කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය එක්ව අපනයන අංශයට ලබාදෙන සහයෝගය වැඩි කරයි

NCE partnership (LBN)

 



 

 

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ.

මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි කොමර්ෂල් බැංකුව දක්වන කැපවීම මෙන්ම අපනයනකරුවන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීමට පූර්ණ ජාත්‍යන්තර බැංකුකරණ හැකියාවන් සහ විශේෂඥතාවය ලබාදීම සිදු කරන බව බැංකුව සඳහන් කරයි.

මෙම අවබෝධතා ගිවිසුමට කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ එස්. ගනේෂන් මහතා සහ ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, මේනකා වන්නිආරච්චි මහත්මිය විසින් අත්සන් කරන ලදී.

ඉහළ මට්ටමේ දේශීය වැදගත් කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් වර්ගීකරණය කර තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය, පුද්ගලික සහ විශේෂිත බැංකු අතුරින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය මුදලක් ලබාදී තිබෙන තනි බැංකුව වන අතර මෙරට අපනයන වලින් 18% කට වැඩි ප‍්‍රමාණයකට කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව