කොමර්ෂල් බැංකුව තම 270 වන ශාඛාව ආනමඩුවේදී විවෘත කරයි

270th branch - Anamaduwa (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව සිය 270 වැනි ශාඛාව ජනප‍්‍රවාද වලින් පිරුණු ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ප‍්‍රදේශයක් වන ආනමඩුව නගරයේදී විවෘත කරන ලදි.

අංක 78, උස්වැව පාර, ආනමඩුව යන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව ස්වයංක‍්‍රීය ටේලර් යන්ත‍්‍රයක් (ATM), මුදල් ප‍්‍රත‍්‍රිචක‍්‍රීයකරන යන්ත‍්‍රයක් (CRM), සහ මුදල් තැන්පතු යන්ත‍්‍රයකින්ද (CDM) සමන්විත වන අතර පාරිභෝගිකයන්ට වසරේ දින 365ම දවසේ පැය 24 පුරාම සේවාවන් සපයයි. මෙම නවතම ශාඛාවේ විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර ජාලය 950 දක්වා වර්ධනය වෙයි.

කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් යන මහත්වරුන් සමඟ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමණාකාරීත්වයේ නියෝජිතයන් විසින් කොමර්ෂල් බැංකුවේ ආනමඩුව ශාඛාව නිල වශයෙන් විවෘත කරන ලදි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව