අපනයන අවස්ථාවන් පිළිබඳව ශ‍්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට කොමර්ෂල් බැංකුව webinar වැඩසටහනක් පවත්වයි

Webinar for exporters

 




 

 

ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ට සහ අපනයනය කිරීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා නොමිලේ  webinar වැඩසටහනක් පවත්වන ලදී.

විදේශීය වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින දේශීය ව්‍යාපාර, ව්‍යාපාරිකයින් සහ වෙළෙඳපොළ ජයගත හැකි පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යය තුළින් සිදු කරන ලදි. මෙයට 500කට අධික පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහනේදී ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට සපුරාලිය යුතු අවශ්‍යතා සහ ක‍්‍රියාමාර්ග, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇති වෙමින් තිබෙන නව ප‍්‍රවණතා, මෙම අංශය වෙනුවෙන් රජය සිදුකරමින් තිබෙන වැඩසටහන්, අපනයනය පිළිබඳ තොරතුරු සහ අපනයනකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ලබාදී තිබෙන පහසුකම් පිළිබඳව දැනුවත් කළේය. මෙහිදී, සහභාගී වූවන්ගේ අන්තර් ක‍්‍රියාකාරීත්වය චැට්බොක්ස් මගින් ප‍්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදීම මගින් දිරිමත් කරන ලදී.

මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන කළමනාකරු – අපනයන, ලෝරියන් සෝමානාදර් මහතා විසින් මෙහෙයවීය. මෙම වැඩසටහනට සහභාගී වූ විද්වත් මණ්ඩලයට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සුරේෂ් දයනාත් ද මෙල් මහතා, ව්‍යාපාරික සංවර්ධන උපදේශක, අතුල එදිරිසිංහ මහතා, කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී, බී. ඒ. එච්. එස්. ප‍්‍රීනා මහතා සහ කොමර්ෂල් බැංකුවේ භාණ්ඩාගාර අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී, අසේල විජේවර්ධන මහතා අයත් විය.

කොමර්ෂල් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ගනුදෙනුකරුවන් නොවන පිරිසද දැනුවත් කිරීම සඳහා ‘බි‍්‍රතාන්‍යයට තිබෙන අපනයන අවස්ථාවන්’ සහ ‘ඩිජිටල්කරණය සහ ව්‍යාපාරකරණයේදී ඩිජිටල් උපකරණ භාවිතා කිරීම’ පිළිබඳව මෙවැනිම ඇඉසබ්ර වැඩසටහන් දෙකක් බැංකුව විිසින් පවත්වා තිබේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව