කෘෂි ක්ෂේත‍්‍රයේ උන්නතිය කෙරෙහි අවධානය යොමු කරමින් HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශය සඳහා වන කැපවීම ශක්තිමත් කරයි

Image 01

 




 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා කෘෂි ක්ෂේත‍්‍රයට ලබා දිය හැකි ඉමහත් දායකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත සිය කැපවීම ප‍්‍රදර්ශනය කරමින් එම ක්ෂේත‍්‍රයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇත.

පාරිභෝගිකයින් සඳහා වූ විශේෂ වැඩසටහන් සහ උපායමාර්ගවලින් HNB සිය පුළුල් පරාසයක විහිදුනු ක්ෂුද්‍ර මුල්‍ය සේවාව තව තවත් ශක්තිමත් කර ඇත. මෙම නව මුලපීරීම් ද HNB ”ගැමි පුබුදුව” දිගුකාලීන වැඩසටහන මෙන් ග‍්‍රාමීය ව්‍යවසායකින් නගා සිටුවන්නා වූ යෝජනා ක‍්‍රමයන් වේ. මීට අමතරව, ක්ෂුද්‍ර මුල්‍ය සේවා සේවාදායකයින් සඳහා HNB හි පුළුල් බැංකු සේවා රැසක් හරහා තාක්ෂණය මූලික කරගත් ඩිජිටල් බැංකු සේවාවන් හඳුන්වා දීමට ද බැංකුව මෙහිදී කටයුතු කිරීම කැපී පෙනේ.

‘‘COVID-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ආර්ථික තත්වයන් යටතේ නැවත දෙපයින් නැගී සිටීමට සහ අඩපණ වූ තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන අපගේ ක්ෂුද්‍ර මූල්‍ය සේවාදායකයින්ට අවශ්‍ය මූල්‍ය සහනාධාර ලබා දීමට මෙම නව පියවරයන් සහාය වනු ඇතැයි අප විශ්වාස තරනවා. ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ජීවනෝපායන් සවිමත් කරගැනීම සඳහා අප ලබා දෙන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් ඒ සඳහා HNB අඛණ්ඩව කැපවෙන බව මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ සඳහා පාරිභෝගිකයින්ගෙන් ලැබුණු උද්යෝගිමත් ප‍්‍රතිචාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ අප නිවැරදි සහ සාර්ථක මාවතක ගමන් කරමින් සිටින බවයි.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශ ප‍්‍රධානී විනෝද් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

වර්තමානයේදී, බැංකුවේ සිටින සමස්ත ක්ෂුද්‍ර මූල්‍ය සේවාදායකයින්ගෙන් දළ වශයෙන් 1/3ක් සමන්විත වන්නේ ගැමි පුබුදුව වැඩසටහන සමඟ සිටින කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නිරත ජනතාවගෙනි. 2021 අවසානය වන විට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ක්ෂුද්‍ර මූල්‍ය සේවාදායක ප‍්‍රමාණය වර්ධනය කරගැනීමට HNB අදහස් කරයි. මෙමගින් කොවිඞ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ අඩු පිරිවැයක් සහිත ප‍්‍රාග්ධනය (low-cost capital) සැලකිය යුතු ලෙස ඉහළ යන අතර ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවා ලබා ගැනීමෙන් කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කරගැනීමට හැකියාව ලැබේ.

මෙම නව සේවාවන් හා පහසුකම් හඳුන්වා දෙනු ලබන්නේ බැංකුවේ සාර්ථක ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන වන ‘’ගැමි පුබුදුව’’ යටතේ දැනටමත් ලබා දෙනු ලබන සේවාවන් හා පහසුකම්වලට අමතරව වීම විශේෂිතය. බැංකුව මෙම යෝජනා ක‍්‍රමය සකස් කර ඇත්තේ එය රටේ සමාජ හා ආර්ථික අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා පමණක් නොව ආර්ථික වශයෙන් තිරසාර ප‍්‍රතිලාභ ලබා ගත හැකි ව්‍යාපෘතියක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වීම ද කැපී පෙනේ.

කෘෂිකර්මාන්තයේ නොවන අනෙකුත් ක්ෂුද්‍ර මුල්‍ය සේවාදායකයින්ටද HNB හි මෙම නවතම ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් මාලාව යටතේ ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකිය. බැංකුව විසින් කෘෂි ක්ෂේත‍්‍රයට මයික්‍රො ලීසිං වැනි නව සේවාවන් හඳුන්වා දීම මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩලය වැඩි කරගැනීම සහ ඔවුන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම ද ක්ෂුද්‍ර මූල්‍ය සේවාදායකයින්ගේ සංඛ්‍යාව වැඩි කරගැනීමේ වැඩසටහන් ද සිදු කරන ලදී.

මීට අමතරව, බැංකුව විසින් ජංගම සහ අන්තර්ජාල බැංකු සේවා වැනි ඩිජිටල් බැංකු සේවාවන්, ඉතිරි කිරීම්වල වැදගත්කම ප‍්‍රවර්ධනය කරන විශේෂ වැඩසටහන් හා විශේෂයෙන් කෘෂිකාර්මික හා ක්ෂුද්‍රමූල්‍ය අංශ සඳහා අඩු පිරිවැයක් සහිත අරමුදල් ක‍්‍රමයක් කෙරෙහි සැලකිලිමත් වෙමින් පාරිභෝගිකයින් තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීම කෙරෙහි බැංකුව විශේෂ අවධානයක් යොමු කර ඇත.

2021 මාර්තු මාසයේදී HNB විසින් දියත් කරන ලද ක්ෂුද්‍ර මුල්‍ය ලීසිං පහසුකම යටතේ සේවාදායකයින්ට පහසුකම් 800 කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් සපයා ඇති අතර මෙම සේවාවන් සඳහා සේවාදායකයින්ගෙන් ලැබෙන යහපත් ප‍්‍රතිචාර මෙහි සාර්ථකත්වයට කදිම නිදසුනකි. මෙම නව සේවාව ආරම්භ කිරීම හේතුවෙන් බැංකුවේ ලීසිං හා ක්ෂුද්‍රමූල්‍ය යන අංශ දෙකෙහි එකතුවෙන් ගනුදෙනුකරුවන්ට වඩා වැඩි ප‍්‍රතිලාභ ලබා දීමට හැකිව තිබේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව