සෙලාන් බැංකුව මාර්ගගත කාඩ්පත් ගනුදෙනු වල ආරක්ෂාව ඉහළ දමයි

Ruchith Liyanage

 



 

 

 

EMV Three Domain Secure (3DS) protocol 2.0 භාවිතා කරන මුල්ම බැංකු අතරින් එකක් බවට පත් වේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනු වල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන් බැංකුව මෙම ආරක්ෂක විධිවිධාන භාවිතා කරන මෙරට මුල්ම බැංකු අතරින් එකක් බවට පත් වී ඇත. මෙමගින් Master සහ Visa කාඩ්පත් භාවිතා කරමින් මාර්ගගත ගනුදෙනු සිදුකිරීමේදී වංචනික ක්‍රියාවන් සිදුවීමේ ඉඩකඩ අවම වන අතර, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තම ගනුදෙනු සම්පූර්ණ කිරීමටද අවස්ථාව ලැබේ.

මේ වනවිට ලොව පුරා පරිගණක, ටැබ්ලට් සහ ස්මාර්ට් දුරකථන වැනි උපාංග මෙන්ම Alexa සහ Google Home වැනි Internet-of-things (IoT) උපාංග භාවිතයෙන් ගනුදෙනු කිරීම බහුලව සිදු වේ. මෙම ක්‍රමවේදයන් මගින් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හා ඉක්මනින් තම ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබෙන නමුත්, එම ගනුදෙනු වලදී වංචනික ක්‍රියාවන් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතී. එම නිසා එවැනි වංචාකාරී ක්‍රියාවන් සිදුවීමේ අවදානම වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

සෑම විටම ආරක්ෂාවට මුල්තැන දෙන සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ගේ චර්යාවන් වෙනස් වීමට සාපේක්ෂව ගනුදෙනුවල සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් පියවර ගනී. මීට පෙර සෙලාන් බැංකුව තම කාඩ්පත් භාවිතයෙන් සිදුවන ගනුදෙනු වල ආරක්ෂාව සඳහා Three Domain Secure (3DS) protocol භාවිතා කර තිබිණි. 3DS මගින්, ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් අන්තර්ජාල අලෙවිසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීම වැනි card-not-present (CNP) වර්ගයේ ගනුදෙනු සිදුකිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනේ. මෙය තවදුරටත් පුළුල් කරමින් සෙලාන් බැංකුව දැන් 3DS 2.0  භාවිතයට ගෙන ඇති අතර, මෙමගින් ආරක්ෂාව වැඩිදියුණු කිරීමට අමතරව, දෝෂ සහගත ප්‍රතික්ෂේප කිරීම් සහ අනෙකුත් ගැටලු අවම කිරීමටද හැකි වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා කියා සිටියේ, 3DS 2.0 භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ශ්‍රී ලාංකික බැංකු අතරින් එකක් බවට පත්වීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බවයි. “මෙය ගනුදෙනුකරුවන්ට වැඩි ආරක්ෂාවක් මෙන්ම වැඩි පහසුවක් ලබාදෙන පියවරක්. අද දවසේ බැංකු මුහුණ දෙන විශාලතම අභියෝගයක් වන්නේ, වංචාකාරී ක්‍රියාවන් හඳුනා ගන්නා අතරම ගනුදෙනු වැරදි ලෙස ප්‍රතික්ෂේප වීම් අවම වන පරිදි, තාක්ෂණය හා ආරක්ෂාව සුසංයෝග කළ යුතු ආකාරය නිවැරදිව හඳුනා ගැනීමයි. මේ නව ආරක්ෂක විධිවිධාන මගින් වංචාකාරී ක්‍රියාවන් සිදුවීමේ අවදානම අවම කරමින්, සෙලාන් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම වඩාත් පහසු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. මේ නිසා මින් ඉදිරියට, පෙරටත් වඩා වැඩි විශ්වාසයකින් යුතුව තම ගනුදෙනු සඳහා සෙලාන් කාඩ්පත් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන්ට හැකි වේවි.” රුචිත් ලියනගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

3DS නව සංස්කරණය තුළ විශේෂාංග කිහිපයක්ම වැඩිදියුණු කිරීමට ලක්වී තිබේ. බැංකුව සහ අලෙවිකාර පාර්ශ්වය අතර දත්ත හුවමාරුව සුරක්‍ෂිත ලෙස සිදුවන නිසා වඩාත් විධිමත් ලෙස අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය සිදුකළ හැකි අතර, ගනුදෙනු වලදී වංචා සිදුවීමට ඇති ඉඩකඩ අවම වේ. එමෙන්ම නව සංස්කරණය ජංගම දුරකථන යෙදවුම් සහ IoT උපාංගද ආවරණය වන පරිදි සැලසුම් කර ඇත. ජංගම දුරකථන භාවිතයෙන් වාණිජ ගනුදෙනු සිදුවීම වේගයෙන් වැඩිවෙමින් පවතින පසුබිමක් තුළ නව සංස්කරණය ජංගම දුරකථන වලට හොඳින් ගැළපෙන ලෙස නිර්මාණය කර තිබේ. මීට අමතරව EMV 3DS සාම්ප්‍රදායික මුරපද වෙනුවට වඩාත් සුරක්ෂිත සහ පහසුවෙන් භාවිතා කළ හැකි, එක්වරක් පමණක් භාවිතා කරන මුර පද (One-time passwords (OTPs)  සහ ජෛවමිතික තහවුරු කිරීම් ක්‍රම (Biometrics) භාවිතා කරයි. එමෙන්ම එය මේ වනවිට ලොව පුරා රටවල් රැසක් CNP ගනුදෙනු සඳහා අනිවාර්ය කර ඇති ආකාරයට, ක්‍රම කිහිපයක් ඔස්සේ අනන්‍යතාව තහවුරු කළ හැකි ක්‍රමවේදයකි. මේ නිසා සෙලාන් කාඩ්පත් දැන් ලොව කලාප රැසක නිර්ණායක වලට අනුකූල වන කාඩ්පත් එකතුවක් බවට වී තිබේ.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව