කොමර්ෂල් බැංකුව සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ලෙස සම්මාන ලබයි

ComBank TAB Awards 2025 (LBN)

ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙස ද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්තිමත් සම්මාන දෙකක් ද කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත.

2022-2024 කාලපරිච්ජේදය වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ මූල්‍ය සේවා කර්මාන්තයේ වෘත්තිකයින්ගේ විශාලතම වාර්ෂික රැස්වීම වන ආසියානු බැංකුකරුවන්ගේ සමුළුවේ 2025 සංස්කරණයට සමගාමීව ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති අති උත්කර්ෂවත් ඒෂියන් බෑන්කර් ගෝලීය නායකත්ව ජයග්‍රහණ සම්මාන උළෙලේ දී ය.
 



 

ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරී සම්මානය මගින් අස්ථාවර කාලපරිච්ජේදයක දී මනතුංග මහතා පෙන්වූ දූරදර්ශී නායකත්වය අගය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම, වඩාත්ම ස්ථාවර හා වඩාත්ම විශ්වාසදායක මූල්‍ය ආයතනය ලෙස තම ආයතනය වර්ධනය කරමින් කොමර්ෂල් බැංකුව සැලකිය යුතු සාර්ව ආර්ථික අභියෝග ජයගත් ආකාරය මෙහිදී පිළිගැනීමට ලක් විය.

“2022 – 2024 වර්ෂයන් පුරාවටම සනත් මනතුංග මහතා පෙර නෙවූ විරූ ආර්ථික, මූල්‍ය සහ මෙහෙයුම් අභියෝග මධ්‍යයේ බැංකුව මෙහෙයවීමේදී අසමසම ධෛර්යයක් හා උද්යෝගයක් පෙන්වූවේ ය. ඔහුගේ නිර්භීත උපායමාර්ගික තීරණ, ඩිජිටල් නව්‍යෝත්පාදන වෙනුවෙන් වූ කැපවීම, පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයන් හා තිරසාරභාවය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම සහ වඩාත්ම ස්ථාවර මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය ශක්තිමත් කර ඇත,” යනුවෙන් බැංකුව පැවසීය. “ප්‍රධාන විධායක නිලධාරියාගේ නායකත්වය හරහා ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය නැවත අර්ථ දක්වා ඇති අතර කොමර්ෂල් බැංකුව, ස්ථාවරභාවය, නව්‍යෝත්පාදනය සහ තිරසාර බැංකුකරණය සම්බන්ධයෙන් ගෝලීය මිණුම් දණ්ඩක් බවට පත් කර ඇත.”

මෙම සම්මාන සඳහා තක්සේරු කරන ලද කාලපරිච්ජේදයේ කැපී පෙනෙන සිදුවීම් අතරට ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, මූල්‍ය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම සඳහා හිමිකම් නිකුතුවක් සහ ණයකර නිකුතුවක් හරහා පිළිවෙලින් රුපියල් බිලියන 22.54 ක් හා රුපියල් බිලියන 20ක් රැස් කිරීම; අඛණ්ඩව සිව්වන වරටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට මෙරට විශාලතම ණය දෙන්නා ලෙස ශ්‍රේණිගත කිරීම; සැපයුම් දාම සම්බන්ධතාව සහ වෙළඳපල ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ LEAP GlobalLinker නමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් වේදිකාවක් ඇති කිරීම; ආයතනික කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් ව්‍යවසාය විසඳුම් යටතේ “Host-to-Host” (H2H) අතර ගෙවීම් සේවා දියත් කිරීම; කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් වේදිකාව පරිශීලකයින් මිලියන 1.5 ඉක්මවා වසරකට රුපියල් ටි‍්‍රලියන 4 ඉක්මවූ ගනුදෙනු ප්‍රමාණයක් සිදු කිරීම; මෙන් ම බැංකුවේ පාරිසරික කැපවීම ශක්තිමත් කරමින් වාර්ෂිකව පැළ 100,000 ක් සිටුවීම සම්පූර්ණ කිරීම, කැපී පෙනෙන ජයග්‍රහණ වේ.

වත්කම්, ණය හා තැන්පතු අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙසත්, වත්කම් හා තැන්පතු රුපියල් ටි්‍රලියන 2 බැගින් සහ ණය රුපියල් ටි‍්‍රලියන 1 ඉක්මවූ පළමු පුද්ගලික අංශයේ බැංකුව ලෙසත්, 2024 අවසන් වන විට 38.07%ක CASA අනුපාතයත් සහිත බැංකුව ලෙසත් කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය තහවුරු කර ගනිමින් තවත් වැදගත් සන්ධිස්ථාන ද අත්පත් කර ගන්නා ලදී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව