අවම පිරිවැයකින් නිම කල හැකි කෙටි කාලීන නිර්මාණාත්මක පාඨමාලා රැසක් දැන් සිංගර් ෆැෂන් ඇකඩමිය වෙතින්

singer

වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා සාර්ථක ජිවන තත්වයක් ළඟා කරලීම පිණිස, විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පාඨමාලා රැසක් මෙහෙයවනු ලබන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙරට ආර්ථික වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරයි.

ඉතාමත් අවම පිරිවැයකින් නිම කල හැකි විවිධ පරාසයන්හි විහිදුණු කෙටි කාලීන පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් දැනට මෙහෙයවනු ලබන අතර  මෙම සියලුම පාඨමාලා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉතා නම්‍යශීලි ඉගෙනුම් ප්‍රතිපත්ති අනුගමනය කරන පාඨමාලා වේ. මේ  අතුරින් විලාසිතා නිර්මාණකරණය සහ මැහුම් නිර්මාණ ශිල්පය හා බැඳුනු පාඨමාලා සඳහා දැඩි ශිෂ්‍ය ආකර්ෂණයක් සහ කැමැත්තක්  පවතී. ඒ අතුරින් ඉඳිකටු සිත්තම්, නිර්මාණාත්මක එම්බ්‍රොයිඩරි, ස්මොකින්, පැච්වර්ක් සහ නිර්මාණාත්මක Zig Zag පාඨමාලා සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී.  නිර්මාණාත්මක එම්බ්‍රොයිඩරි පාඨමාලාව හෑන්ඩ් එම්බ්‍රොයිඩරි, බ්‍රසීලියානු එම්බ්‍රොයිඩරි සහ රිබන් එම්බ්‍රොයිඩරි ලෙස   ප්‍රධාන  ක්‍රම වේද ත්‍රිත්වයකින්  සමන්විත වේ.

මේ සඳහා කැමැත්තක් දක්වන ඕනෑම අයකුට ඕනෑම අවස්ථාවක මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේ පහසුමක පවතින අතර සිසුන්ට සිය අභිමතය පරිදි ඉතා පහසුවෙන් අවම පිරිවැයකට   මෙම පාඨමාලා නිම කිරීමේ හැකියාවද  පවතී.  තවද මෙහි ඇති සුවිශේෂීම පහසුමක වනුයේ  සිසුන්ට ඕනෑම දිනක ඔවුන්ට පහසු පරිදි වැඩසටහන ආරම්භ කළ හැකි වීම සහ ඔවුන්ට ගැලපෙන පරිදි සකස් කර ඇති නම්‍යශීලී පන්ති කාලසටහන් අත්විඳිය හැකි වීමයි.  තවද මෙම නිර්මාණාත්මක පාඨමාලා කාර්ය බහුල ගෘහණියන් සහ සේවයේ නිරත වන්නන් සඳහා වඩාත් උචිත වනුයේ මේ තුළ නිරත වීමෙන් ඔවුනට දෛනික ජීවිතයේ ආතතියෙන් මිදීම සඳහා විශාල පිටුවහලක් අත් කර දෙන බැවිනි.

මෙම නිර්මාණාත්මක පාඨමාලා සඳහාද ලියාපදිංචි වීමට කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවන අතර ඕනෑම වයස් කාණ්ඩයක අයකුට සහභාගී විය හැක. තවද පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට හැකි වීම සහ මාස එකත් තුනත් අතර කෙටි කාල සීමාවකින් නිම කල හැකි වීම ද සුවිශේෂී වේ. මෙම පාඨමාලා හැදෑරීම තුළින් ලබා ගන්නා  දැනුම ආධාරයෙන් සිසු සිසුවියන්ට ස්වයං රැකියා සඳහා යොමුවීමට විශාල අවකාශයක් හිමි වේ. මේ තුළින් ඔවුනගේ ජීවන තත්වය, මානසික මට්ටම මෙන්ම සමාජීය පිළිගැනීමද වර්ධනය වනු නොඅනුමානය.

සෑම පුද්ගලයකු තුළම ඔවුනටම ආවේණික වූ නිර්මාණාත්මක හැකියාවන් සැඟවී ඇත. සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා සිදු කරනුයේ මෙම සැඟවුණු කුසලතා හඳුනාගනිමින් ඒවා ඔප් නැංවීම සඳහා අවශ්‍ය අඩි තාලමක් සැපයීමයි. මෙහිදී සිසුන්ට සිය නිපුණතාවයන් ප්‍රගුණ කරගැනීම උදෙසා ප්‍රයෝගික ක්‍රියාකාරකම් රැසක් ෆැෂන් ඇකඩමිය හරහා මෙහෙයවනු ලබන අතර  එමඟින් විලාසිතා කර්මාන්තයේ ආකර්ෂණීය වෘත්තියක් සඳහා සූදානම් වීමට අවශ්‍ය මාර්ගෝපදේශනය සිසුන්ට ලබා ගත හැකි වේ. මේ සඳහාම කැපවූ ක්ෂේත්‍ර  නිපුණතා වලින් පරිපුර්ණ වූ පිළිගත් ආචාර්ය මණ්ඩලයක් සිංගර් ෆැෂන් ඇකඩමිය හා අත්වැල් බැඳගෙන සිටීම සුවිශේෂී වේ.  මොවුන් විසින් සිසුන් සදහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම්  සහ ඔවුන් සඳහා තනි පුද්ගල අවධානයක් පාඨමාලාවේ අවසානය වන තෙක් ලබා දීම සිදු කරයි.

සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක්  වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK)  CSD Validation තත්ත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට ලත් මෙරට ප්‍රථම  ආයතනය බවට පත්වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි.  ඒ අනුව එවැනි වලංගුතා තත්ත්වයක් සහිත පාඨමාලාවක් හැදෑරීම මගින් කීර්තිමත් එක්සත් රාජධානියේ CSD සහතිකය මෙන්ම මෙරට ප්‍රමුඛ  සිංගර් ෆැෂන් ඇකඩමියේ සහතිකය ද යන සහතික දෙකම එකවර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙරට සිසුන්ට හිමිවේ.මෙම කෙටි කාලීන නිර්මාණාත්මක පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ඕනෑම අයකුට 0766177177 අමතා හෝ sbs@singersl.com හරහා ඒ සඳහා අවශ්‍ය විස්තර ලබා ගත හැක.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව