කොමර්ෂල් බැංකුව ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් කිරුළු දරයි

Peoples Award 2025 (LBN)

මෙරට ජනප්‍රියම පුද්ගලික අංශයේ බැංකුව ලෙස සිය තත්ත්වය යලි තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උළෙලෙහි ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධි ආයතනයක් වන කැන්ටාර් හි පර්යේෂණ මත පදනම්ව පිරිනමන ලද මෙම සම්මාන ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික පිළිගැනීම සඳහා වන උසස්ම සාක්ෂිය ලෙස සැලකේ. මෙය විනිශ්චය මණ්ඩලයකින් තොරව සම්පූර්ණයෙන්ම පාරිභෝගික ඡන්දවලින්ම තීරණය වන අතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා පක්ෂපාතිත්වය දිනාගන්නා ලද සන්නාම සහ පෞරුෂයන් හඳුනා ගනියි.

 



 

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත කෙරෙහි බැංකුවේ සේවාවන් තුලින් අඛණ්ඩව ඇති කරන බලපෑම මෙන්ම බැංකුවේ සන්නාමය ගොඩනැගීමේ ප්‍රයත්නයන් සහ අලෙවිකරණ මුලපිරීම්වල සඵලතාවය පිළිබඳ මෙම සම්මානය සාක්ෂියක් වන බව බැංකුව පවසයි. බැංකුවේ ගනුදෙනුකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම, නව්‍ය ප්‍රචාරණ සහ උසස් බැංකු අත්දැකීම් ලබා දීමට ඇති කැපවීම ද මෙම පිළිගැනීමට ඉවහල් වී ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ රටේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ මූල්‍ය සමාගම වන්නේය. එය මිලියන හතරකට අධික ගනුදෙනුකරුවන්ට සෘජුවම සේවා සපයන අතර ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය ලබාදෙන්නා සහ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට (SME) විශාලතම ණය දෙන්නා වේ.

බැංකුව සිය සන්නාමය සංවර්ධනය කිරීමට උපාය මාර්ගිකව ගොඩනගන ලද තේමාත්මක සන්නිවේදනයන්, කලාපීය සහ ජාතික මට්ටමින් අවස්ථා සඳාහා අනුග්‍රහය දැක්විම සහ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර හරහා සන්නාමයේ අගය වර්ධනය කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සියලුම සන්නිවේදනයන් ත්‍රෛභාෂා වෙළඳ ප්‍රචාරණයන් ඇතුළත්ව සෑම තරාතිරමකම පාරිභෝගිකයන් හා සම්බන්ධ වන බව බැංකුව සහතික කරයි. සිය ආයතනික වෙබ් අඩවිය සහ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් අනුව බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව YouTube” Facebook සහ Χ හි ද ප්‍රමුඛ තැනක් දරයි.

කොමර්ෂල් බැංකුව LMD හි වාර්ෂික “වඩාත් ගෞරවනීය ආයතන” ලැයිස්තුවේ “වඩාත් ගෞරවනීය බැංකුව” ලෙසද අඛණ්ඩව වසර 20ක් ශ්‍රේණිගත වී ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව