත්වන රැකියා ප්රදර්ශන මඟින් දීර්ඝකාලීන වෘත්තීය සබඳතා ගොඩනඟා ගැනීමට ද මගපෑදේ.
“ව්යාපෘතියේ ප්රධාන සංවර්ධන සහකරු ලෙස විශ්වවිද්යාල සමඟ මෙලෙස සමීපව කටයුතු කිරීමට ලැබීම අපි ඉතා අගය කොට සලකනවා. මන්ද නාගරික සංවර්ධනය යනු හුදකලාව සිදුවෙන්නක් නොවෙයි. මෙමඟින් සිසුන්ට ප්රායෝගික අත්දැකීම් හිමිවන අතරම, අනාගත නගර පිළිබඳව පර්යේෂණ කරන පිරිසගේ දැනුම හා නව්ය අදහස් කොළඹ වරාය නගරයට ලබාගැනීමට ද මගපෑදෙනවා. ශ්රී ලාංකේය දක්ෂතාවන් ජාත්යන්තරයට විවර කරදෙන වේදිකාවක් ලෙස කොළඹ වරාය නගරය ගොඩනැගීමේදී, මෙවැනි දැනුම හුවමාරු කරගැනීම් මොරටුව විශ්වවිද්යාලයේ සියලුම අධ්යයන ක්ෂේත්රයන් ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ ෂියොං හොංෆෙං මහතා පැවසීය.
මීට පෙර පැවැත්වූ ‘Smart City Ideathon’ වැනි වැඩසටහන් හරහා ගොඩනැගුණු සබඳතාව මෙම නව ගිවිසුම මඟින් පර්යේෂණ, අධ්යයන හුවමාරු, නවෝත්පාදන සහ කර්මාන්ත සබඳතා ඇතුළත් සවිමත් සහයෝගීතාවක් බවට පරිවර්තනය කෙරේ. ඒ අනුව, ස්මාර්ට් නගර සංවර්ධනය සහ නාගරික තොරතුරු තාක්ෂණය ඇතුළු නැගී එන අභියෝග සඳහා විසඳුම් සෙවීමට දෙපාර්ශ්වයම එක්ව කටයුතු කරනු ඇත.
“නවීන තාක්ෂණයෙන් යුත් මෙන්ම අපගේ දේශීය අවශ්යතා සහ නාගරික තත්ත්වයන්ට ගැළපෙන ප්රවේශයන් පිළිබඳව හැදෑරීමට මෙම හවුල්කාරිත්වය මඟින් කාලෝචිත අවස්ථාවක් හිමිවෙනවා. නාගරික සැලසුම්කරණය ප්රායෝගික සංවර්ධන අත්දැකීම් සමඟ සම්බන්ධ කිරීමෙන් අනාගත නගර සංවර්ධනයට යොදාගත හැකි දේශීයත්වයට ගැළපෙන නව්ය විසඳුම් බිහිකිරීම අපගේ බලාපොරොත්තුවයි,” යැයි මොරටුව විශ්වවිද්යාලයේ නාගරික හා ග්රාමීය සැලසුම්කරණ අධ්යයනාංශයේ ප්රධානී ආචාර්ය රිස්වි නූර්දීන් මහතා සඳහන් කළේය.
මෙම සහයෝගීතාව හරහා විශ්වවිද්යාලයේ සියලුම සිසුන්ට කොළඹ වරාය නගරය තුළ ක්රියාත්මක වන ජාත්යන්තර සමාගම් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව හිමිවන අතර, එමඟින් විදේශගත නොවී මෙරට සිටම ජාත්යන්තර වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමට මගපෑදේ. හුදෙක් යටිතල පහසුකම් සංවර්ධනයට එහා යමින් දැනුම, නවෝත්පාදන සහ ව්යාපාරික සබඳතා පදනම් කරගත් අනාගත නගරයක් සැලසුම් කිරීමට කොළඹ වරාය නගරය තබන තවත් එක් පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය හැඳින්විය හැක.
කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු සඳහා www.portcitycolombo.lk වෙබ් අඩවියට ද, එකම ස්ථානයකින් ආයෝජන පහසුකම් සැලසීමේ සේවා සඳහා www.portcitycolombo.gov.lk වෙබ් අඩවියට ද පිවිසෙන්න.


