කොමර්ෂල් බැංකුව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසකට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදෙයි

Women's Day programme for UOC undergraduates

 



 

 

 

වෘත්තීය වශයෙන් ප‍්‍රගතියට ඇති අභියෝග, වෘත්තීයට අදාළ උපක‍්‍රම සහ  ව්‍යවසායකත්වයට ප‍්‍රවේශ වීම යන විෂයයන් පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසක්  දැනුවත් කිරීමට කාන්තා දිනයට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් මෑතකදී වැඩසටහනක් පවත්වන ලදී.

කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සමග ඒකාබද්ධ වෙමින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ වැඩසටහනේ අංගයක් ලෙස මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. මෙහිදී විද්වත් සාකච්ඡා දෙකක් පැවැත්වුණු අතර එක් සාකච්ඡාවක් සඳහා කොමර්ෂල් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ කාන්තා සාමාජිකාවන් නායකත්වය ගෙන තිබුණු අතර අනිත් සාකච්ඡාව සඳහා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් වන ප‍්‍රමුඛ ව්‍යවසායිකාවන් පිරිසක් සහභාගී විය.

මෙම අංශයට බැංකුව විසින් ලබාදෙන සාම්ප‍්‍රදායික මූල්‍ය සේවා වලින් ඔබ්බට ගොස් මූල්‍ය නොවන සේවාවන් අවශ්‍ය යැයි අනාවරණය කරගැනීමෙන් පසුව මෙම වැඩසටහන නිර්මාණය කළ බව බැංකුව සඳහන් කරයි.

මෙම පළමු විද්වත් සාකච්ඡාවට කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරිනියන් වන මිතිලා ශාමිනී මහත්මිය සහ දර්ශනී පෙරේරා මහත්මිය, නීති අංශයේ සහකාර සාමාන්‍යාධිකාරිනී නාමල් ගමගේ මහත්මිය සහ ආයතනික බැංකු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරිනී, තමාරා බර්නාඞ් මෙනෙවිය සහභාගී වූහ. එහිදී, ඔවුන් විසින් රැකියාව ආරම්භ කර ආයතනික අංශයේ නායිකාවක් දක්වා පැමිණි ගමන් මග පිළිබඳව දැනුවත් කරමින් අදහස් දක්වන ලදී.

මේ අතර, දෙවන විද්වත් සාකච්ඡාව සඳහා Asian Grammar School සහ Giggles International හි, සමාරම්භක සහ විදුහල්පතිනී, දේශබන්දු ආචාර්ය තුෂාරි කෝරළගේ  මහත්මිය, Good Market Global හි, සම-සමාරම්භක සහ කළමනාකාර අධ්‍යක්ෂ, අචලා සමරදිවාකර මහත්මිය, Brilliant Cuts (Pvt) Ltd හි, කළමනාකාර අධ්‍යක්ෂ, වින්ධ්‍යා පෙරේරා මෙනෙවිය සහ ආනයනික ආහාර සහ පාන සඳහා දේශීය ස්වභාවික විකල්ප නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන Eli Products හි, සමාරම්භක නිරෝ එම්. පීරිස් මෙනෙවිය සහභාගී වූහ. මෙහිදී, මොවුන් විසින් තමන්ගේ සාර්ථක ව්‍යවසායකත්ව ගමන පිළිබඳව අදහස් දක්වන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය ලබාදීමට බැංකුව ඉදිරිපත් වී සිටිනවා. මෙහිදී, මෙරට ශ‍්‍රම බලකායෙන් 35% ක් පමණ නියෝජනය කරන කාන්තාවන්ට සහයෝගය ලබාදීමට බැංකුව කැපවී තිබෙනවා. තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට කාන්තා සහභාගීත්වය ඉතාමත් වැදගත් යැයි අපි හොඳින් අවබෝධ කර තිබෙනවා. උපාධි අපේක්ෂිකාවන් සමග මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කළේ, ඒ නිසයි.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව