අභියෝග මධ්‍යයේ HNB පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 6.9ක බදු පසු ලාභයක් වාර්තා කරයි

Image 01 (LBN)

 



 

 

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය සහ අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයෙන් වසරකට පසු, හැටන් නැෂනල් බැංකුව 2023 වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් රුපියල් බිලියන 10.7 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 80%ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ අතර පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.9 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 42% ක වර්ධනයකි. HNB සමූහය පිළිවෙළින් රුපියල් බිලියන 11.3 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 7.3 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

පළමු කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය ප‍්‍රකාශ කළේ, ”පසුගිය වසරේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තවමත් පීඩා විඳිමින් සිටියද, අපගේ නොසැලෙන අධිෂ්ඨානය, විචක්ෂණශීලී හා ප‍්‍රායෝගික තීරණ ගැනීම සහ වෙනස්වීම් හමුවේ ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක වීමට ඇති හැකියාව ආදිය පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස තුන සඳහා බැංකුව ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර තිබෙනවා. අවිනිශ්චිතතාවයන් පවතින නමුත්, රටේ සාර්වආර්ථික තත්වයන්හි සුබවාදී සංවර්ධනයේ ඉතා දිරිගන්වන සුළුයි. අපගේ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවන් සුරක්ෂිත කිරීමට සහ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීමට සහාය වීමට අපගේ නොසැලෙන කැපවීම හා උනන්දුව මා නැවත අවධාරණය කිරීමට මම කැමතියි.’’ යනුවෙනි.

2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව ඉහළ පොලී අනුපාත, 2023 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 31.6 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කිරීමට බැංකුවට පහසුකම් සැලසූ අතර, එය 87% ක වාර්ෂික වර්ධනයකි. ඉතා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් බැංකුවේ ඩිජිටල් සේවාවන් වෙත යොමු වීම සහ කාඞ්පත් ගනුදෙනු ඉහළ යාම හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව 31% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.2 ක් බවට පත් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම මගින් ඇති කරන ලද සුබවාදී ආකල්ප සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය වර්ධනය වීම හේතුවෙන් විදේශ විනිමය පාලනය ප‍්‍රතිපත්තිවල යම් ලිහිල් බවක් ඇති විය. මෙය 2023 මාර්තු දක්වා මාස 3ක කාලය තුළ ශ‍්‍රී ලංකා රුපියල දළ වශයෙන් 10%කින් අධි ප‍්‍රමාණය වීමට හේතු විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බැංකුවේ ශුද්ධ විනිමය අලාභය දළ වශයෙන් රුපියල් බිලියන 2 ක් බවට තක්සේරු කර ඇත.

මෙහෙයුම් ආදායමෙහි පැවති දුර්වලතා මධ්‍යයේ වුවද, 2023 මාර්තු මස අවසන් වන විට net stage III ණය අනුපාතය 3.8%ක් සහ stage III ප‍්‍රතිපාදන ආවරණය 55.5%ක් සමඟින් වත්කම්වල ගුණාත්මකභාවයෙන් බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම බැංකුවක් ලෙස තම ස්ථානය තවදුරටත් පවත්වාගෙන යාමට බැංකුවට හැකි විය. 2022 වසරේදී සැලකිය යුතු මුදලක් ක්ෂයවීම් සඳහා වෙන් කරනු ලැබූ අතර එම අගය කාර්තුවක් සඳහා රුපියල් බිලියන 11.4ක් විය. මෙම ක්ෂය වීම් තුළ ණය සහ අත්තිකාරම්, ඇතුළුව ශේෂ පත‍්‍රයෙහි අනෙකුත් ගනුදෙනු රුපියල් බිලියන 6.7ක් මෙන්ම විදේශ මුදල් වලින් ආයෝජනය කරනු ලැබූ රජයේ සුරැකුම්පත් අයත් විය.

2023 පළමු කාර්තුවේදී මෙහෙයුම් වියදම් 26% කින් ඉහළ ගිය අතර, 2022 වසරේ අදාල කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී උද්ධමනය ඉහළ යාම එයට ප‍්‍රධාන වශයෙන් බලපෑවේය. කෙසේ වෙතත්, ආදායම් වර්ධනය පිරිවැය අභිබවා ගොස්, 2023 වසරේ පළමු කාර්තුව සඳහා ආදායම් මත පිරිවැය අනුපාතය 26%ක් බවට පත් විය.

මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙමින් සහ බැංකු ක්ෂේත‍්‍රය විවිධ බාධාවන් සමඟ ඉදිරියට එමින් 2023 වසරේ පළමු කාර්තුවේදී HNB ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අප ඉතා සතුටු වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම මඟින් ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ඇති කිරීම සඳහා අවශ්‍ය විශ්වසනීයත්වය ගෙන එනු ඇති අතර එමඟින් ශ‍්‍රී ලංකාවට විදේශ ප‍්‍රාග්ධන වෙළෙඳපොළ වෙතට ක‍්‍රමක‍්‍රමයෙන් පිවිසීමට හැකි වෙවි. ඉදිරියේදී, මූල්‍ය ක්ෂේත‍්‍රයේ ස්ථායීතාවය සුරක්ෂිත බව සහතික කිරීමට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීම අත්‍යවශ්‍යයි. වර්තමාන පසුබිම තුළ, අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ වත්කම්වල ගුණාත්මකභාවය, ප‍්‍රාග්ධනය සහ ද්‍රවශීලතා මට්ටම් කළමනාකරණය කිරීම කෙරෙහියි.’’ යනුවෙනි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව