කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස 2024 TAB Global 1000 හි ශ්‍රේණිගත වෙයි

Strongest Bank in Sri Lanka 2024 (LBN)

ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නැවත වරක් ඒෂියන් බෑන්කර් සඟරාවේ ටැබ් ඉන්සයිට්ස් විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි නම් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ පදනම වන්නේ ශේෂ පත්‍ර කාර්ය සාධනයේ නිර්ණායක හයක් සලකා බලන සවිස්තරාත්මක සහ විනිවිද පෙනෙන ලකුණු ක්‍රමයකි. එය පරිමාණය කිරීමේ හැකියාව, ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම, ලාභදායිතාව, වත්කම්වල ගුණාත්මකභාවය සහ ද්‍රවශීලතාවය යන අංශවලට අයත් විශේෂිත කාර්ය සාධන මිණුම් 14 කින් සමන්විත වේ.
 



 

“‍ශක්තිමත්භාවය මැනීමට භාවිත කරන ලද තක්සේරුකරණයන් දැඩි මෙන්ම විස්තීර්ණ සහ විෂයමූලික වන්නේය,”‍ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දැක්වූයේය. “අප හා සම්බන්ධ වෙනත් බැංකු, ආයෝජකයින්, ගනුදෙනුකරුවන් සහ නියාමකයින් සඳහා මෙය විශ්වාසනීය මිනුම් ලකුණක් වනවා. අප සේවය කරන ප්‍රජාව සහ පෘථිවිය ඇතුළු සියලු‍ පාර්ශව කණ්ඩායම් වෙත වගකීම් නොපිරිහෙලා ඉටු කරන අතරම ටැබ් ඉන්සයිට්ස් මගින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ශ්‍රේණිගත කිරීම කොමර්ෂල් බැංකු කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුට අතිශ තෘප්තියක් ගෙන දෙනවා.”

2024 ශක්ති දර්ශකයේ කොමර්ෂල් බැංකුව සමඟින් ආසියා පැසිෆික් කලාපයේ ඔවුන්ගේ රටවල ශක්තිමත්ම බැංකු ලෙස ANZ සමූහය (ඕස්ට්‍රේලියාව), චයිනා මර්චන්ට් බැංකුව (චීනය), කොටක් මහින්ද්‍රා බැංකුව (ඉන්දියාව), මීසාන් බැංකුව (පකිස්ථානය), OCBC බැංකුව (සිංගප්පූරුව), Sumitomo Mitsui Financial Group (ජපානය), Bank Mandiri (ඉන්දුනීසියාව) සහ Public Bank (මැලේසියාව) ශ්‍රේණිගත කර ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව