කොමර්ෂල් බැංකුවට කොළඹ වරාය නගරයේ මෙහෙයුම් සඳහා බලපත්‍රයක්

Port City licence (LBN)

 




 

 

මෙරට ආර්ථික දර්ශනය පරිවර්තනය කරන ප්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගරය තුළ එතෙර බැංකු සේවා කටයුතු සිදු කිරීමට කොමර්ෂල් බැංකුව වෙත පසුගිය දා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත්‍රය ප්‍රදානය කරනු ලැබීය.

ආයෝජකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ටත් බැංකු සේවා සපයමින් කොළඹ වරාය නගරය තුළ හා ඉන් පිටතට සේවා ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුවට අවස්ථාව ලබා දෙමින් මෙම AP බලපත්‍රය කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බැංකුව වෙත පිරිනමන ලදී.

විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත්‍ර ලබා ගත් ප්‍රථම බැංකු අතරින් එකක් ලෙස තේරීපත් වීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවැසීය: “කොළඹ වරාය නගරය තුළ තම පැවැත්ම තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන ආයතන වල මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සුදුසුම ආකාරයෙන් ස්ථානගත වී ඇත. අප සතුව ආයතනික හා ජාත්‍යන්තර සේවාදායකයින්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමෙහි පුළුල් අත්දැකීම් හා ආයතනික හා පාරිභෝගික බැංකුකරණ අවශ්‍යතා ඉටුකිරීම සඳහා ඉතාමත් උසස් තත්වයේ ඩිජිටල් බැංකුකරණ වේදිකා පවතින අතර අපි කොළඹ වරාය නගරයේ වර්ධනයට උරදීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ද බලාපොරොත්තු වෙමු.”

බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද, මියන්මාරයේ නේ පයි ටව් හි ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇත. එහි විදේශීය මෙහෙයුම් බැංකුවේ ලාභයෙන් සැලකිය යුතු කොටසකට දායක වේ.

කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වෙයි.

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව