කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට 2023 වසර සඳහා බැංකුවේ අවුරුදු කාඞ්පත් දීමනා පිරිනැමීම ආරම්භ කිරීමත් සමග, මෙම උත්සව සමයේ පහසු ගෙවීමේ සැලැසුම්වලට අමතරව, වෙළෙඳ අලෙවිසැල් 3,500කට වැඩි ප්‍රමාණයකින් 50%ක් දක්වා වට්ටම් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි.
කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් දින දර්ශනයේ වඩාත් වැදගත් දීමනාව ලෙසින් සැළකෙන මෙම අවුරුදු පිරිනැමීම්, උත්සවය සඳහා සූදානම් වීමේ සිට තෑගි මිලදී ගැනීම් දක්වාම පුළුල් පරාසයක කාලීන අවශ්‍යතා ආවරණය කරනු ලබයි. මාර්තු 15 සිට අපේ‍්‍රල් මස අවසානය දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී, දිවයිනේ ලියාපදිංචි හවුල්කාර අලෙවිසැල්වලින් මෙම වට්ටම් සහ විශේෂ දීමනා ලබාගත හැකිය.
මේ අතර එම කාලය තුළදීම ක්‍රෙඩිට් කාඞ්පත් මිලදී ගැනීම් සඳහා මාස 24ක් දක්වා විශේෂ පහසු ගෙවීමේ සැලැසුම් ලබාගත හැකි බැව්ද බැංකුව පවසයි. මෙම පහසු ගෙවීමේ සැලැසුම් ක්‍රම වෙළෙන්දාගෙන් වෙළෙන්දාට වෙනස් වන බැවින්, ඒ පිළිබඳ සියලූ තොරතුරු www.combank.lk යන බැංකු වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් වට්ටම් ලබාගත හැකි වෙළෙඳ හවුල්කාර සමාගම් 330 අතරට ඇඳුම්, පැළඳුම් සහ විලාසිතා උපාංග හවුල්කරුවන් 172ක්, සපත්තු සහ සම්භාණ්ඩ හවුල්කරුවන් 09ක්, ස්වර්ණාභරණ හවුල්කරුවන් 13ක්, ජීවන රටා වෙළෙඳසැල් හවුල්කරුවන් 31ක්, රූපලාවන්‍යාගාර සහ ස්පා හවුල්කරුවන් 09ක්, අත් ඔරලෝසු සහ උපාංග හවුල්කරුවන් 04ක්, මාර්ගගත ‘ඔන්ලයින්’ සාප්පු සවාරි හවුල්කරුවන් 73ක්, සුපිරි වෙළෙඳසැල් හවුල්කරුවන් 05ක්, සෞඛ්‍ය සේවා හවුල්කරුවන් 09ක්, මෝටර් රථ අලෙවිකරුවන් 11ක්, පොත් සාප්පු 02ක් සහ අවන්හල් 04ක්ද අයත් වෙති.
මෙයට අමතරව තෝරාගත් සංචාරක හෝටල් 51ක නිවාඩුවක් ගතකිරීම සඳහා 50%ක් දක්වා ආකර්ශණීය වට්ටම්ද කොමර්ෂල් බැංකුව පිරිනමයි.
ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 950 ක් ක්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.