අමානා බැංකුව පසුගියදා පැවති ‘ICC Emerging Asia Banking Awards 2024’ සම්මාන උළෙලේදී අවදානම් කළමනාකරණයේ දැක්වූ විශිෂ්ට කාර්යසාධනය (Best Performance on Risk Management) උදෙසා ඇගයීමට ලක් විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce – ICC) මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ, දකුණු ආසියානු කලාපය ආශ්රිත බැංකු ක්ෂේත්රයේ විශිෂ්ට කාර්යසාධනයන් ඇගයීමට ලක් විය. සම්මාන උළෙල සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයද ඉන්දියානු වාණිජ මණ්ඩලය සමග එක්ව කටයුතු කළේ ය.
අමානා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගනිමින් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ප්රමුඛ පෙළේ බැංකු රැසක් සමග තරග කරමින් මෙම සම්මානය හිමිකර ගැනීමට හැකි වීම අප ලැබූ මහත් ගෞරවයක්. මූල්‍ය විනය, විචක්ෂණ මූල්‍ය ක්‍රමවේදයන් සහ අවදානම් හුවමාරුව ප්‍රවර්ධනය කරන අමානා බැංකුවේ සුවිශේෂී බැංකුකරණ ආකෘතියේ ශක්තිය මෙම ජයග්‍රහණය මගින් නැවත වරක් තහවුරු වනවා. අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් අප අත්කරගෙන ඇති සාර්ථකත්වයට පදනම් වී ඇත්තේ පරිපූර්ණ අවදානම් කළමනාකරණ රාමුවක් පැවතීම සහ සක්‍රීය ලෙස ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වී කටයුතු කිරීම යන සාධකයයි. ආංශික ආයෝජනයන් කෙරෙහි අවධානය යොමු කිරීම නිසා අපට මූල්‍ය අවදානම ඵලදායී ලෙස කළමනාකරණය කරගනිමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් මූල්‍ය සැපයීමක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් අපගේ කණ්ඩායමට ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. අවදානම් කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන් පෙන්නුම් කළ කැපවීම, මෙම සම්මානය හිමිවීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වුණා.”
සම්මාන ප්‍රදානෝත්සවයට පෙර බැංකුකරණ ක්ෂේත්රයට අදාළව සම්මන්ත්රණයක්ද පැවැත්වුණු අතර, ඉන්දියානු රජයේ මූල්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ලේකම් ශ්‍රී විවේක් ජෝෂි, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති ශ්‍රී දිනේෂ් කුමාර් ඛාරා සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඒ. ඒ. එම්. තාසිම් යන මහත්වරුන් ඇතුළු ප්රමුඛ පෙළේ විද්වතුන් පිරිසක් එහිදී දේශන පැවැත්වූහ.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.