අමානා බැංකුව සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාක් එක්ව අමානා ඩෙබිට් කාඩ්පත් සඳහා වට්ටම් පිරිනමයි

Amana Bank & Glomark Officials exchange the Partnership

 




 

 

අමානා බැංකුව සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාක් (Softlogic GLOMARK) එක්ව මාසයක් පුරා අමානා ඩෙබිට් කාඩ්පත් සඳහා වට්ටම් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව තෝරාගත් භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ ඇතුළත් රු. 4,000/ ට වැඩි සියලුම බිල්පත් සඳහා අමානා ඩෙබිට් කාඩ්පත් මගින්  ගෙවීම් කිරීමේදී 10% ක වට්ටමක් හිමි වනු ඇත. මෙම දීමනාව 2021 අප්‍රේල් 12 සිට 2021 මැයි 15 දක්වා සියලුම සොෆ්ට්ලොජික් ග්ලෝමාක් අලෙවිසැල් වලදී වලංගු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ආයතනික සන්නිවේදන සහ අලෙවිකරණ කළමනාකරු ආසීම් රාලී මහතා මෙසේ පැවසී ය. “මේ උත්සව සමයේ පාරිභෝගිකයන්ට මාසයක් පුරා වට්ටම් ලබාදීම සඳහා සොෆ්ට්ලොජික් ග්ලෝමාක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. මෙය අමානා බැංකුවේ සියලුම කාඩ්පත් හිමියන්ට වාසි සලසන අතරම සොෆ්ට්ලොජික් ග්ලෝමාක් ආයතනයටත් විශේෂ වටිනාකමකින් යුත් වැඩසටහනක් බවට පත්වේවි කියා අප සිතනවා.”

සොෆ්ට්ලොජික් ග්ලෝමාක් හි අලෙවි කළමනාකරු වන ගයාන් කල්දේරා මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “උත්සව කාලසීමාව පුරා අමානා බැංකුවේ කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් ලබාදීම සඳහා මේ ආකාරයට අමානා බැංකුව සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම ගැන අප සතුටු වනවා. ග්ලෝමාක් යනු සම්ප්‍රදායික සුපිරි වෙළෙඳසැල්වලින් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාතික සාප්පු සවාරි අත්දැකීමක් ලබාදෙන වෙළඳසැල ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ මූලික ඉලක්කය වන්නේ, ජාත්‍යන්තර අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ විකුණුම් ප්‍රවණතා මුළුමනින්ම වෙනස් කරමින් පාරිභෝගිකයන් වෙතට හොඳම දේ සමීප කරවීමයි.”

විශිෂ්ට මට්ටමේ ආහාරපාන නිෂ්පාදන සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන ග්ලෝමාක් (GLOMARK) හි ‘Quality Lines’ සංකල්පයේ මූලික ඉලක්කය වන්නේ, කාටත් මිලදී ගත හැකි ආකාරයේ තිරසාර ආහාර නිෂ්පාදන අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම ය. සාමාන්‍ය ග්ලෝමාක් අලෙවිසැල් මෙන්ම ‘ග්ලෝමාක් එසෙන්ෂල්’ (GLOMARK Essential) ඔස්සේ, පුළුල් මට්ටමේ ක්‍රමෝපායන් සමගින්, නව පාරිභෝගික ප්‍රවණතා ඔස්සේ මතුවන ඉල්ලුම සපුරාලීමට එය කටයුතු කරමින් සිටී.

අමානා බැංකුවේ ‘Visa’ ඩෙබිට් කාඩ්පත් සඳහා ‘Visa’ හි PayWave contactless තාක්ෂණය භාවිතා වන අතර, එය ලොව පුරා අලෙවිසැල් මිලියන ගණනක් වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ඇතුළුව දේශීය හා ජාත්‍යන්තර මුදල් ගෙවීම් සඳහා භාවිතා කළ හැක. එමෙන්ම ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකාවේදී LankaPay ජාලයට සම්බන්ධ ATM යන්ත්‍ර 4,500 කට අධික සංඛ්‍යාවක් සහ, ලොව පුරා රටවල් 200 කට අධික සංඛ්‍යාවක, VISA කාඩ්පත් භාවිතා කළ හැකි ATM යන්ත්‍ර මිලියන 2 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරමින් තම ගනුදෙනු අවශ්‍යතා සපුරාගත හැකි වේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව