කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගේ ස්වයංක‍්‍රීය බිල්පත් පියවීමේ පහසුකමට SLT සහ LECO එකතු කරයි

Auto Bill Pay - LECO & SLT (LBN)

 



 

 

කොමර්ෂල් බැංකවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට, ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ ලංකා විදුලි සමාගමේ (LECO) මාසික බිල්පත් ගෙවීම දැන් ස්වයංක‍්‍රීය කර අඛණ්ඩ සේවා භුක්ති විඳීමට මඟ සැලැස්වීමට උපයෝගිතා සමාගම් දෙක බැංකුවේ ස්වයංක‍්‍රීය බිල්පත් පියවීමේ පහසුකමට එක් කර ඇත.

SLT සහ LECO බිල්පත් පහසුකම එකතු කිරීමට පෙර බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් ගණුදෙනුකරුවන්ට ඩයලොග්, ලංකා විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රටේ වැඩිපුරම දායක වන උපයෝගිතා සේවා සපයන්නන් හතරක් වෙත තම ගෙවීම් ස්වයංක‍්‍රීයව සිදුකළ හැකි විය.

මෙම පහසු සේවා පහසුකම සඳහා තවත් සේවා සපයන්නන් ඇතුළත් කිරීම මගින් පාරිභෝගිකයින්ට ඕනෑම වේලාවක තනි කොමර්ෂල් බැංකු කාඞ්පතක් හරහා සිය උපයෝගිතා ගෙවීම් පහසුවෙන්ම කළමනාකරණය කිරීමට හැකි වෙයි. එසේම ඩිජිටල් ගෙවීම් පුරුදු අනුගමනය කිරීමට ඔවුන්ට එය උපකාරී වන බැව්ද බැංකුව ප‍්‍රකාශ කරයි.

මෙම ස්වයංකී‍්‍රය බිල්පත් ගෙවීමේ පහසුකම ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් බැංකුවේ වෙබ් අඩවිය හරහා තම ක්‍රෙඩිට් කාඞ්පත් විස්තර ඇතුළත් කර, නියමයන් සහ කොන්දේසි පිළිගෙන එක් වරක් පමණක් කාඞ්පතක් ලියාපදිංචි කළ යුතු බව බැංකුව පවසයි. ඔවුන්ට ශාඛාවකට පැමිණීමෙන් තොරව මෙම ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණ කළ හැකිය. එසේම සේවාව සඳහා සාර්ථක ලියාපදිංචි වීමෙන් පසුව, සෑම උපයෝගිතා හෝ වෙනත් ආයතනයක් විසින් පාරිභෝගිකයාගේ මාසික බිල්පත් බැංකුව වෙත ඉදිරිපත් කරණු ලබන අතර, බැංකුව විසින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියා වෙනුවෙන් ගෙවීම් සිදු කරයි. තවද ගෙවීමේ කුවිතාන්සිය විද්්‍යුත් තැපෑලෙන් හෝ කෙටි SMS මගින් පාරිභෝගිකයාට එවනු ලැබෙයි.

කොමර්ෂල් බැංකු කාඞ්පත් හිමියන්ට ස්වයංක‍්‍රීය බිල්පත් පියවීමේ පහසුකම භාවිත කිරීම සඳහා ඔවුන්ගේ වීසා කාඞ්පත, මාස්ටර් කාඞ්පත, යූනියන්පේ කාඞ්පත සහ ලංකාපේ JCB ක්‍රෙඩිට් කාඞ්පත්ද ලියාපදිංචි කළ හැකිය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව