කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් සඳහා හොඳම බැංකුව’ලෙස ‘ඒෂියාමනි’ සම්මානය දිනයි

Commercial-Bank

 



 

 

කොමර්ෂල් බැංකුව, එක්සත් රාජධානියේ ප‍්‍රකාශිත කීර්තිමත් ‘ඒෂියාමනි’ සගරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් සඳහා හොඳම බැංකුව’ ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇති අතර මෙයින් ඩිජිටල් නවෝත්පාදනයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස බැංකුවේ ස්ථාවරය යළිත් තහවුරු වී ඇත.

බැංකුව මෙම සම්මානය දිනාගත්තේ ඩිජිටල් බැංකුකරණ විසඳුම් සහ ව්‍යාපාර සඳහා පරිසර පද්ධති සංවර්ධනය කිරීමෙන් වෙළෙඳපොළ නායකත්වය ශක්තිමත් කිරීම උදෙසාය. එය ඩිජිටල් බැංකුකරණ යෙදුම් භාවිතා කරන ගනුදෙනුකරුවන්ගේ වර්ධනයත්, නව ඩිජිටල් සේවාවන් සාර්ථක ලෙස එළිදැක්වීම මගින් සනාථ කර ඇති අතර, එම ගනුදෙනුකරුවන්ගේ ඉහළ තෘප්තියද සාක්‍ෂි මගින් පෙන්වා දී ඇත. ජංගම යෙදුම් නව්‍යකරණය සහ දේශීය ඩිජිටල් ව්‍යාපාර සමග උපාය මාර්ගික සන්ධානයන් පිහිටුවීම ද එහිදී ප‍්‍රමුඛත්වයක් ගෙන ඇත.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප‍්‍රකාශ කළේ, ‘ශ‍්‍රී ලංකා බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නවෝත්පාදනයේ ප‍්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව පිළිගැනීම ගැන ආඩම්බර වෙමු. අපගේ දැක්ම සහ මෙහෙවර ප‍්‍රකාශයන්, තාක්‍ෂණය සහ නවෝත්පාදන තුළින් විශිෂ්ඨත්වය ළගාකර ගැනීමට අපගේ කැපවීම පිළිබිඹු කරණු ලබයි. එසේම අපගේ ඩිජිටල් උපායමාර්ගය සියළුම පාරිභෝගික කොටස් ආවරණය කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇත. සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා අපගේ ගනුදෙනුකරුවන්ට වැදගත් වන තාක්‍ෂණය අපි දිගටම හඳුන්වා දෙන්නෙමු,’ යනුවෙනි.

මෙම නවතම සම්මානය සඳහා ඇගැයීම් වර්ෂය තුළදී කොමර්ෂල් බැංකුව විසින් තම අන්තර්ජාල බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ යාවත්කාලීන කරන ලද අතර, රාජ්‍ය ආයතන සඳහා වැඩිදියුණු කළ ගෙවීම් හැකියාවන්, ව්‍යාපාරික පරිශීලකයින් සඳහා කණ්ඩායම් ගෙවීම් ඇතුළු පුළුල් පරාසයක සේවාවන් සහ විශේෂාංග පිරිනැමීමටද හැකි විය. ‘කොම්බෑන්ක් ඩිජිටල්’ යෙදුම ‘හුවාවෙයි යෙදුම් ගැලරිය’ දක්වා ව්‍යාප්ත කිරීම ද සිදුකර ඇත. මේ අතර කොමර්ෂල් බැංකුවේ ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුමට සැලකිය යුතු යාවත්කාලීන කිරීම්ද ලැබී ඇති අතර, ‘ඇපල්’ ඔරලෝසුවේ විශේෂාංගය දියත් කිරීම සමඟ රටේ පළමු පැළැඳිය හැකි බැංකු යෙදුම බවට පත්විය.

අතිරේකව බැංකුව විසින් බහුලව භාවිත වන පණිවුඩකරණ වේදිකා හරහා ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සැපැයීම සඳහා ‘Combank Whatsapp Banking’ වැනි විප්ලවීය සේවාවන් හඳුන්වා දුන් අතර, ‘Bank with Combank on Viber’ දියත් කළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවටද පත්විය. ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප‍්‍රථම ඩිජිටල් පාස් පොත වන කොමර්ෂල් බැංකුවේ ‘ඊ-පාස්පොත’ද ත‍්‍රීභාෂා ප‍්‍රවේශ්‍යතාවයෙන් වැඩිදියුණු තත්ත්වයට පත්විය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව