අලියාන්ස් වෙතින් නවතම සන්නාම ප්‍රවර්ධන වැඩසටහනක්

Webp.net-resizeimage

 



 

 

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් (Allianz Insurance), “It’s Precious, That’s Why Allianz” නමින් නවතම සන්නාම ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. ජීවිතයේ වටිනාම දේවල් වලට රැකවරණය ලබාදීම සඳහා ඇති හොඳම විසඳුම අලියාන්ස් බව ගනුදෙනුකරුවන්ට පෙන්වා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
ජීවිත, සෞඛ්‍ය, ව්‍යාපාර සහ රථවාහන යන අංශ සම්බන්ධයෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළදී ප්‍රමුඛතම අවධානයක් යොමුවනු ඇත. මේ ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට අමතරව, දැනටමත් අලියාන්ස් හි රක්ෂණ ලබාගෙන ඇති ගනුදෙනුකරුවන් සමග වඩාත් සමීපව සම්බන්ධ වෙමින්, ඔවුන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන, ඒ අනුව තම සේවාවන් වැඩිදියුණු කිරීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් බලාපොරොත්තු වේ.

“අප ජීවත් වන්නේ බෙහෙවින් අභියෝගකාරී කාලසීමාවකයි. එම නිසා, අපට සතු වටිනා දේවල් වලට විශ්වාසනීය රැකවරණයක් ලබාදීමේ ක්‍රමවේදයක් අපට අවශ්‍ය වනවා. ලෝකයේ අංක එකේ රක්ෂණ සන්නාමයක් වශයෙන්, එම රැකවරණය ලබාදීමේ හැකියාව අප සතුයි. මෙම පණිවිඩය වඩාත් පුළුල් ලෙස ජනතාව අතරට රැගෙන යාම සඳහා, “It’s Precious, That’s Why Allianz” යන තේමාව යටතේ නව ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට අප නොවැම්බර් 02 දින කටයුතු කළා. මේ ඔස්සේ, තම ජීවිතයට අත්වැලක් අවශ්‍ය වන ඕනෑම මොහොතක අලියාන්ස් ඔවුන් ළඟින්ම සිටින බව, අපගේ රක්ෂණ හිමියන් ඇතුළු සියලුම දෙනාට සිහිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, අපගේ සාමාජික සාමාජිකාවන් අප සතු වටිනාම සම්පතක් වන නිසා, ඔවුන්ගේ විශ්වාසය නැවත වරක් තහවුරු කිරීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ තවත් ඉලක්කයක්. ශ්‍රී ලංකාවේ අංක එකේ රක්ෂණ සන්නාමය බවට පත්වීමේ උත්සාහය ඔස්සේ, අපගේ රක්ෂණ හිමියන්ට අතිවිශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා දිගින් දිගටම කැපවීමට අප සූදානම්.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී, මංගල බණ්ඩාර, පැවසී ය.

පොදුවේ අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව