Christell Luxury Wellness වෙතින් “Christell Crown” හිසකෙස් ප්‍රතිකර්ම සහ අලංකරණ සේවා දැන් එකම වහලක් යටින්

Christell 2 (1)

 




 

ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Christell Luxury Wellness ආයතනය “Christell Crown” නමින් නව සේවා මධ්‍යස්ථානයක් One Galle Face සාප්පු සංකීර්ණයෙහි විවෘත කර තිබේ. මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන්, හිසකෙස් වර්ධනයට උපකාරී වන “AAPE Stem Cell Therapy” ක්‍රමය ඇතුළුව ප්‍රතිකාර සහ අලංකරණ සේවා රාශියක් මෙම නව මධ්‍යස්ථානය තුළදී ලබාගත හැකි වනු ඇත.

අතිනවීන පහසුකම් රාශියකින් සමන්විත Christell Crown මධ්‍යස්ථානය තුළදී වෛද්‍යවරුන් සහ මැනවින් පුහුණුව ලත් වෘත්තිකයන් කණ්ඩායමක් වෙතින් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ සේවාවන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් අලංකරණයට වැදගත් වන සේවාවන් රාශියක් (Hair & tissue mineral scans, stem cell hair growth therapy, PRP, scalp rejuvenation and circulation boosters, hair growth light therapy, hair and nail VitaDrip® infusions, bio revitalization, ayurveda scalp and hair treatments, natural hair extensions, scalp micropigmentation සහ dandruff and grey hair treatments) මෙම නව මධ්‍යස්ථානය හරහා ලබාදීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම නවීනතම තාක්ෂණයක් වන AAPE® (Advanced Adipose-derived stem cell Protein Extract) තාක්ෂණය ඔස්සේ ස්ටෙම් සෛල වල පුනර්ජනනීය හැකියාව භාවිතා කරමින් ඉහළම මට්ටමේ චර්ම, කේශ සහ අනෙකුත් ප්‍රතිකර්ම පිරිනැමීමට Christell Luxury Wellness ආයතනයට හැකියාව ලැබී තිබේ. විශේෂයෙන්ම සම අකලට වියපත් පෙනුමක් ගැනීම සහ හිසකෙස් වැටීම වැනි ගැටලු වලට මෙම තාක්ෂණය සුවිශේෂී විසඳුම් සපයයි. සමේ සෛල යථා තත්ත්වය පත් කිරීම සඳහා මෙමගින් සමට කොලජන් ලබාදීම සිදුකරන අතර, හිසකෙස් වැටීම අවම කර නැවත වර්ධනය කරවීමේ හැකියාව එය සතු ය.

ලෝ ප්‍රකට චර්ම විශේෂඥ වෛද්‍ය බ්යුං-සූන් පාර්ක් විසින් වසර 17 ක පර්යේෂණයකින් අනතුරුව AAPE stem cell therapy ක්‍රමවේදය නිර්මාණය කරන ලද අතර, එය මේ වනවිට අධ්‍යයන කිහිපයක් මගින් තහවුරු කර ඇත. 600,000 කට අධික පිරිසක් සඳහා සිදුකරන ලද සායනික ප්‍රතිකර්ම මගින් මෙය තවදුරටත් සායනිකව තහවුරු වී තිබේ. මේ වනවිට ලොව රටවල් 30 කට අධික සංඛ්‍යාවක චර්ම විශේෂඥයන් 3,000 කට අධික පිරිසක් මෙම ප්‍රතිකර්ම ක්‍රමය භාවිතා කරති.

“මෙම ප්‍රතිකර්ම, සාමාන්‍යයෙන් මෙවැනි ගැටලු සඳහා සිදුකරන වේදනාකාරී, අතුරු ආබාධ සහිත සහ දීර්ඝකාලීනව එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙන සාම්ප්‍රදායික ප්‍රතිකර්ම වලට මනා විකල්පයක් ලෙස පෙන්වා දීමට පුළුවන්. මේ වනවිට ශ්‍රී ලංකාවට අලුත් හඳුන්වාදීම් රැසක් සිදුකිරීමට අපට හැකිවී ඇති අතර, එහි තවත් පියවරක් වන Christell Crown මධ්‍යස්ථානය ඔස්සේ AAPE stem cell therapy ක්‍රමවේදය මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට අපට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. අපගේ අනෙකුත් නිෂ්පාදන හා සේවාවන් මෙන්ම මෙම නව ක්‍රමවේදයත් බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කරනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” Christell Skin Clinic හි වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.

ප්‍රවීණ රූපලාවණය ශිල්පිනී මහාචාර්ය රමණි අර්කුසලරත්න විසින් 2014 වසරේදී  Christell Skin Clinic ආරම්භ කරන ලදි. වසර ගණනාවක් තිස්සේ  එමගින් පාරිභෝගිකයන්ට විවිධාකාරයේ රූපලාවණ්‍ය විසදුම් සහ ප්‍රතිකර්ම ලබාදී ඇත. මේ වනවිට ජාත්‍යන්තර තලයටද පිවිසී ඇති Christell Skin Clinic ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේද අතිනවීන පහසුකම් සහිත ප්‍රතිකර්ම හා සේවා මධ්‍යස්ථාන විවෘත කර තිබේ. විශේෂඥ රූපලාවණ්‍යවේදීන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්යමණ්ඩලය ඇතුළුව 50 කට අධික පූර්ණකාලීන වෘත්තිකයන් පිරිසක් මෙම මධ්‍යස්ථාන වල සේවය කරති. මේ වනවිට රාජ්‍ය නායකයන්, ප්‍රභූන්, තානාපතිවරුන් ඇතුළු 35,000 කට අධික පිරිසක් Christell Skin Clinic සේවාවන් ලබාගෙන ඇත.

.

 

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව