කොමර්ෂල් බැංකුව යළිත් වතාවක් දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප‍්‍රමාණයක් සිදුකළ බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවෙයි

IFC CAFI Award 2022 (LBN)

 



 

 

ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප‍්‍රමාණයක් මූල්‍යනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත් වතාවක් Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී  මේ සඳහා වන ගෞරවණීය සම්මානය දිනා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ දේශගුණික සුදුසුකම් නිර්ණායක සපුරාලන දේශගුණික මූල්‍ය ගනුදෙනු 314ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට දේශගුණ වාර්තාකරණය සඳහා CAFI සම්මානය පිරිනමා තිබේ. CAFI මෙවලම භාවිතා කිරීම මගින් ආයෝජනවල දේශගුණික බලපෑම සහ දේශගුණික සුදුසුකම් තක්සේරු කිරීම සහ මැනීම සිදුකළ හැක.

මෙම සම්මානයට පාත‍්‍ර වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2021 මූල්‍ය වර්ෂය සඳහා ද එම සම්මානයම දිනාගැනීමට අමතරව හරිතාගාර වායු (GHG) අඩු කිරීම පිළිගනිමින් ලබාදුන් දේශගුණ බලපෑම් සම්මානයද දිනාගන්නා ලදී.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: ‘මෙම සම්මානය මගින් කොමර්ෂල් බැංකුව දේශගුණික මූල්‍යකරණයේ ස්ථාවර ප‍්‍රමුඛයා ලෙස ඔසවා තබන අතර වගකීම් සහිත බැංකුකරණයේ හදවත වන තිරසාර මූල්‍යකරණය සඳහා අපගේ කැපවීම මෙයින් පෙන්නුම් කරනවා. අපි මෙම කලාපයේ තිරසාර ආර්ථික වර්ධනයක් ප‍්‍රවර්ධනය කරනවා. අපගේ හරිත මූල්‍යකරණය සහ දේශගුණික මූල්‍යකරණ වැඩසටහන් හරහා දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝග සමනය කිරීමට අපි කැපවී සිටිනවා.’

කොමර්ෂල් බැංකුව සිය හරිත මූල්‍යකරණ ක‍්‍රියාකාරකම් යටතේ පුනර්ජනනීය බලශක්තිය, බලශක්තිය සහ සම්පත් කාර්යක්ෂමතාව, අපද්‍රව්‍ය කළමනාකරණය, විමෝචනය අවම කිරීම, ස්මාර්ට් කෘෂිකර්මාන්තය, හරිත ගොඩනැගිලි ආදිය සඳහා මූල්‍ය පහසුකම් සපයයි. බැංකුවේ හරිත මූල්‍යකරණය මගින් පිරිසිදු බලශක්තිය සහ වගකීම් සහිත පරිභෝජනය සහ නිෂ්පාදනය ඇතුළත් වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 7 සහ 12 ජයගැනීමට අරමුණු කරගෙන තිබෙන අතර දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට බැංකුවේ හරිත මූල්‍යකරණය යොමුවී තිබේ.

කොමර්ෂල් බැංකුවේ හරිත වැඩසටහන් අතරට තිරසාර සහ හරිත මෙහෙයුම් සඳහා ණය දීම, කඩදාසි රහිත බැංකුකරණයට ගනුදෙනුකරුවන් යොමු කිරීම, තමන්ගේම මෙහෙයුම් කටයුතු වලදී බලශක්තිය, ජලය සහ අනෙකුත් සම්පත් භාවිතය කාර්යක්ෂම කිරීම සහ වාසස්ථාන සහ පරිසරය සංරක්ෂණය කිරීමට උපකාර වන ප‍්‍රජා වැඩසටහන් වලට සහාය වීම ඇතුළත් වේ. බැංකුව විසින් සිදුකළ කොග්ගල කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සහ පානම මුහුදු කැස්බෑ සංරක්ෂණ වැඩසටහන පාරිසරික සංරක්ෂණය සඳහා බැංකුවේ කැපවීම මනාව පිළිඹිබු කරයි. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර් 100ක විනාශයට පත්වූ වාසභූමියක් නැවත වන වගා කිරීමටද බැංකුව අරමුදල් සපයා ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව