කාන්තා දිනය සැමරීමට කොමර්ෂල් බැංකුවෙන් ‘අනගි’ ගිණුම් හිමියන්ට විශේෂ පොලි අනුපාත සහ වට්ටම් ලබාදෙයි

Anagi Women's Day offers 2023 (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා සිය ‘අනගි’ ගනුදෙනුකරුවන්ට, මෙම මාර්තු මාසය පුරාවටම ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් සමඟ කරන මිලදී ගැනීම් සඳහා 50%ක් දක්වා වට්ටම්, ණය සහ ලීසිං පහසුකම් සඳහා විශේෂ අඩු පොලී අනුපාතයන්ද නිවේදනය කර ඇත.

මාර්තු මාසයේදී නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් සඳහා අයැදුම් කරණ ‘අනගි’ ගිණුම් හිමියන්ට, මෙම පහසුකම් සඳහා දැනට පවතින පොලී අනුපාතවලින් 1%ක සුවිශේෂී පොලී අනුපාත අඩුවීමක් හිමිවන බැව් බැංකුව පවසයි. මීට අමතරව මෙම කාල සීමාව තුළ බැංකුව මෙම පාරිභෝගික අංශය සඳහා සියලූම ලියකියවිලි ගාස්තු ද 50%කින් අඩු කරනු ඇත.

මේ අතර කොමර්ෂල් බැංකුව දිවයින පුරා ඇති පාරිභෝගික භාණ්ඩ සන්නාම 70කට වඩා වැඩි ප‍්‍රමාණයක් සමග හවුල්වී ඇති අතර, ඒ තුලින් ‘අනගි’ ගණුදෙනුකරුවන්ට මාර්තු මාසයේ නිශ්චිත දිනවල හෝ කාල සීමාවන් තුළදී වට්ටම් ලබා ගැනීමට හැකිවෙයි.

මෙම දීමනා සහ වට්ටම් දිවයිනේ ඇති රෙදිපිළි වෙළෙඳ හවුල්කරුවන් 22ක් වෙතින් ලබාගත හැකි අතර, එහිදී ‘අනගි’ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් සඳහා 30%ක වට්ටමක් ලබාදෙයි. මේ අතර ස්වර්ණාභරණ වෙළෙඳ ශාලා 10කින් කාඞ්පත් වර්ග දෙකම සඳහා 50%ක් දක්වා වට්ටම් ලබාගත හැකිය. සෞඛ්‍ය සේවා සපයන්නන් 06ක් වෙතින් ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා 25%ක්ද, ‘අනගි’ ඩෙබිට් කාඞ්පත් සඳහා 20%ක වට්ටමක්ද ලබාදෙයි. ලයිෆ් ස්ටයිල් සන්නාමකරුවන් 10ක් වෙතින් කාඞ්පත් වර්ග දෙකම සඳහා 50%ක් දක්වා වට්ටම් ලබාදෙන අතර, අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි වෙබ් අඩවි 13ක් මගින් 15%ක් දක්වා වට්ටම් ලබාදෙයි. පොත් වෙළෙඳ සැලක් විසින් කාඞ්පත් දෙවර්ගයටම 10%ක් දක්වා වට්ටම් ලබාදෙන අතර, ඔරලෝසු අලෙවි සැලක් මගින්ද 20%ක් දක්වා වට්ටම් ලබාදෙයි. එසේම සුපිරි වෙළෙඳ සංකීර්ණ ජාලයන් 05ක් වෙතින් ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට 25%ක්ද, ‘අනගි’ ඩෙබිට් කාඞ්හිමියන්ට 10%ක වට්ටම්ද හිමිවෙයි.

දැනට ගිණුම්හිමි සහ නව ‘අනගි’ පාරිභෝගිකයින්ටද, මාර්තු මාසය පුරාවටම මෙම පහසුකම් භුක්ති විඳිය හැකි බව බැංකුව පවසයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව