සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය සහිත ලීසිං සමගින් ඔබගේ සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න

Image

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී  ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලුතින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වනු ඇත.
 



 

මෙම නව ලීසිං ක්‍රමය, ගනුදෙනුකරුවන්ගේ සිහිනය සැබෑ කරන රථවාහන ආයෝජනයක් සඳහා සරල මාවතක් පිරිනමන සුවිශේෂී මූල්‍ය විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්ට සහ ව්‍යවසායකයන්ට මෙය අනගි අවස්ථාවක් වනු ඇත. සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය හිමි ලීසිං ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට රථවාහන ආනයනයේදී ආනයන බදු පියවීම සඳහා අත්වැලක් සපයන අතර, එමගින් ඔවුන්ට ණයවර ලිපි නිකුත් කිරීමේදී තරගකාරී කොමිස් අනුපාත හිමි වේ. එමෙන්ම ලීසිං සඳහා විශේෂ පොලී අනුපාත, නාවික රක්ෂණ සඳහා වට්ටම් සහ රථවාහන රක්ෂණ සඳහා වට්ටම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් මෙම ලීසිං ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට හිමි වනු ඇත.

මෙම ලීසිං පහසුකම් ලබාගැනීමේදී කඩිනම් සේවාවක් සමගින් ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ අවශ්‍ය සේවාවන් ලබාදීමටද සෙලාන් බැංකුව කටයුතු යොදා තිබේ. ගනුදෙනුකරුවන්ට මෙම ක්‍රියාවලිය තවදුරටත් පහසු කිරීම සඳහා විශේෂ උපදේශකවරයෙකුගේ මගපෙන්වීම ලබාදීමටද සෙලාන් බැංකුව පියවර ගෙන ඇත. මේ සියල්ල, සෑම විටම ගනුදෙනුකරුවන්ට මුල් තැන දෙමින් ඔවුන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි වේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව