
කාන්තාවන් වෙනුවෙන් පළවන ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සඟරාව වන Satyn සහ ශ‍්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනය පුරෝගාමීව ආරම්භ කළ කාන්තාවන්ට සුදුසු සේවා ස්ථාන (WFWP) තේරීමේ සමාරම්භක සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පළමු ජයග‍්‍රාහකයින් 10 දෙනා අතරට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ.
ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පළමු සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙසින් සැලකෙන මෙය මගින් සේවා ස්ථානයේදී කාන්තාවන් සවිබල ගන්වන සහ දිරිමත් කරන, සේවා ස්ථානයේදී කාන්තාවන්ගේ සේවා කටයුතු සඳහා අගය එකතු කරන, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ අවස්ථාවන් ආරක්ෂා කරන සහ එක්සත් ජාතීන්ගේ 5 වන තිරසර සංවර්ධන අරමුණ වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ කැපවීම පෙන්වන සේවා ස්ථාන ඇගයීමට ලක් කරයි.
බඳවාගැනීමේ ප‍්‍රතිපත්තියේදී, ප‍්‍රතිලාභ සහ ගෙවීම් ලබාදීමේදී, පුහුණු සහ සංවර්ධන අවස්ථාවන් වලදී, අපචාර සහ හිංසන ප‍්‍රතිපත්ති වලදී ඇතුළු තවත් කරුණු ඇතුළත් වන මානව හිමිකම් කළමනාකරණ ක‍්‍රියාවලියේදී කොමර්ෂල් බැංකුව විසින් ස්ත‍්‍රී පුරුෂභාවය සහ අනිකුත් වෙනස්කම් නොසලකා කටයුතු කිරීම මෙම සම්මානය ජයග‍්‍රහණය කිරීමට හේතුවී තිබේ.
කොමර්ෂල් බැංකුවට ලැබුණු මෙම සම්මානය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත් කළමනාකරණ ඉසුරු තිලකරත්න මහතා සහ මානව සම්පත් අංශයේ ප‍්‍රධාන කළමනාකාරිනී පුෂ්පා චන්ද්‍රසිරි මහත්මිය විසින් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති උත්සවයකදී භාරගත් අතර ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ Women in Work Sri Lanka වැඩසටහනේ කළමනාකාරිණී සරා ට්විග් මෙනෙවිය මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී විය.
2019 වසරේදී කොමර්ෂල් බැංකුව ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතිකිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සමග ඒකාබද්ධතාවයක් ඇතිකර ගත් අතර ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ දැනුවත් කිරීමට, කාන්තා සබඳතා ජාල ඇති කිරීමට කාන්තා නායකත්ව වැඩසටහන් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනේ මැදි කාලීන අරමුණු අතර කාන්තා සේව්‍ය සහතිකකරණය ලබාගැනීම තිබේ.
කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම, රැකියාවේ දියුණුව, අධ්‍යාපනය, මූල්‍ය සහ මූල්‍ය නිදහස වෙනුවෙන් ප‍්‍රවේශවීම සඳහා බැංකුව විසින් ආරම්භ කර තිබෙන සේවා කොමර්ෂල් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීමට සිදුකර තිබෙන කැපවීමට සාක්ෂි වේ.
මේ වසර මුලදී කොමර්ෂල් බැංකුවට ‘ආයතනයක් විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කළ හොඳම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය’ සඳහා වූ සම්මානය ජාත්‍යන්තර මූල්‍ය සමායතනය, ඕස්ටේ‍්‍රලියානු රජය සහ ඕස්ටේ‍්‍රලියා ඒඞ් සමග Women in Management (WIM) විසින් සංවිධානය කරන ලද 10 වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රදානය කරන ලදී.
පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.