සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සවිබලගැන්වීම සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ අගය එකතුකළ Hosting සේවා පිරිනමමින් SLT-MOBITEL ‘Hosting Cub’ හඳුන්වා දෙයි

SLT Telecom logo (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ (MSMEs) වර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ වැදගත්කම අවබෝධ කර ගනිමින්, වැදගත් Hosting අවශ්‍යතා සපුරාලීම සඳහා Hosting Cub – Shared Web Hosting සේවාව හඳුන්වා දී ඇත.

SLT-MOBITEL, සිය Shared Hosting සහ Virtual Private Server (VPS) විසඳුම මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහනදායී මිලගණන් යටතේ Hosting සේවා පහසුකම, එම ව්‍යවසායවල සයිබර් පැවැත්ම සහ අනෙකුත් අගය එකතු කළ දීමනා පිරිනමයි.

Hosting විසඳුම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය සඳහා කාර්යක්ෂම විකල්පයක් වශයෙන් Shared Hosting සේවාව හඳුන්වා දී ඇත. මෙහිදී, සේවාදායක නඩත්තු සඳහා වැයවන සමස්ත පිරිවැය හවුලේ බෙදීයන අතර, කුඩා වෙබ් අඩවි හා Blogs සඳහා මෙන් ඉහළ කළාප ආවරණයක් (Bandwidth) අවශ්‍ය නොවන අඩු ක්‍රියාකාරිත්වයක් සහිත වෙබ් අඩවි සඳහා ද සේවය සලසයි.

මෙම Shared Hosting සේවාව Stellar, Stellar Plus, Stellar Pro සහ Stellar Business යනුවෙන් පැකේජ 4ක් යටතේ හඳුන්වා දී ඇත.  ‘Stellar’ පැකේජය මඟින් VSAN Disk ධාරිතාව සමතුලිත කිරීම සඳහා 1GB ඩේටා, මාසිකව 20GB ආවරණයක්, 2 Mbps වේගය, වෙබ් අඩවි 10ක් සඳහා භාවිතා කිරීමේ පහසුකම, SSL හරහා ආරක්ෂිත සම්බන්ධතාව, ගොනු හුවමාරු කළමනාකරණයට FTP ගිණුම්, අසීමිත ඉ-මේල් ගිණුම්, දත්ත කළමනාකරණය කිරීමට අසීමිත MySQL දත්ත සමුදායන්, අසීමිත Sub Domains සහ SLT හි අති නවීන දත්ත මධ්‍යස්ථානයේ සහ WordPress සහාය යනාදී පහසුකම් සැපයේ. පැකේජයේ මිල වසරකට රුපියල් 7500/= ක් පමණි.

එලෙසම Stellar Plus පැකේජය මඟින් VSAN Disk ධාරිතාව සමතුලිත කිරීම සඳහා වැඩිදියුණු කළ 2GB ඩේටා, මාසිකව 40GB ආවරණයක්, අනෙකුත් සියලුම අගය එකතු කිරීම්වලට අමතරව වෙබ් අඩවි 15 ක් සඳහා භාවිත කිරීමේ පහසුකම සහිත වැඩිදියුණු කළ පැකේජයක් ඉදිරිපත් කරයි. පැකේජයේ මිල වසරකට රුපියල් 12 000/= කි. Stellar Pro පැකේජය, VSAN Disk ධාරිතාව සමතුලිත කිරීම සඳහා 3GB ඩේටා, මාසිකව 100GB ආවරණයක්, වෙබ් අඩවි 30 ක් සඳහා භාවිතා කිරීමේ පහසුකම පිරිනමන අතර Stellar Business පැකේජය අනෙකුත් සියලු විශේෂාංග සමඟින් VSAN Disk ධාරිතාව සමතුලිත කිරීම සඳහා 5GB ඩේටා, මාසිකව 150GB ආවරණයක් සහ වෙබ් අඩවි 40 ක් සඳහා භාවිතා කිරීමේ පහසුකම ලබාදෙයි. Stellar Pro හා Stellar Business පැකේජයන්හි මිල පිළිවෙලින් වසරකට රුපියල් රු.16,500/= හා රුපියල් රු.25,500/= කි.

Hosting Cub – VPS Hosting සේවාව පාරිභෝගිකයන්ට Shared Hosting පහසුකමට සාපේක්ෂව දැරිය හැකි මිල, සරල බව සමඟ වැඩි ආවරණයක් සහතික කරයි.

මෙම පැකේජ Started, Premium, Extended, සහ Adavanced වශයෙන් සැලසුම් කර ඇති අතර, මූලිකව VPS Started විසඳුම මඟින් 1 Core,1 GB RAM, ධාරිතා කළමනාකරණය සඳහා 30GB, 2 Mbps වේගය, වෙබ් අඩවි 10ක් සඳහා වලංගුභාවය, SSL FTP ගිණුම්, අසීමිත ඉ-මේල් ගිණුම්, අසීමිත MySQL දත්ත සමුදාය, අසීමිත Sub Domains සහ SLT හි අති නවීන දත්ත මධ්‍යස්ථානයේ  සහ WordPress සහාය පිරිනමයි. පැකේජයේ මිල මසකට රු.21,500/= කි.

Premium, Extended, සහ Adavanced පැකේජ වැඩිදියුණු කළ පැකේජ වේ. අනෙකුත් සියලු පහසුකම් සහිතව Premium විසඳුම මඟින් 2 Core, 2 GB RAM, ධාරිතා කළමනාකරණය සඳහා 50GB සහ වෙබ් අඩවි 10ක් සඳහා වලංගුභාවය මසකට රු. 27,125/= ක මුදලකට ලබාදෙයි.

VPS Extended විසඳුම මඟින් 4 Core, 2 GB RAM, ධාරිතා කළමනාකරණය සඳහා 150GB සහ වෙබ් අඩවි 30 ක් සඳහා වලංගුභාවය මසකට රු. 49,750/= ක මුදලකට ලබාදෙයි. Advanced විසඳුම, 8 Core, 16 GB RAM, ධාරිතා කළමනාකරණය සඳහා 300GB, වෙබ් අඩවි 40 ක් සඳහා වලංගුභාවය රු.82,975/= ක මුදලකට ලබාදෙයි. SSL, FTP ගිණුම්, අසීමිත ඉ-මේල් ගිණුම්, අසීමිත MySQL දත්ත සමුදාය, අසීමිත Sub Domains සහ SLT හි අති නවීන දත්ත මධ්‍යස්ථානයේ සහ WordPress සහාය වැනි අනෙකුත් දීමනාද මෙම පැකේජ මඟින් ලබාගත හැක.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව