
ශ්රී ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද පසුගිය ජූලි මාසයේදී රටේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය. මෙම වාර්තාගත අගය මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ පහත වැටීම සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව සපයන දායකත්වය ද පිළිබිඹු කරයි.
මේ සතියේ ෂිපර්ස් ඇකඩමිය ^Shippers’ Academy& විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) මහලේකම්වරයා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ශ‍්‍රී ලංකාවේ වරණීය ප‍්‍රවේශය ප‍්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන මුලපිරීම් පිළිබඳව රජය සොයා බලමින් සිටින බව පවසමින් ඇඟලූම් කර්මාන්තයට සහ එම කර්මාන්තය ආර්ථිකයට සපයන දායකත්වයට සහය පළ කළේය.
JAAF හි මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා අවධාරණය කළේ ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනවල ක‍්‍රියාකාරීත්වය තිරසාරව පවත්වා ගැනීම සඳහා වෙළඳ ගිවිසුම් අත්‍යවශ්‍ය බවයි. එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක‍්‍රමයෙන් ^DCTS& ශ‍්‍රී ලංකාව ප‍්‍රතිලාභ ලබනු ඇති අතර ඇඟලූම් කර්මාන්තය 2023 දෙසැම්බර් මාසයෙන් පසු GSP+ රඳවා ගැනීමේ වැදගත්කම නිරතුරුව අවධාරණය කර ඇත. GSP+ යෝජනා ක‍්‍රමවලට අනුව ඇඟලූම් වල හරි අඩක් සඳහා පමණක් ප‍්‍රයෝජන හිමිවන්නේ රෙදිපිළි සඳහා වන Rules of Origin වලට අනුව ඇති සීමාවන් නිසා වන අතර එයින් අදහස් වන්නේ cumulation සඳහා අවසර දෙනු ලබන්නේ සාර්ක් රටක රෙදිවලට පමණක් බවයි. JAAF මෙම බාධාව ඉස්මතු කර ඇති අතර GSP යෝජනා ක‍්‍රමයේ අනාගත පුනරාවර්තන වලදී මෙම කරුණ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා ඇත.
ඇඟලූම් අපනයන කාර්යසාධනය
2021 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ කාර්මික අපනයන, රෙදිපිළි සහ ඇඟලූම් ප‍්‍රමාණය 43.5% කි. එම වසරේ රෙදිපිළි සහ ඇඟලූම් අපනයන වටිනාකම ඩොලර් මිලියන 5,435.1 කි. ඇඟලූම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව, දිගුකාලීන අර්බුදය මධ්‍යයේ රජයට ලැබුණු ප‍්‍රතිපත්තිමය සහය සමඟින් මෙම ධනාත්මක ආරම්භය 2022 දක්වා ඉදිරියට ගෙන යාමට කර්මාන්තයට හැකි වී ඇති අතර ඒ හරහා රටේ ආර්ථිකයට සහාය වීමට හැකියාව ලැබී ඇත.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය විසින් කරන ලද ගණනය කිරීම්වලට අනුව, 2022 ජූලි මාසයේදී මුළු ඇඟලූම් අපනයනය (USD මිලියන 522.14) 2021 ජූලි ඇඟලූම් අපනයන (USD මිලියන 425.75) හා සැසඳීමේ දී 22.4% ක වර්ධනයක් අත්විඳ ඇත. පහත වගුවේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ඇඟලූම් අපනයන වෙලඳපොලවල් වන එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවලට අපනයනය කිරීම පිළිවෙලින් 16.93%, 32.3%, 29.32% සහ 15.77% ක වර්ධනයක් වාර්තා කර ඇත.
2021 | 2022 | 2021/2022
Change % |
|
USD Mn | USD Mn | ||
Total Exports | 425.75 | 522.14 | 22.64 |
US | 182.72 | 213.65 | 16.93 |
EU (Excl. UK) | 116.62 | 154.29 | 32.30 |
UK | 57.98 | 74.98 | 29.32 |
Other | 68.43 | 79.22 | 15.77 |
2022 ජනවාරි සිට ජූලි දක්වා ඇඟලූම් කර්මාන්තයේ සමුච්චිත කාර්ය සාධනය ද ධනාත්මක ඉදිරි දැක්මක් පෙන්නුම් කර ඇත. 2022 ජනවාරි සිට ජූලි දක්වා මාස හතක කාලය තුළ මුළු අපනයනය 2021 අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව 20.44% කින් වැඩි විය. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවලට කරන ලද සමස්ත අපනයන පිළිවෙලින් 27.12%, 14.55%, 18.12% සහ 16.64% කින් ඉහළ ගියේය.
2021 | 2022 | 2021/2022
Change % |
|
USD Mn | USD Mn | ||
Total Exports | 2,752.25 | 3,314.78 | 20.44 |
US | 1,110.41
|
1,411.56 | 27.12 |
EU (Excl. UK) | 840.87 | 963.25 | 14.55 |
UK | 385.60 | 455.47 | 18.12 |
Other | 415.37 | 484.50 | 16.64 |
ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සංඛ්‍යාවලට අනුව, සියලූම රටවලට ගෙතූ සහ වියන ලද නිෂ්පාදන අපනයනය 2022 ජූලි මාසයේදී වසරින් වසර වැඩිවීමක් පෙන්නුම් කරයි.
July (USD Mn) | ||
2021 | 2022 | |
Knitted products | 257.02 | 319.77 |
Woven products | 158.43 | 193.62 |
2022 ජනවාරි සිට ජූලි දක්වා knitted, woven සහ අනෙකුත් නිෂ්පාදන සඳහා සියලූම රටවල ඇඟලූම් අපනයන වෙළඳ ආදායම ද වසරින් වසර වැඩි විය.
July (USD Mn) | ||
2021 | 2022 | |
Knitted products | 1,659.21 | 1,983.57 |
Woven products | 1,023.54 | 1,262.72 |
Other products | 69.51 | 68.46 |
Total | 2,752.26 | 3,314.75
|
මෙම දත්ත වලින් පෙන්නුම් කරන්නේ ඇඟලූම් කර්මාන්තය මෙම අර්බුදකාරී මොහොතේ වුවද ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන දැවැන්ත දායකත්වයයි. සම්පූර්ණයෙන්ම පුද්ගලික හිමිකාරීත්වය මත ක‍්‍රියාත්මක වන කර්මාන්තය අභියෝග වලට ඔරොත්තු දෙන අතරම සේවක සුභසාධනය සහ පෝෂණය සහතික කරමින් යළිත් සාර්ථක වී ඇත.
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් යළිත් අවධාරණය කරන්නේ, ”අර්බුදකාරී අවස්ථාවන් වලදී වුවද ඒවාට ඔරෝත්තු දෙමින් මෙරට ආර්ථිකයට සවියක් වීමට අපට හැකියාව තිබෙනවා. ශ‍්‍රී ලංකාව 2023 දෙසැම්බරයෙන් පසු GSP+ ලබා ගැනීම සඳහා ක‍්‍රියා කළ යුතු අතරම චීනය සහ ඉන්දියාව වැනි රටවල අපට ඇති අවස්ථා සොයමින් ශ‍්‍රී ලංකාවේ යථාර්ථයන්ට ගැළපෙන පරිදි යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ වඩා හොඳ වෙළඳ ගිවිසුම් වලට එළඹීමට සහ ගෝලීය වෙළඳ නීතිවලට අනුකූලව කටයුතු කිරීමට අවධානය යොමුකල යුතුයි.” යනුවෙනි.
ලෝරන්ස් මහතා මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වාදෙමිනි.