අමානා බැංකුව කළුබෝවිල රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනය අලුත්වැඩියා කටයුතු සදහා දායක වේ.

Kalubowila PR 1

සිය මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතියේ දැක්ම තවදුරටත් තහවුරු කරමින්  අමානා බැංකුව දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනය අලුත්වැඩියා කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ නව යොවුන් පරපුරේ මානසික සෞඛ්‍යය සේවා අවශ්‍යතා සපුරාලන සීමිත සායන සංඛ්‍යාවෙන් එකක් වන මෙම සායන මධ්‍යස්ථානය  අලුත්වැඩියා කර, ඒ සඳහා අත්‍යවශ්‍ය ගෘහභාණ්ඩ සහ උපකරණ ලබාදීමට අමානා බැංකුව කටයුතු කළේ ය. විශේෂයෙන්ම මානසික සහනයක් අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙම සත්කාරය සිදුකරන ලදි. ජනතාවගේ යහපත වෙනුවෙන් අමානා බැංකුව දක්වන උනන්දුව හා කැපවීම තහවුරු කරමින් අමානා බැංකුවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද මෙම ව්‍යාපෘතියට ස්වේච්ඡාවෙන් දායක වූහ.

 



 

සායනය අලුත්වැඩියා කොට රෝහල වෙත භාරදීම සඳහා විශේෂ උත්සවයක් පැවති  අතර, එම අවස්ථාවට අමානා බැංකුවේ සහකාර උප සභාපති (ආයතනික බැංකුකරණ) රාජේන්ද්‍ර ජයසිංහ, අලෙවි සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි, OrphanCare භාරයේ ප්‍රධානී අසාඩ් සහීඩ්, කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා ගුණරත්න සහ එම රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනයේ ප්‍රධාන විශේෂඥ මනෝවෛද්‍ය අනුරාධා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

අමානා බැංකුව සහ කළුබෝවිල රෝහල අතර හවුල්කාරීත්වයේ ඉතිහාසය ආරම්භ වන්නේ 2006 වර්ෂයෙනි. එදා පටන්ම රෝහලේ ළමා වාට්ටුවේ නඩත්තු කටයුතු සිදුකරමින් එයට ගෘහභාණ්ඩ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීම මෙන්ම කලින් කලට එය අලුත්වැඩියා කිරීමද අමානා බැංකුව විසින් සිදුකරනු ලබයි.

“කළුබෝවිල රෝහලේ මානසික සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ ආකාරයට ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනය අලුත්වැඩියා කිරීම මගින්, රෝගීන්ගේ සුවය හා යහපැවැත්ම වැඩිදියුණු වන පරිසරයක් නිර්මාණය කිරීමට අපට හැකි වූ බව අප විශ්වාස කරනවා. කළුබෝවිල රෝහල සමග අප පවත්වාගෙන යන දීර්ඝකාලීන හවුල්කාරීත්වය මගින් නිරූපණය වන්නේ, දරුවන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇතිකිරීම අප දක්වන උනන්දුව හා කැපවීමයි.” අමානා බැංකුවේ සහකාර උප සභාපති (ආයතනික බැංකුකරණ) රාජේන්ද්‍ර ජයසිංහ මහතා පැවසී ය.

“කළුබෝවිල රෝහලේ මානසික සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට දායක වීම සම්බන්ධයෙන් මා අමානා බැංකුවට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මෙමගින් අපට දරුවන් වෙනුවෙන් වඩාත් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සේවාවක් ලබාදීමට හැකියාව ලැබේවි.” කළුබෝවිල රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනයේ ප්‍රධාන විශේෂඥ මනෝවෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය පැවසුවා ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව