කොමර්ෂල් බැංකු කාර්යමණ්ඩලය ‘පහන් ගී’ සමඟින් පොසොන් සමරයි

Poson Pahan Gee 2024 (LBN)

පොසොන් උත්සවය නිමිති කර ගනිමින් ‘පහන් ගී’ බැති ගී සරණිය කොමර්ෂල් බැංකුවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත ගායන කණ්ඩායමක් විසින් පසුගියදා පවත්වනු ලැබීය. බැංකුවේ සභාපති ෂර්හාන් මුෂින් මහතා, උප සභාපති රාජා සේනානායක මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ඇතුළු බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නියෝජිතයින් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේදී පැවති මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර වත්මන් සහ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද සහභාගී විය.

 



 

මෙම බැති ගී සරණියේ ආරාධිත කලාකරුවා වශයෙන් ජනප්‍රිය සංගීතඥ ටී. එම්. ජයරත්න මහතා සහභාගි වූ අතර එතුමා සමඟ බැංකුවේ කාර්ය මණ්ඩලය ගීත කිහිපයක් ගායනා කරන ලදී.  ගායන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද බැති ගී බොහොමයක් බැංකුව වෙනුවෙන් නිර්මාණය කර තිබීම මෙවර විශේෂත්වයකි. සේයාරුවෙන් දැක්වෙන්නේ පහන් ගී බැති ගී සරණියේ එක් අංගයකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව