සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ ‘නාම හවුල්කරු’ බවට පත් වෙයි

Kedella 2

2024 දෙසැම්බර්  23, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට නිවාස හිමියන් අතර අතිශය ජනප්‍රිය ප්‍රදර්ශනයක් වන මෙම ප්‍රදර්ශනය නැරඹීමට මෙවර 12,000 කට අධික පිරිසක් පැමිණියහ.
 



 
අඛණ්ඩව 18 වැනි වරටත් පැවති ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයට ගෘහෝපකරණ, ගෘහ-අලංකරණය, දේපළ, උද්‍යාන අලංකරණය, ගෘහ භාණ්ඩ, ටයිල්, නාන කාමර උපාංග සහ ආලෝකකරණ විසඳුම්  ඇතුළු කාණ්ඩ රැසක් ආවරණය කරමින් ප්‍රදර්ශන කුටි 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් විය. එය මෙරට නිවාස හිමිකරුවන් සහ ගැනුම්කරුවන් ඇතුළු සියලුම දෙනාට සිය ජීවන රටා අවශ්‍යතා සියල්ල එකම වහළක් යටින් සපුරාගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.

ප්‍රදර්ශනයේ නාම හවුල්කරු (Title Partner) වශයෙන් සෙලාන් බැංකුව ‘කැදැල්ල Art of Living’ වෙත පැමිණි නරඹන්නන්ට තම බැංකු සේවාවන් පිළිබඳව පැහැදිලි මගපෙන්වීමක් ලබාදීමට කටයුතු කළේ ය. නිවාස හා පෞද්ගලික ණය, සූර්ය බලශක්ති ණය (Solar Loans), ලීසිං, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම හා ඉතුරුම් ගිණුම් සහ ඩිජිටල් බැංකු සේවා ඇතුළු සේවාවන් රාශියක් ගනුදෙනුකරුවන්ට සෙලාන් බැංකුව වෙතින් ලබාගත හැකි වේ. මේ සියලුම සේවාවන් සැලසුම් කර ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් මනාව සැලකිල්ලට ගනිමිනි.

නිවාස හිමිකරුවන් සවිබල ගැන්වීමේ අරමුණ මුල් කරගෙන සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනයට දායක විය. තරගකාරී පොලී අනුපාත යටතේ නිවාස ණය ලබාගත හැකි ආකාරය සම්බන්ධයෙන් ප්‍රදර්ශනයට පැමිණි නරඹන්නන්ට නිවැරදි මගපෙන්වීමක් ලබාදීම සඳහා සෙලාන් බැංකුව විසින් නිවාස ණය විශේෂඥයන් කණ්ඩායමක්ද යොදවා තිබුණු අතර, විශාල පිරිසක් දැනුවත් කරමින් ඔවුන්ගේ නිවාස සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට එම කණ්ඩායමට හැකියාව ලැබිණි.

නිවාස මිලදී ගැනීම හෝ අලුත්වැඩියා කිරීම, ඉඩම් මිලදී ගැනීම සහ උද්‍යාන අලංකරණය සඳහා ණය පහසුකම් ලබාගැනීමේදී ගනුදෙනුකරුවන්ට විශේෂ පොලී අනුපාත සමග සේවා ගාස්තු සඳහා 50% ක වට්ටමක් හිමි විය. එමෙන්ම ප්‍රදර්ශනය පැවති කාලසීමාවේදී සූර්ය බලශක්ති ණය සඳහා ලියාපදිංචි වූ පුද්ගලයන්ට ඒ සඳහා විශේෂ පොලී අනුපාත පිරිනමන ලදි. මීට අමතරව සෙලාන් බැංකුව විසින් ප්‍රදර්ශනය පැවති කාලසීමාව පුරා දිනුම් ඇදීමක්ද සිදුකළ අතර, එහි ජයග්‍රාහකයන්ට දිනපතා වටිනා තෑගි වවුචර හිමි විය.

සෙලාන් බැංකුව පිරිනමන සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 011-200 88 88 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව