
ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත‍්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය ලැබීමට හේතුවී ඇත. මෙම සම්මානය ලබාදීමේ ඇගයීමේ කාර්යයේදී දර්ශක 06 ක් පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බැංකුවේ වත්කම් ප‍්‍රමාණය, ශුද්ධ ණය සහ තැන්පතුවල ශේෂ පත‍්‍ර වර්ධනය, බැංකු මෙහෙයුම් කටයුතුවල අවධානම් කළමනාකරණය, ලාභදායීතාවය සහ තිරසාරභාවය, ලබාදුන් ණයවල ශක්තිය සහ විශ්වසනීයත්වය, අවදානමකට මුහුණදීම සඳහා තිබෙන වත්කම්වල ද්‍රවශීලතාවය පිළිබඳව ස්වාධීන තක්සේරුවක් මෙහිදී කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කෙතරම් අභියෝග පැමිණියත් ඒවා සියළු පාර්ශවකරුවන්ගේ බලාපොරොත්තු සාධාරණ ලෙස ඉටු කරගත හැකි ලෙස අපි කළමනාකරණය කර ගන්නවා. පවතින දේශීය සහ ගෝලීය තත්ත්වයන් අපගේ ශේෂ පත‍්‍රයට යම් බලපෑමක් කළත් අපගේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය එලෙසම පවතින බව ඒෂියන් බෑන්කර් විසින් ලබාදුන් මෙම සම්මානයෙන් තහවුරු වෙනවා. ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස අපිව සහතික කිරීම මගින් අපිට විශාල දිරියක් ලැබෙනවා.’
ශක්තිමත්ම බැංකුව තෝරාපත් කරගත් මෙම වැඩසටහනට ආසියා පැසිෆික් කළාපයේ ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලාඕසය, මැකාවු, මැලේසියාව, මොන්ගෝලියාව, මියන්මාරය, නවසීලන්තය, පාකිස්තානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ‍්‍රී ලංකාව, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල බැංකු ඇතුළත් කරගෙන තිබේ.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.