
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආනයන සීමාවන් ලිහිල් වීමත් සමග රථවාහන ආනයනය කරන්නන් වෙනුවෙන් සුවිශේෂී සේවා එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවා එකතුවට වාහන ආනයනය සම්බන්ධ උපදෙස් මෙන්ම තරගකාරී අනුපාත යටතේ ලීසිං පහසුකම් සහ රක්ෂණ සේවාවන්ද ඇතුළත් වී තිබේ. පෞද්ගලික ආනයනකරුවන්ට මෙන්ම රථවාහන අලෙවිකරුවන් සහ නියෝජිතයන්ටද මෙම සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත.
ගනුදෙනුකරුවන්ට සහනදායී ගාස්තු යටතේ මෙම සේවාවන් ලබාගත හැකි වේ. වාහන මිලදීගැනීම පහසු කිරීම සඳහා සෙලාන් බැංකුව ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේ සිට පියවර තුනකින් යුත් විශ්වාසනීය විසඳුමක් පිරිනමයි. මේ යටතේ පාරිභෝගිකයන්ට ආකර්ෂණීය පොලී අනුපාත සමග ලීසිං පහසුකම් හිමි වන අතර, LOLC Insurance සමාගම හරහා සුවිශේෂී වට්ටම් සහිතව පූර්ණ රථවාහන රක්ෂණ මිලදී ගැනීමටද හැකි වනු ඇත.
සෙලාන් බැංකුව තම සේවා සඳහා පූර්ණ වශයෙන් ස්වයංක්‍රීයව තොරතුරු පද්ධතියක් භාවිතා කරයි. එමෙන්ම සෙලාන් බැංකුවේ ශාඛා 170 ක් දිවයින පුරා පිහිටා තිබේ. මේ නිසා පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කළ හැක. මූලික ක්‍රියාපටිපාටියෙන් අනතුරුව ගනුදෙනුකරුවන්ට තරගකාරී විනිමය හුවමාරු අනුපාත යටතේ රථවාහන ආනයන ගාස්තු පියවීමට අවස්ථාව හිමි වේ. මේ සඳහා සෙලාන් බැංකුව ලොව පුරා බැංකු 500 කට අධික සංඛ්‍යාවක් සමග එක්ව කටයුතු කරයි. මේ නිසා ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් ජපානය, තායිලන්තය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය යන රටවලින් රථවාහන ආනයනය කිරීමට හැකියාව ලැබේ.
එමෙන්ම රථවාහන ආනයනයේදී ගනුදෙනුකරුවන් ශ්‍රී ලංකා රේගුවට සිදුකළ යුතු ගෙවීම් සෙලාන් බැංකුව හරහාම සිදුකිරීමට අවස්ථාව සලසා දී ඇත. ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලු උපදෙස් හා මගපෙන්වීම් ලබාදීම සඳහා සෙලාන් බැංකුවේ විශේෂඥයන් කණ්ඩායමක් සූදානමින් සිටින අතර, රථවාහන ආනයනය මෙන්ම ලීසිං හා රක්ෂණ සේවා පිළිබඳ පූර්ණ මගපෙන්වීමක් ඔවුන්ගෙන් ලබාගත හැකි වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී ඩිලාන් විජේගුණවර්ධන මහතා පැවසුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් තම සිහින වාහනය මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සෙලාන් බැංකුවේ අරමුණ බවයි. ආනයනය කරනු ලබන වාහනය මහාමාර්ගයේ ධාවනය කිරීමට අවස්ථාව ලැබෙන තෙක්ම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් හා මගපෙන්වීම් සරලව සහ විධිමත්ව ලබාදීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඒ අනුව සේවාවන් සැපයීමට කැප වී සිටින බවත්, රථවාහන ආනයනය සහ ලීසිං පහසුකම් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලුම උපදෙස් හා තාක්ෂණික මගපෙන්වීම් සෙලාන් බැංකුවේ විශේෂඥයන් වෙතින් ලබාගත හැකි බවත් ඩිලාන් විජේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.