කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට Uber Eats වෙතින් 50% ක වට්ටම් සහ තවත් ප‍්‍රතිලාභ

Uber Eats promo for ComBank Credit Card holders

 




 

 

කොමර්ෂල් බැංකුව, Uber Eats සමග ඒකාබද්ධ වී සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහන අනුව Uber Eats ඇප් එක ඔස්සේ ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කරන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 50% ක වට්ටමක් සහ ආකර්ශනීය ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව, ජුනි මාසය පුරා කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි ක්‍රෙඩිට් කාඞ් පතකින් ගෙවා Uber Eats ඇප් එක ඔස්සේ මිලදීගැනීම් කරන බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙම Uber Eats ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබාගත හැකිය. මේ අතර, මෙම කාලයේදී අළුතින් මෙම ඇප් පහසුකමේ ලියාපදිංචි වන්නන්ට රුපියල් 800 කට වඩා වැඩි මුදලක් ගෙවමින් ලබාගන්නා පළමු ඇනවුම් තුන සඳහා 50% ක් දක්වා උපරිමය රුපියල් 500 ක් වන වට්ටම් ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි. මේ අතර, බැංකුව පවසන්නේ දැනටමත් මෙම ඇප් පහසුකමේ ලියාපදිංචි වී සිටින ගනුදෙනුකරුවන්ට ජුනි මාසය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් 1500 කට වඩා වැඩි මිලදීගැනීම් වලදී මුල් මිලදීගැනීම් 05 සඳහා ප‍්‍රවාහන වියදම් අය නොකරන බවයි.

Uber Eats ඇප් පහසුකම තුළ තම කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත ලියාපදිංචි කර තිබෙන කාඞ්පත් හිමියන්ට ඔවුන් භාණ්ඩ මිලදීගන්නා විට ඇප් පහසුකමේ දිස්වන ප‍්‍රවර්ධන කේතය ඇතුළත් කිරීම මගින් මෙම ප‍්‍රතිලාභ ඉතාමත් පහසුවෙන් ලබාගත හැකිය.

කාඞ්පත් හිමියන් අතර ඩිජිටල් සහ මුදල් නොවන ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කළ බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් මගින් වසර පුරාම පුළුල්ව විහිදුණු සේවා මාලාවක් ඇතුළත් වන ලෙස ප‍්‍රවර්ධන වැඩසටහන් සිදුකරයි. සිය Max Loyalty Rewards වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් යන දෙපිරිසටම ප‍්‍රතිලාභ ලබාදුන් පළමු බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට පෙර, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහාත් ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව