ආහාර තාක්ෂණික සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයාවන Sysco LABS, ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සමරයි

Img.01 (LBN)

මැයි 2024, කොළඹ: ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරී ය. ඒ වෙනුවෙන් සමාගම විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, එයට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය, ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, Sysco හි ගෝලීය තාක්ෂණ නායකත්ව කණ්ඩායම, Sysco LABS නායකත්ව කණ්ඩායම සහ ජනමාධ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 



 

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ Sysco හි විධායක උප සභාපති සහ ප්‍රධාන තොරතුරු හා ඩිජිටල් නිලධාරී ටොම් පෙක් මහතා, සමාගමේ විශාලත්වය මෙන්ම, සමාගමේ වර්තමානය සහ අනාගතය තුළ තාක්ෂණය විසින් ඉටුකරනු ලබන කේන්ද්‍රීය භූමිකාව පිළිබඳව විස්තර කළේ ය. “කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් 72,000 ක් සහ ලොව පුරා පාරිභෝගික සේවා ස්ථාන 725,000 ක් සහිත Sysco සමාගමේ මෙහෙයුම් කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා දැවැන්ත තාක්ෂණික ක්‍රියාවලියක් අවශ්‍යයි. ගෝලීය වෙළඳපොළ ප්‍රමුඛයා වශයෙන් Sysco කවදත් නවෝත්පාදනයට සහ නවීන තාක්ෂණයන්ට මුල්තැන දෙයි. ශ්‍රී ලංකාවේ කණ්ඩායම වෙතින් අපට තරගකාරීත්ව වාසියක් ලැබෙන්නේ මේ පසුබිම තුළයි.”

Sysco සමාගමේ වර්ධන සැලැස්මේ මූලික අංගයක් වශයෙන්, Sysco හි ගෝලීය ප්‍රගතිය සහ එහි සමස්ත ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා Sysco LABS වෙතින් ඉටුවන මෙහෙවර පිළිබඳවද ටොම් පෙක් මහතා මෙහිදී විස්තර කළේ ය. “නවීන තාක්ෂණය ඔස්සේ තිරසාර වර්ධනයක් ළඟා කරගන්නා අතරම ක්ෂේත්‍රයේ දියුණුව තුළ ඉදිරියෙන්ම සිටිමින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් පිරිනැමීම අපගේ අරමුණයි.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ලොව ආහාර සේවා කර්මාන්තය පෙරළියකට ලක්කිරීම සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ දායකත්වය ලබාගත හැකි බව වටහා ගැනීමෙන් අනතුරුව 2013 වසරේදී Sysco LABS ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලදි. 2017 වසරේදී Sysco විසින් එය පූර්ණ වශයෙන් පවරා ගන්නා ලද අතර, මේ වනවිට එය Sysco සමාගමේ විශාලතම Global In-House Center බවට පත් වී තිබේ.

“Sysco LABS Sri Lanka යනු Sysco හි දෛනික මෙහෙයුම් තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකරන තැනක්. එමෙන්ම එය සමාගමේ ගෝලීය ව්‍යාප්තිය උදෙසාද මහඟු දායකත්වයක් දක්වනවා. අපගේ පද්ධති පිළිබඳව ඉතා හොඳ දැනීමක් මෙහි කාර්ය මණ්ඩලය සතුයි. ඔවුන් ලොවපුරා විසිරී සිටින අපගේ අනෙකුත් කණ්ඩායම් සමග සමීපව කටයුතු කරමින්, Sysco සමාගමට තම පාරිභෝගිකයන්ට සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය විසඳුම් නිර්මාණය කිරීම අඛණ්ඩව සිදුකරනවා. Sysco LABS ශ්‍රී ලංකාවේ තාක්ෂණ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින්, සිය දැනුම ඔස්සේ රටේ තොරතුරු තාක්ෂණ අංශයේ උන්නතියට දායක වීමත්, එහි කුසලතා දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමත්, තරුණ ඉංජිනේරුවන්ගේ වෘත්තීය සුභසිද්ධිය ඉලක්ක කරගත් Project Summit වැනි වැඩසටහන් ආරම්භ කර තිබීමත් අපට මහත් සතුටක්.” Sysco සමාගමේ උප සභාපති සහ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී (ඇමරිකා) මෙන්ම එහි Global In-House Centers හි ප්‍රධානී ලෙස කටයුතු කරන ලීස් මොනහන් මහත්මිය පැවසුවා ය.

පසුගිය වසර 10 ක කාලය තුළ Sysco LABS සමාගම Sysco වෙත සපයන විසඳුම් සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහි කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් පුළුල් වී ඇති අතර, පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයක් සහ Sysco හි ඉ-වාණිජ පදනම් සහ මෙහෙයුම් සම්බන්ධ ඒකක කිහිපයක්ද ස්ථාපිත කර ඇත. එමෙන්ම මෙම ප්‍රයත්නයන්හි නවතම පියවර වශයෙන් මෑතකදී සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයක්ද ආරම්භ කරන ලදි.

“සාමාජික සාමාජිකාවන් 100 දෙනෙකුගේ සිට 1000 කට ආසන්න පිරිසක් දක්වා අපගේ කණ්ඩායම වර්ධනය වීම, නිරන්තරයෙන් නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය හඹා යාමට අප දරන උත්සාහයට මනා සාක්ෂියක්. ප්‍රධාන වශයෙන් තාක්ෂණ නිෂ්පාදන සමාගමක සිට අප මේ වනවිට ව්‍යාපාරික මට්ටමින් ක්ෂේත්‍ර 10 ක් ආවරණය වන පරිදි තාක්ෂණික විසඳුම් පිරිනමන සමාගමක් බවට පරිණාමය වී තිබෙනවා. අපගේ කණ්ඩායමේ හැකියාව, කැපවීම සහ විශේෂඥ දැනුම ඔස්සේ අපට ගෝලීය ආහාර සේවා කර්මාන්තය පරිවර්තනයකට ලක්කිරීමට හැකි වීම මහත් සතුටක්.” Sysco LABS කළමනාකාර අධ්‍යක්ෂ රසික කරුණාතිලක මහතා පැවසී ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව